සමහර යාළුකම් තියනවා කියා ගන්න බැරි තරම් ආදරණීය..
සතුටෙදී වගේම දුකේදීත් ළඟ රැඳුන.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන කතාවක්..
කුමුදුමාලි ඩබ්ලිව්. යූ.. තවමත් ඇගේ නම කාට වුණත් මතක ඇති... මේ තරම් කාලයක් ඇයටත් එක්ක කට්ට කන්න එකද්ට හිටපු මිතුරියක් ගැන කුමුදුමාලි මෙන්න මේ විදිහට ආදරණීය සටහනක් එක්කරලා තිබුණා..
ඇත්තටම ඒ කතාව ඇතුලේ මේ දෙන්නා මොන තරම් නම් සමීපද කියන එක හොඳින්ම තේරෙනවා.. කාටහරි ඉන්නවා නම් තනි නොතනියට ළඟ ඉන්න මෙන්න මේ වගේ යාළුවෙක්...
ඒක ඇත්තටම වාසනාවක්.. ඔබටත් මේ සටහන කියෙව්වාහම එහෙම හිතේවි...
මේ 'ඇය' ගැන ලියන කතාව.. පොඩි හෑල්ලක්හැමෝට ම වගේ ස්තූති කරා, පෝස්ට් ලිඋවා...මේ අතර,ඇය හැමදාම මගෙන් දෙයක් ඇහුවා,"ඇයි මම විතරක් මේ කිසිම තැනක නැත්තේ ?" කියලා..මම, හැමදාම හිනාවකින් ඒකට උත්තරයක් නොදී ඇයව මගහැරියා..මගෙ වටේ හිටපු අයට ත් ඕක ප්‍රස්නයක් උනා.. "ඇයි මේ? හැමවෙලේම මම කියන්නෙ එක දෙයයි නෙහ්, නැන්ද ට කතා කරොත්, මාම ට, ආච්චිට, අම්මට , තාත්තට,, bla bla bla, හැමෝටම මම කියන්නෙ එක දෙයයි"දනූ ඉන්නවනේ, එයා බලාගනී ඒක"ඒත් ඇයි මේ මේ දෙන්නා ගෙ කිසිම දෙයක් නැත්තෙ, photo එකක් නෑ , කතාවක් නෑ. FB දාලා කියලා.ඕක ඉතින් හැමෝටම ප්‍රස්නයක් වුනා..දන්නව ද?මගෙ එක පුරුද්දක් තියනවා, උදේ නැගිට්ට ගමන් phone එක අල්ලන් නැති එක.. පොඩ්ඩක් මම මාත් එක්ක ම ඉන්න එක, දවස ට ආශිර්වාදයක් ලැබෙන්න , ඒ දවස නිදහස් මනසින් අරඹන එක.. හැබයි ඊට පස්සේ, phone එක අතට ගත්ත ම, නතර කරගන්න ම බැරි පුරුද්ද.. ඒ කියන්නෙ උදේ ම ම , මම හොයන එකම contact එක සහ කතා කරන එකම අංකය...මේ "ඇය"ඔන්න ගෙදර හිටියොත් නම් , මම උදේ නැගිට්ට ගමන්, හොයාගෙන ගිහින් වද දීලා, ඇයව ඇහරවන එලාම් එක මමඉතින් උදේ පාන්දර ඉදන්, මගෙ කච කචේ , ඉවරයක් නැතුව ඇහුම්කන් දෙන මේ "ඇය" ඉතින්, ඇයට , මගෙ පවුලෙ අයට මට දැන් පුලුවන් උත්තරයක් දෙන්න... ඇයි මේ ඇය ගැන මම මෙච්චර දවසක් නොලියන්න හේතුව ගැන.ඇත්තට ම , ඒ "මට බැරි උනා ඇයට අර්ථකතනයක්, ඒ කියන්නෙ ඇගෙන් මට ලැබුන ආදරේ ට අර්ථකතනයක් හොයන්න..."