ආනන්ද වික්‍රමගේ සහ මානෙල් වානගුරු කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන දක්ෂ ජනප්‍රිය ජ්‍යේෂ්ඨ රංගන ශිල්පීන් දෙපළක්..
ඔවුන් දෙනාගේ දරුවන් දෙපළත්, මේ වෙද්දි කලාවේ නියැළීම සතුටක්.. ජනිත්, සංගීත් කලා ලෝකයට අත්පොත් තියන්නෙම අම්මගෙන්, තාත්තගෙන් ලැබුණු ආභාසයත් එක්ක.. ඉතින් ඔන්න මේ කියන්න යන්නේ නම් ඒගොල්ලන්ගේ රංගන ජීවිතය ගැන කතාවක් නෙවෙයි..
කලා ලෝකයේ මොනතරම් දෙනා ඒ අය ගැන කතාබහ කරත් ඒ අයටම වෙන් වෙච්ච සුන්දර පවුලක් තියෙනවා.. ඔන්න ඉතින් කාලෙකට පස්සේ ඒ අය හැමෝම එකතුවෙලා.. ඒ හමුවීම විශේෂ වෙන්නේ සංගීත්ගේ පුංචි පුතා ආච්චීවයි, සීයවයි බලන්න ආව එකලු..
පළවෙනි පාරට තමයි මෙන්න මේ විදිහට ඒ පුංචි පැටියව මේ අයට දැකගන්න පුළුවන් වුණේ..
ඉතින් මේ සුන්දර අවස්ථාව ගැන හැමදාම මතකයේ රැඳෙන්න ඕන නිසා ජනිත්, සංකේත අයිය මලෝ දෙන්නා මෙන්න ඒ ගැන එයාලගේ සමාජ මාධ්‍ය ගිණුම්වල පළ කරන්නත් අමතක කරලා තිබුණේ නැහැ..