පසුගිය දිනවල ඇය ගැන අහන්න දකින්න ලැබුණේ ටිකක් වෙනස් විදිහේ කතාවක්..
ඇගේ රෝගී තත්වය කිසිවෙකුත් අපේක්ෂා නොකළ එකක්..
දැන් කේට් කුමරියට කොහොමද..? ඇයට ආදරය කරන ගොඩක් ද්නේක් ඒ ගැණ දැනගන්න කැමැත්තෙන් ඉන්නවා.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැනයි..
වේල්සයේ කුමරිය වන කේට් මිඩ්ල්ටන් සිය පිළිකා රෝගය සඳහා වන කිමෝ ප්‍රතිකාරය අවසන් කර තිබෙනවා...
බ්‍රිතාන්‍යයේ කෙංසින්ටන් මාලිගයෙන් නිකුත් කරන ලද වීඩියෝ පටයක් හරහා ඇය පැවසුවේ මෙම අසීරු කාලයේ තමන් සමග කටයුතු කළ සියලුදෙනාට කෘතඥතාවය පළකරන බවයි...
"ගිම්හාන කාලය අවසන් වීමත් සමඟ මගේ කිමෝ ප්‍රතිකාරය ද අවසන් වීම කෙතරම් අස්වැසිල්ලක්දැයි මට කිව නොහැකියි.
පසුගිය මාස 9ක කාලය පවුලක් ලෙස අප සියලුදෙනාටම ඇදහිය නොහැකි තරම් දුෂ්කර කාලයක් වුණා. ඔබ දන්නවා අපේ ජීවිතය ඕනෑම නිමේෂයකින් වෙනස් විය හැකියි. අපිට ඉතා අසීරුවෙන් මේ ගමන යන්න සිදුවුණා.
පිළිකාවකින් පීඩා විඳීම යනු සංකීර්ණ, බියජනක දෙයක්. විශේෂයෙන්ම අපේ සමීපතමයින්ට ඒක විශාල වශයෙන් බලපානවා.
මින් පෙර කිසිදා නොවූ විරූ ලෙස අපේම දුර්වලතාවලට මුහුණ දීලා සෑම දෙයක් දෙසම අලුතින් බලන්න අපට සිදුවෙනවා.
මෙම කාලය තුළ සියල්ලටම වඩා විලියම්ට සහ මට අවබෝධ වුණේ ජීවිතයේ වැදගත්කම සහ ආදරණීය බවයි.
පිළිකා රෝගයෙන් සුවය ලැබු මම දැන් කිමෝ ප්‍රතිකාරය අවසන් කර ඇති අතර මට පූර්ණ සුවය ලැබීමට තවත් කල්ගත වන නිසා ඒ වෙනුවෙන් මම සෑම දිනයක්ම වැය කළ යුතු වනවා.
කෙසේවෙතත්, මම හැකි සෑම විටම ඉදිරි මාස කිහිපය තුළ සීමිත පොදු කටයුතු සඳහා සහභාගි වෙන්න අපේක්ෂා කරනවා.
පිළිකාව සමග සටන් කරන සියලුදෙනා සමග මම අත්වැල් බැඳගන්නා අතර ඔවුන් සියලු දෙනාට ඒ දුක්ඛිත තත්ත්වයෙන් මිදීමට හැකි වේවා යනු මගේ පැතුමයි."