හැම ප්‍රේම කතාවම එක වගේ සුන්දර නැහැ..
කොහොම වුණත් නීතියෙන් දෙදෙනෙක් බැඳුනා නම් අනිවාර්යයෙන්ම ඒ බැඳීම ඇතුලේ වටිනාකමක් තියනවා..
ඒත් සමහරුන්ට නම් මේ වටිනාකම රැකගන්න එක පවා විහිළුවක් වෙලා.. මේ කියන්න යන්නේ අන්න ඒ වගේ කතාවක්..
අනියම් පුරුෂයෙකු සමග හෝටලයක රාත්‍රියක් ගත කළ කාන්තාවක් පසුදින සිය විවාහක සැමියා සමග ගොස් පොලිසියට බොරු පැමිණිල්ලක් සිදුකළ බව වාර්තා වනවා...
නාදුනන තිදෙනෙකු විසින් සිය මුහුණට ලේන්සුවක් අල්ලා මෝටර් රථයක දමා පැහැරගෙන ගිය බවටයි බොරු පැමිණිල්ල සිදුකර ඇත්තේ...
තමන් සේවය කරන ගුවන් හමුදා කඳවුරට යතුරුපැදියෙන් යමින් සිටියදී මෙම පැහැරගැනීම සිදුකළ බවද පොලිසියට පවසා තිබෙනවා...
මෙම බොරු පැමිණිල්ල කළේ යැයි කියන ගුවන් හමුදා සෙබළියට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට පියවර ගෙන ඇතැයි පුත්තලම මූලස්ථාන පොලිසිය පවසනවා...
පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයෙන් කෙරුණු නියෝගයක් අනුව එම සෙබළියට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට පියවර ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ...
සැකකාර ගුවන් හමුදා සෙබළියගේ නිත්‍යනුකූල විවාහක සැමියා ද ගුවන් හමුදා සෙබළෙකු බවයි වාර්තා වන්නේ...
දරුවන් සිටින මෙම කාන්තාව කලක සිට අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බව පැවසෙනවා...
අනියම් සැමියා බව කියන තැනත්තා නැගෙනහිර පළාතේ ගුවන් හමුදා කඳවුරක රාජකාරි කරන්නකු බවට හෙළි වී තිබෙනවා...
අනියම් සැමියා සමග කලින් යොදාගත් සැලසුමකට අනූවයි ඔහුගේ පියාගේ මෝටර් රථයෙන් දෙදෙනා ගොස් හෝටලයක රාත්‍රිය ගතකර ඇත්තේ...
ඉන් පසුදින උදේ නිකවැරටිය පොලිසිය වෙත ගොස් මුලින්ම බොරු පැමිණිල්ල සිදුකළ බවයි වාර්තා වන්නේ...
එහිදී පොලිසියේම දුරකතනයෙන් නීත්‍යානුකූල සැමියාට තොරතුරු දන්වා තිබෙන බවද පැවසෙනවා...
පසුව එම ස්වාමියා සමග පුත්තලම පොලිසියට ගොස් නැවත පැමිණිල්ල සිදුකළ බවයි පොලිසිය කියන්නේ...
පැහැරගෙන ගොස් නොදන්නා ප්‍රදේශයක පාළු නිවසක රඳවාගෙන අතවර කළ බවද ඇය පැමිණිල්ලේ සඳහන් කර තිබෙනවා...
පසුදා එම මෝටර් රථයෙන්ම නිකවැරටිය ප්‍රදේශයට ගෙනැවිත් දමා පලා ගිය බවයි පවසා ඇත්තේ...
පසුව පොලිසිය කරුණු විමසා සැකසහිත මාර්ගයක සී.සී.ටී.වි පරීක්ෂා කොට මෝටර් රථයක් හඳුනාගෙන තිබුණා...
අනතුරුව එහි හිමිකරු වාහනය සමග අත්අඩංගුවට ගත්තා...
එහිදී සිය පියා අත්අඩංගුවට ගත් බව දැනගෙනයි පෙර කී කාන්තාවගේ අනියම් පුරුෂයා නීතීඥයෙකු මාර්ගයෙන් පුත්තලම පොලිසියට බාරවී තිබෙන්නේ...
අනතුරුව පැහැරගෙන ගිය බවට බොරු පැමිණිල්ල සිදුකළ කාන්තාව නීතීඥයෙකු මාර්ගයෙන් පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට බාරවී ඇති බවයි පොලිසිය පැවසුවේ...