ඒත් දැන් මම ඇගේ ඒ සෙනෙහසට අකුරු ටිකක් ගලපනවා.. ඒ,"මැණික,ඒ නුබ තමයි..මට ලැබුණ, පණ ගැහෙන ,හොදම සහ එකමමේ ලොවේ හමුවීම්.."2024.09.07 ලියා තබමි මෙලෙස.. ඇය, මට හමුවෙන්නෙ 2011 වසරේ. අදට වසර 13 ක්අපි ටියුශන් එකේ එකට හමුවෙන්න ගත්තා, එයා මන් ගැන විමසන්න ගත්තා, ඉතින් අපි එකිනෙකා,,හොදින් හදුන ගත්තා... ටිකෙන් ටික අපි හොදම යාලුවො වෙන්න ගත්තා.. ඒ යාලුකම මට මහමෙරක් වගේ උනා. මට ආයිම බැදීමක් හිමිවෙන්න ගත්තා.., අලුත් පවුලක්, අම්මෙක් අප්ප්ච්චි කෙනෙක්, චූටි අය්යෙක් මුණ ගැහෙන්න ගත්තා.. මම ඉතින් "ඇගෙන් ඇගෙ අම්මා ව ,ඒ අම්මා ගෙ ආදරය ටික ට්ක උදුර ගන්න ගත්තා.. අප්පච්චි ගෙන් ආදරය කරුණාව අවදානය උදුර ගන්න ගත්තා.. එයා වෙනදා හුරතලේ ට රණ්ඩු කරගන්න චූටි අය්යා එක්ක මම රණ්ඩු කරන්න ගත්තා.. "ඇයට මන් ගැන තරහක් , ඉරිසියාවක් එන්න ඇති නේද? මේ මොන විකාරයක් ද කියලා හිතෙන්න ඇති නේද?ඒත්... දන්නවද, මේ ඇය , නිහතමානිව මට මේ හැමදේම දීලා , මම හිනාවෙන, මම සතුටු වෙන විදිය දකින්න ගත්තා... ටිකෙන් ටික කාලෙත් එක්ක අපි තව තව යාලුවො උනා.. ඒ යාලුකම එක වෙලාවක ට එක කුස උපන් සහෝදරියන් වගේ උනා, අපි හැමදේම බෙදාගත්තා.. විදගත්තා.. දරාගත්තා...සමහර කතා කියන්න ත් ලියන්නත් බෑ.. සමහර දුක් , වේදනාවන්, අපි දෙන්න අතර ගොඩක් තිබ්බා.. අමාරු කාල අපි දෙන්න ට ම ආව, එයා වෙනුවෙන් මම මට පුලුවන් විදිය ට හිට ගත්තා.. ඒත් ඇය ? මම වෙනුවෙන් හැමවෙලේම හිට ගත්තා..ඒත්,, මෙහෙම යද්දි , මේ මට සමහර කාල තිබ්බා, මම ඇයට හැමදාම කතා නොකරන්න පාර කැපුණු.. සමහර සබදතා තුලින් මම ඇගෙන් ඈතට යන්න ඇති, මාව වෙනතක යවන්නත් ඇති.. ඒත් මේ ඇය, හැමදාම මාව වෙනුවෙන් බලන් හිටියාදන්නවද, "කලකදී මම ඉතා ම ආදරෙන් බදාගත්ත, සබදතා තුලින් , දරුණුව ට ප්‍රතික්ෂේප වෙනකොට ,ඒ ප්‍රතික්ෂේප වීම් තුල මට මාව හොයාගන්න බැරි උනා.."ඒත් ඇය , කොයි ලෝකෙ ඉදන් හරි, මාව හොයාගෙන එන්න ඒ කියන්නෙ මේ සෙනහස ට හය්ය තිබ්බා..වැටෙන වැටෙන කොට, හැපෙන හැපෙන කොට, නැගිටින්න ශක්තියක් ඇය මට එකතු කරා.. නිතර ම වගේ මටත් අමතක වෙන,මගේ වටිනාකම මට කියලා දුන්නා..