දිවයිනේ නිරිත දිග ප්‍රදේශ වලට දැනට පවතින වැසි තත්ත්වනේ තරමක වැඩි වීමක් අද සිට ඉදිරි දින කිහිපයේ දී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සදහන්.
එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශ වලට මිලි මීටර 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඌව පළාතෙත් අම්පාර සහ මඩ කළපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව සදහන්.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට, මොණරාගල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර 40-50 ක පමණ තද සුළං ඇතිවිය හැකි බවත් කාලගුණ නිවේදනයේ සදහන්.