වනිඳු හරසංග ගැන පසුගිය කාලය පුරාවට අහන්න දකින්න ලැබුනේ එතරම් යහපත් ප්‍රතිචාරයක් නෙවෙයි.
ඒ නිසාම ඔහු 20-20 නායකත්වයෙන් පවා ඉවත් වුණ අතරම කාලයක් ඔහු නිහඬව සිටියා.
මේ දිනවල ඔහු කැරීබියන් ප්‍රිමිය ලීගය සඳහා පිටත්ව ගොස් තිබෙනවා.
ඔහු අද තරගයේදී ලකුණු 14ට කඩුලු 4ක් ලබා ගැනීමට සමත් වුණා.
මේ අතරම පිත්තෙන් පන්දු 14කදී ලකුණු 23ක්ද ලබා ගත්තේ හයේ පහර 2ක් සහ එක් 4 පහරක් සමගින්.
ඔහුගේ නවතම කොණ්ඩා විලාසිතාව ගැනද ක්‍රීඩාලෝලීන්ගේ කතාබහට ලක්ව තිබෙනවා.