“සමහර දවස් තිබ්බා, මම මගේ ගමන එනකොට, කර කියා ගන්න බැරිම වෙච්ච.. “එතකොට විසදුම් නැති උනත් , ඔලුව නිදහස් කරගන්න, කතා කරගන්න , පොඩි සංවාදයක ට ඇය මට අවසර දුන්නා...විටක මගෙ අක්කා වගේ, තවත් විටක මගෙ නංගි වගේ, හැබැයි තවත් විටක මගෙ අත්තම්මා ත් වගේකරන මොට්ට වැඩ හැම එකට ම සමාව දීල, බැනලා හරි , මාව ගෙදරට ගොඩ කරගත්‍තා...ඇය සහ මම අතර කිසිම රහසක් නැති තරම්..වරු ගනන් අදට ත් අපිට තියෙනවා, අපි වින්ද, අපි ගතකරපු , අපි කරපු මොට්ට වැඩ රස කර කර කියවන්න... දවසක අපි දෙන්න අතර තියන කතා, අපි දෙන්න එක්ක ම පොලවට පස් වෙලා යන්න පුලුවන් . ඒ තරම් විශ්වාසවන්ත ම සෙනෙහසක්...ඉතින්, මම ගන්න හැම ජයක දි ම ඇය , නිහතමානි ව මට සුබ පැතුම් එකතු කරා.. ඒ දෙස බලන් හිටියා..මම මේ ආව ගමන, මේ දුර ට ,ඇය ලොකුම ලොකු හේතුවක් උනා.. මාව කිසිම මොහොතක තනි නොකලා.. අද වගේ නොවෙයි, ඉස්සර... මහ පාන්දර බස් වල නැගලා මම ගමෙන් කුරුණෑගල ට එනකොට, සමහර දවස් තිබ්බා, දවසෙ ම බඩගින්නෙ හිටපු මන්... එත් ඇය , වතුර බෝතලේ ඉදන්, මට කන්න බොන්න සේරම උස්සගෙන ක්ලාස් වලට ආවා... විඩාබර ව ජීව්තේ අනියත බව සිහිවෙන මට, ඇයව දැකීමත් ප්‍රාණවත් දවසක් උනා...අපි දෙන්න ඉස්සර කඩවල් ගානෙ ඔහේ ඇවිදිනවා, ආසම ඉතින් රෙදි කඩ ගානෙ යන්න යි.. ක්‍රීම් කඩ ගානෙ යන්නයි..කවදාවත් ගන් නෑ.. නැරඹුම පමනයිඊට පස්සෙ වැව රවුමේ පාර උඩින් ගෙදර එනකොට , හැමදාම කිඋවෙ, කවදහරි දවසක ඕව ඕන ඕන විදියට ගන්න අපි හොද ජොබ් කරමු අනේ කියලා.. ඒ තරම් ඒ දවස් වල හීන හරි අහිංසකයි...ඔහම ඔහම යනකොට, මට ත් ඇයට ත් ඇත්තට ම හැකි උනා, ලංකාවෙ තියන ලොකුම රෙදි කඩේක ට උනත් ගිහින් ඕනම දෙයක් මිල ට ගන්න.. ඇයි, "අපි උත්සහ කරා, ඉගෙන ගත්තා, අපිම දේවල් උපය ගත්තා..."දන්නව ද , "මට ඕන උනා දවසක ඇයට කියන්න.. ඉස්සර ආසවෙන් පොඩි පොඩි දේවල් ගන්න, ෆැන්‍ටසි පෙම් කතා එක්ක, අපි බලපු අහිංසක හීන, අපි වයසට යද්දි දරදඩු උනා කියලා..."ඇගෙයි මගෙයි කතා වෙන වෙන ම පිටු වල ලියවුනා.. අපි වෙන වෙන මග ගියා..