සමහර වෙලාවට අපි රැවටෙන්නේ කිසිදෙයක් හිතාගන්න බැරි වෙන විදිහට..
මේ කියන්න යන්නේ තවත් අන්න ඒ වගේ කතාවක්..
මේ කතාව ඇසෙන්නේ ගාල්ල පැත්තෙන්.. කොහොමද මෙහෙම දෙයක් වුණොත්, ඔයාත් රන් ආභරණවලට කැමැත්තක් දක්වන අයෙක්නම් මේ කතාව ඇසුවාම ඔයාට මොනවා හිතේවිද..?
සූදූ පොළේදී උකසට ගත් රන් මුදුව නගරයේ උකස් මධ්‍යස්ථානයේදී රිදී බවට පත්වූ කතාවක් ගැන තමයි මේ කතාව..
මේ සූදු පොළට ඔහු යන්නේ සූදුවටම නොවේ... සූදූවේ යෙදීම අතුරුඵලයක්...
සූදු කෙළියේ යෙදී සිටියදී අන් අයගේ කනේ අතේ තිබෙන රන් ආභරණ සහ ඔවුන් සූදු පොළට ආ යතුරු පැදිය සොච්චම් මුදලකට උකසට ගෙන ඒවා සින්න කොට ගෙන වැඩි මිලකට අලෙවි කොට ලොකු ලාභයක් ගැනීම මේ සූදු පොළට යන ඔහුගේ ප්‍රධාන අරමුණයි.. ඒ අවස්ථාව උදාවනතෙක් ඔහු ඔට්ටු අල්ලමින් සිටියා...
එදා සූදුවේ යෙදී සිටියදී කුජීතවූ අයකු තවත් සූදු කෙළීම සඳහා අවශ්‍ය මුදල් ලබා ගැනීමට ඔහු උකස් කළේ අතේ ඇඟිල්ලක පලඳා තිබූ මුද්දයි... ලොකුවට ලොකුවේ දිලිසි දිලිසි තිබූ මේ මුද්ද ඔහු උකසට ගත්තේද ලොකු මුදලකටයි...
එහි බරේ හැටියට තමන් දුන් මුදලට වඩා කිහිප ගුණයක් මේ මුද්ද විකුණා ගත හැකියයි ඔහු සිතුවා..
මුද්දේ උකස් කාලය පැන්නා..
ඒ නිසාම ඔහු නගරයේ උකස් මධ්‍යස්ථානයකට ගියේ එය හොඳ මිලකට අලෙවි කිරීමටය. උකස් මධ්‍යස්ථානයේ සේවිකාවක් ඔහු දුන්නු මුද්ද රන් දැයි සොයා බැලීමට උරගා බැලුවා... ඇගේ නළල රැළි වැටුණා... මහත්තයා මේක රන් මුද්දක් නොව රිදී යයි ඇය කීවිට ඔහුගේ ඇඟට දහදිය දැම්මේ ඇඳ සිටි ඇඳුමද තෙත් කරමින්..