මේ කියන්න යන්නේ තවත් අවාසනාවන්ත කතාවක්..
යාගී සුළි කුණාටුව, මේ වෙද්දී ලෝකේ හැම කෙනෙක්ම ඒ ගැන කතාවෙනවා... ඒ වගේමයි මේ අනතුර..
යාගි සුළි කුණාටුව හේතුවෙන් වියට්නාමයේ පුද්ගලයින් 60 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.
මේ වසරේ ආසියානු මහද්වීපයට බලපෑ දරුණුතම සුළි කුණාටුව මෙය වන අතර ඒ හේතුවෙන් උතුරු වියට්නාමයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ එරට ප්‍රාන්ත 12ක පාසල් වසා දමා ඇති අතර වෙරළ ආශ්රිත කලාපයෙන් පනස් දහසක අධික පිරිසක් ඉවත් කර ඇති බවයි.
යාගි සුළි කුණාටුව පළමුව චීනයට කඩා වැදුණු අතර ඉන් පුද්ගලයින් 24 දෙනෙකු මිය ගියා.
එසේම ඉන් සිදුවූ බලපෑමෙන් උතුරු වියට්නාමයේ පාලමක් කඩා වැටී මෝටර් රථ 10ක් සහ යතුරුපැදි දෙකක් රතු ගංගාවට වැටී තිබෙනවා..
සිදුවීමෙන් පූද්ගලයින් 13දෙනෙකු අතුරුදන්ව තිබෙන බවයි වාර්තා වන්නේ..
යාගී සුලි කුණාටුවෙන් වැඩිම බලපෑම් එල්ල වී ඇත්තේ වියට්නාමයේ උතුරු ප්‍රදේශයට වන අතර ඉන් මියගිය සංඛ්‍යාව මේ වනවිට 59 දක්වා ඉහළ ගොස් තිබෙනවා..
පුද්ගලයින් 44 දෙනෙකුම මියගොස් ඇත්තේ අධික වර්ෂාවත් සමග ඇතිවු නාය යෑම් හේතුවෙන්..