ඒත් අපි හිත් වලින් හැමදාම එකම තැන හිටියා..ඔන්න ඔහම කාලයක් යද්දි, ලස්සන කුමාරයෙක් ඇවිත් ඇගෙ අත අරගත්තා.. ශ්වෙත වර්ණ සේල සලු ඇදගෙන, සත් මාල කර පලන්දා, ඇය ලස්සන ම මනමාලියක් උනා...ඇත්ත ට ම ඇය හැඩගැන්වෙන තැනේ ඉදන්, මන් බලන් හිටියා.. මම මේ ලොකෙ දැකපු ලස්සන ම මනමාලි ත් ඇය උනා..ඇය ඇගේ අලුත් ලෝකෙ ලස්සනට ටික ටික පාට කරන්න ගත්තා.මම ඉතින් ඒත් හැමදාම එයාලට ඩිස්ටබ් කරාඔහම ඔහම යද්දි , කටුක කාල ගොඩක් එක්ක මම ඩිග්‍රි එක ඉවර කරන්න ළං උනා.. ඒ කාලෙ මම ගෙව්ව තනි ජීවිතේ කවදාවත් මාව තනි නොකරන්න ඇය කටයුතු කරා.. කොහෙ ගියත් මාවත් එක්කන් ගියා.. කොටින් ම කිවුවොත් ඇය සමග මම හැමතනම ගියා.. මාව එක්ක ගියා.. ඇත්තට ම මම ඇයත් එක්ක නොගිය එකම ගමන ඇගේ හනි හනි මූන් එක විතරක් වෙන්න ඇතිඇත්ත ටම ඇය මාව තනි නොකරා...ඉතින්, ඇය එදා ඉදන්ම මට අම්ම කෙනෙක් වගේ උනා, එයාගෙ හිත ගත් අත ගත් කුමාරය ත් මම ත් සහෝදරයො වගේ ම උනා..ඔන්න ඔහොම මම ඩිග්‍රි එක ඉවර කලා... ගිය අවුරුද්දෙ ඔක්තොබර් වෙනකොට ම මම තීරනය කරලා ඉවර උනා, මම අද මේ ඇවිත් ඉන්න රටට එන්න ඕන බව..ඇය මේ ගැන ගොඩක් සතුටු උනා..දන්නව ද , එදා ඉදන් දැන් සති දෙකක ට කලින් වෙනකම්, ඒ කියන්නෙ මම මෙහෙ එනකම් ම මාව මේ ගමන පරිස්සම ට එවන්න, නිදි මරාගෙන, අඩුපාඩු හද හද , මගෙ හැමදේම කරේ "මගෙ මේ දෙවෙනි අම්මා"ඇය..“දනූ?අද නුවර එන්න. මට බෑ මේව කරන්න තනියම..දනූ? අද කොලඹ යමු ද දනූ? මම මේව කරන්නෙ කොහොම ද? “හැමවෙලේම දනු,,,,රෑ හිනෙනු ත් ඇය ඇය ඇය විතරයි...පහුගිය අවුරුදු කිහිපය,, ඒ කියන්නෙ 2022 මුල ඉදන් මේ වෙනක්ම් ම මට මෝඩ තීරන ගන්න නොදී, මාව පරිස්සම් කරන ඇය... මාව දියමන්තියක් ව ඔප දාපු ඇය...නපුරු ඇස් වලින් මාව පරිස්සම් කරන, මගෙ ඇස් වහ කට වහ පුච්චන ඇය....මගෙ දෙවෙනි අම්මා ම නොවේද??අනේ මට ලියන්න ලියන්න වචන මතක් වෙනවා.. මේ ලියන එක නවත්තන්න හිතෙන්න ම නෑ... ඒ තරම් ඇය ඇය ඇය.....මගෙ හිතේ මතුවන වචන සිදෙන් නැති උල්පත යි.ඔන්න ඔහොම , මට මෙහෙ එන්න ගොඩක් ළං උනා.. වැඩ හොදට ම වැඩි උනා.. දන්නවනේ , මම වැඩ වැඩිඋනාම නිදාගන්න කෙනෙක්ඒත් මට දවස් ලන් උනත්, කොච්චර, බයක් තිබ්බෙම නෑ..