මේ කියන්න යන්නේ කාන්තාවක් කළ අමුතු රඟපෑමක් ගැන කතාවක්..
කොළඹ සිට මහනුවර ගමනාන්තය දක්වා ධාවනය වෙමින් තිබු අතුරු සිදුරු නැතුව මගී ජනතාව පිරී සිටි බස් රථයකින්..
ඇය අරුමෝසම් ඇඳුමකින් සැරසී සිටි කාන්තාවක්.. ඒ විතරක් නෙවෙයි, ඇයට තිබුණේ කෙසඟ පෙනුමක්.. ඒ වගේ කාන්තාවක් ගැබිනියක් වෙන්න පුළුවන්ද..? බස්රථයේ පිරී සිටි මගී ජනතාව අතරින් ඇසුණේ මෙන්න මේ වගේ හඬක්..
"අපට වෙන්කළ සීට් එක දෙන්න.. මම බබෙක් හම්බවෙන්න ඉන්නේ..." ඇගේ වදන් කනවැකුන මගීන් එකිනෙකාගේ මුහුණු බලමින් කටකොනකින් සිනාසෙමින්.. "අපේ සීට් එක අපට දෙන්නෙ නෑනේ මේක ඩ්රයිවර්ටවත් කියන්න ඕනෑ.."
තමන්ට අසුනක් ලැබෙන තුරු අරඟල කර ඇය ඉන් පසුව කිව්වේ අන්න ඒ ගැනයි.. කාන්තාවක ගැබිනියක වීමෙන් පසු ඇගේ ශාරීරික අවයව බාහිර ලක්ෂණ මේ ගැබිනියක යැයි කියාගන්නා කාන්තාව සතු නොවුණා...
බස් රථයක් තුළ හෝ වෙනත් කිසියම් ස්ථානයකදී ගැබිනි මාතාවන්ට සෑම සමාජයකම තරාතිරම නොබලා ඒ මොහොතේම පහසුකම් සපයනවා..
බස්රථයේ අසුනක් ලබාගැනීමේ අරමුණෙන් තමන් ගැබිනියක් යැයි පවසමින් අපූරු රංගනයක යෙදුණු ඩෙනිම් කලිසමකින් සැරසී අරුමෝසම් විලාසිතාවකින් සැරසී සිටි මෙම කාන්තාව බස් රථයේ මඟී ජනතාවගේ සමච්චලයට බඳුන් වුණා..
අතරමඟදී බස්රථයෙන් බැසගත් තමන් ගැබිනියක් යැයි කියාගන්නා කාන්තාව "මට බබෙක් හම්බවෙන්න සිටියත් කවුරුත් සීට් එකක් දුන්නේ නෑ" යැයි පවසමින් තමන්ගේ උදරය අතින් පිරිමදිමින් පැවසුවා.. බස්රථයේ සිටි මගී ජනතාව සිනාසී ඇය දෙසම බලාසිටියා..