"මගේ ආදරී, මගේ සෙනෙහෙසේ නවාතැන, මගේ ආදරණීය දරුවන්ගේ අම්මා, මගේ ලස්සන බිරිඳ..."
ඇය ගැන කියන්න ඔහුට බොහෝ දේ ඇති..
සජීව් රාජපුත්‍ර.. ඔහු ගැන ගොඩක් දෙනෙක් දන්නේ දක්ෂ ව්‍යාපාරිකයෙක් , ව්‍යවසායකයෙක් විදිහටයි.. සමාජමාධ්‍යවල ඔහු ජනප්‍රිය චරිතයක් නිසාත් සජීව්ගේ ලස්සන පුංචි පවුල නිසාත් මේ වෙනකොට ඒ අය තවත් ජනප්‍රිය වෙලා..
ඉතින් අවුරුදු ගානක් පවුලක් විදිහට සතුටෙන් කාලය ගෙවන්න ලැබෙනවා කියන්නේ ඇත්තටම භාග්‍යක්.. දැන් ඒ දෙන්නාගේ විවාහ ජීවිතයට වසර ගණනාවක්.. වසරක් , දෙකක්, දශකයක් කියලා වෙනසක් නෑ..
ඒ ආදරය එන්න එන්න වැඩිවෙනවා විතරයි.. පුංචි පැටව් පස්දෙනාත් එක්කම සජීව් වගේම දිමුතු මෙන්න එයාලාගේ විවාහ සංවත්සරයට ලස්සන ෆොටෝ ෂූට් එකක් කරලා.. මේ බලන්නකෝ ඒ වෙනුවෙන් සජීව් එක්කරලා තිබුණ ආදරණීය සටහන..
අපේ විවාහ ජීවිතේ දශකයයි, දෙකයි, කියලා අපි මේ විදිහට සැමරුවට, ඔයාගෙයි මගෙයි ආදර කතාව පටන් ගත්තේ අපි දෙන්නගේ සංසාර ගමනේ පටන් ගැන්මත් එක්ක.
මේ ජීවිතේ එක තැනක දී තාවකාලිකව මරණය කවද හරි අපි වෙන් කලත්, ඊලඟ උපදින ආත්මයක් ආත්මයක් පාසා මම සංසාරේ ඉමක් නිමක් නැති අපේ ආදරේ හොයාගෙන එනවා.
මගේ ආදරී, මගේ සෙනෙහෙසේ නවාතැන, මගේ ආදරණීය දරුවන්ගේ අම්මා, මගේ ලස්සන බිරිඳ, Happy Anniversary!