ඇයි? ඒ ඇය නිසා..දන්නව ද? මගෙ මෙහෙ ගෙනාව එක බෑග් එකක වත් තිබ්බ දේවල් මන් දන් නෑ.. අඩුම ගානෙ මොන ඇදුම ද මම ගෙනාවෙ කියලා දන්නෙ නෑ.. මේ ඇත්තමයි.ඒ කිසිම දෙයක් මන් අස් කරන්න තියා ඇල්ලුවෙත් නෑ.. මම කාමරේ සැපට නිදි.. අනේ මහ පාන්දර වෙනකම් , මේ ඇය හැමදේම අස් කරා, පිලිවෙලක් කරා... මට ඕන වෙයි කියන හැමදේම හොයලා අස් කරා...මහ පාන්දර තනියම සාලෙට වෙලා, මගෙ හැමදේම අස් කරලා, මට මෙහෙ එන්න ඕන කෑම බීම ද හැමදේම එයා පිලියෙල කරා..ඒක මගේ ම අය ඇස් දෙකෙන් ම දැක්කා.. හරියට ම අම්මෙක් දුවක් ට කරන දේවල් හැමදේම කරා..ඇය නිහඩවම කිසිවක් නොකියා හැමදාම වගේ, මගෙ සියල්ල ම සම්පූර්න කරා..ඔන්න ඉතින්, අවසානම දවස ආව... Graduation ගිහින් අපි එන ගමන්... " එක පාර ම මහ වැස්සක් කඩා හැලෙනවා වගේ, ඇය ඇගේ හිතේ නිහඩව හංගා ගත් සියලු ම දේ කියාගෙන සුසුම් හෙලුවා... දන්නව ද මන් වෙනුවෙන් ඒ වගේ කවුරුත් ම මේ ලෝකෙ අඩලා නැතුව ඇති කියලා මට හිතුනා... එච්චර වේදනාවක් එන්න කොච්වර ආදරයක් ඒ හිතේ හංගාගෙන ඉන්න ඇත් ද? මේක ද ඇත්ත ට ම ආදර ය කියලා මට ඒ වෙලේ හිතුනා" හිතේ හන්ගන් හිටිය වේදනාව, මගෙ වෙන් වීම , එයා ඒ මොහොතේ එහෙම පිට කරා... ඒත් මම කලු ගලක් වගේ නෙහ්.. මම ඇයව සැනසුවා.අවසන,, මන් ඇගෙන් මෙහෙම දුරක ට ආව... හිතේ ගැබුරෙන් ම අපිට ප්‍රේම කරන මිනිසුන් හමුවෙන්න පුලුවන්.. ඒත් ඒක හරිම අල්පයක්..හිතේ අස්සක් මුල්ලක් නෑර ම එකම හිතින් සෙනෙහස දෙන යාලුවොත් ඉන්න පුලුවන්, ඒත් ඒකත් හරි ම අල්පයි...ඉතින් මට මේ හමුවෙන ඇය , මට මේ සංසාරේ මුණගැහුන යාලුවෙක් ට ත් ප්‍රේමයක ට ත් එහා ගිය අල්පයෙනුත් එකෙක්... ඇය ඉතාම සුන්දර යුවතියක්..සැබැවින් ම මට ආදර්‍රෙ දුන් ප්‍රේමවන්තියක්.. ඉතින් මෙවැනි යාලුවෙක් ඉන්න තැන ,, මම කොච්චර වාසනාවන්තියක් වෙන්න පුලුවන් ද? අදට ත් මට උදේ ම නැගිටිද්දි එන පලවෙනි ඇමතුම,නිදාගන්න යද්දි, සමහර විට මට නින්ද යන්නේ මේ ඇමතුම මත... ඒ ඇය... මට ඉන්න , එකම , හොද ම කල්‍යාන ප්‍රේමය , ඇය... ඒ නුබ, දනූ