නිවිතිගල - කොළඹගම ප්රධාන මාර්ගය දොලොස්වල ප්රදේශයේ දී පතල් දෝණාවක් කඩා වැටීම නිසා ගමනාගමනය සම්පුර්ණයෙන්ම නතර වී තිබෙනවා.
මීට මාස හයකට පෙර රජයේ මුදල් කෝටි ගණනක් වැය කර මෙම මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කර තිබුණා.
මේ වන විට මාර්ගය ආසන්නයේ ඉදිකර ඇති ගොඩනැගිලි ද ගිලා බැස ඇති බවයි ප්රදේශ වාසීන් පෙන්වා දෙන්නේ.
දැනට රත්නපුර සිට කොළඹගම දක්වා පැමිණෙන බස් රථ දොලොස්වලින් නතර කර කොළඹගම සිට පැමිණෙන බස් රථ දොලොස්වල දක්වා පැමිණ මගීන් මාරු කර ප්රවාහන පහසුකම් තාවකාලිකව සකස් කර ඇත.
මාර්ගය හරහා දැව මුක්කු ගසා දෝණා හාරා ඇති අතර විදුලි පහසුකම් ද ලබා ගෙන අනවසර පතල් ජාවාරම සිදු කර ඇති බව ඔවුහු පෙන්වා දෙයි.
මාර්ගයේ කාපට් ඇතිරූ කොටස් දෝනාව තුළට කඩා වැටෙමින් පවතින බව අනාවරණය වෙයි.