මේ කියන්න යන්නේ රාජ්‍ය සේවක ඔබ අනිවාර්යයෙන්ම දැනුවත් විය යුතු කතාවක්..
ඔබත් මේ විදිහට නිවාඩු ගන්න අයෙක් නම් මේ කියන කාරණය ගැන සැලකිලිමත් වෙන්නම වේවි..
රාජ්‍ය නිලධාරීන් නොදන්වා දින පහකට වැඩි කාලයක් සේවයට වාර්තා නොකළහොත් එම දින පහෙන් පසු එළඹෙන පළමු දින පහ තුළ සේවය හැර යාමේ නිවේදන නිකුත් කළ යුතු බවට රාජ්‍ය සේවා කොමිෂන් සභාව අමාත්‍යාංශ ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට චක්‍රලේඛයක් නිකුත් කරමින් දැනුම්දී තිබෙනවා..
මින් පෙර සිදුකර ඇති නිරීක්ෂණයකින් පැහැදිලි වී ඇත්තේ, ඇතැම් අවස්ථාවල සේවය හැරයාමේ නිවේදන නිකුත් කිරීම වසරකට වැඩි කාලයක් ගතවන බවයි..
කෙසේ වෙතත් මේ නව චක්රලේඛයෙන් පසු එම තත්වය වෙනස්වෙන බවටයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ..
