ගුවන්විදුලියෙන් ඔබට ඇසෙන හඬවල් හරිම ආදරණීයයි..
ඒ විතරක් නෙවෙයි, ඒ හඬවල් සදා මතකයේ රැදෙනවා..
මේ කියන්න යන්නේත් අන්න ඒ වගේ නොමියෙන් හඬක් ගැන ඇසෙන කතාවක්..
ප්‍රවීණ නිවේදකයකු, ප්රමුඛ පෙළේ ප්රවෘත්ති ප්‍රකාශකයකු මෙන්ම ජ්‍යෙෂ්ඨ ගුවන් විදුලි මාධ්‍යවේදියකු වන ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වෙළෙඳ සේවා අධ්යක්ෂ සුජීව හරිස්චන්ද්‍ර අභාවප්‍රාප්ත වී තිබෙනවා..
ඔහු මිය යන විට 59 හැවිරිදි වියේ පසුවුණා.. මාතර ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරීමෙන් අනතුරුව රුහුණු සේවයට බැඳෙන ඔහු, එහි ආරම්භයේ සිටම එහි සාමාජිකයෙක්ව කටයුතු කළා..
ඔහුගේ දේහය බොරැල්ලේ මල්ශාලාවේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු හෙට බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතයි.. ප්‍රවීණ නිවේදකයෙකු සේම හඬ පෞරුෂයෙන් කාගේත් ආකර්ශනය දිනාගත් ඔහු, ගීත කිහිපයක් ප්‍රවීණ සහ නවක ගායක ගායිකාවන් වෙනුවෙන් රචනා කර තිබෙනවා..