මේ වගේ ශරීරයේ අභ්‍යන්තරයේ ඇති අපට පියවි ඇසට නොපෙනෙන, නොදැනෙන ප්‍රශ්න අපට කියන්න ශරීරය විවිධ ලෙස උත්සහ කරනවා. තමන්ගේ ශරීරයට ඇහුම්කන් දෙනවා කියන එක සෞඛ්‍යවත් ජීවිතයක මූලික අවශ්‍යතාවයක්.
අපි අද ඔබ වෙත ගෙන එන්නේ මේ විදියට ශරීරයේ ඇති වෙන විවිධ කුඩා වෙනස්කම් වෙත අවධානය දීමෙන් ඔබට හඳුනාගත හැකි දේවල් පිළිබඳවයි.
01. කකුලේ කූඹින් දුවනවා වගේ කිතියක්
කකුලේ කුඩා කෘමීන් ඇවිදිනවා වගේ, කිතියක් වගේ හැඟීමක්, කකුල් තදින් සෙළවීමේ අවශ්‍යතාවයක් ඔබට ඇති වෙනවා නම්, ඒකෙන් කියවෙන්නේ ඔබට “අවිවේකි දෙපා සින්ඩ්‍රෝමය” තිබෙන බව වෙන්න පුලුවන්. මේ තත්වය බොහෝ විට ඇති වෙන්නේ වෙහෙසකර දවසක් අවසානයේ විවේකයක් ලබ ගන්න උත්සහ කරන විටයි.
02. සමේ ඝනත්වය වැඩි වීම
ඔබේ සමේ තද ගතියක් සහිතව ඝනත්වය වැඩි වෙනවා නම්, කසනවා නම් හෝ වෙනත් චර්ම රෝග ලක්ෂණ පේන්න තියෙනවා නම් ඔබ එම තත්වය එන්න එන්න වර්ධනය වෙනවද කියල බලලා රුධිර පරීක්ෂාවක් කරගත යුතුයි. මෙය හෝමෝන වල සංකූලතාවයක්, අසාත්මිකතාවයක් හෝ එස්කෙමා නම් රෝග තත්වය නිස ඇති වෙන්න පුලුවන්. මෙය වඩාත් ව්‍යාකූල ලෙස වර්ධනය වෙන්න පෙර ප්‍රතිකාර ගැනීම වඩා හොඳයි.
03. අත් අකුරු වෙනස් වීම, ගඳ සුවඳ නොදැනී යාම, නරක සිහින පෙනීම
හැමෝම පාකින්සන් රෝගය ගැන අහලා ඇති. මේ රෝගය මගින් මොළයට සහ ශරීරයට විශාල බලපෑමක් කරනවා. වෙව්ලීම,සමබරතාවය නැති වී යාම, බුද්ධිමය හැකියාව හීන වී යාම ආදිය මේ රෝගයෙන් ඇති වෙන්න පුලුවන්. මෙය එකවර ඇති වෙන රෝගයක් නෙවෙයි කාලයක් තිස්සේයි වර්ධනය වෙන්නෙ. හිටිහැටියේ ඔබට ඔබේ අත් අකුරු වෙනස් වෙල කියලා හැඟෙනවා නම්, ක්‍රියාකාරකම් වල වේගය අඩු වෙලා නම්, කතා කරන වේගය අඩු වෙලා නම්, නරක සිහින පේනවා වැඩි නම් මෙය පාකිංසන් රෝගයේ මූලික අවස්ථාවන් වෙන්න පුලුවන්.
04. කේන්තිය සහ තරහ සහගත හැසිරීම
කේන්තිය කියන්නේ සැම වෙලේම ඔබේ චරිතයේ ලක්ෂණයක් නෙවෙයි. ඔබ අත් දැකලා ඇති අපහසුතාවයෙන් ඉන්න කොට, කාන්තාවන්ගේ ඔසප් ක්‍රියාවලිය අතරතුර එහෙම වැඩියෙන් ඔවුන්ට තරහ යනවා. පර්යේක්ෂකයන් කියන විදියට අධික ලෙස තරහ යන එක විශාදයේ බලපෑමෙනුත් ඇති වෙන්න පුලුවන්. විශාදය කියන්නෙ සාමාන්යෙන් පුද්ගලයන්ව වඩාත් හුදකලා සහ වේදනාබර බවට පත් කරන රෝගයක් වුණත් සමහරුන්ට මේක හැදුනාම තරහ යනවා වැඩි වීමත් ඇති වෙන්නත් පුලුවන්.
05. අධික නිදිමත
අධික නිදිමත, පුරාම නිදිමත සහ ඕනම තැනක නිදා වැටෙන එක හයිපර්සොම්නියා කියන රෝගයේ ලක්ෂණයක් වෙන්න පුලුවන්. ඒ වගේම සමහර ස්වයං ප්‍රතිශක්තිකරණ රෝග වලිනුත් නිදි කිරා වැටීම ඇති වෙන්න පුලුවන්. නින්දට පෙර ඇල්කොහොල් පානය කිරීමත් මේ තත්වයට හේතු වෙන බව කියනවා.
06. ඇසේ වර්ණය වෙනස් වීම
වයස අවුරුදු 45ට අඩු පුද්ගලයන්ගේ ඇස් වල වටේ අළු පාට රවුමක් ඇතිවීම මගින් අධික කොලොස්ටරෝල් තත්වයන් පිළිබඳ ඉඟි කරන බව වෛද්‍යවරුන් කියනවා. නමුත්, මේ ඇසේ ඇතිවන රවුම නම් ඇසට බලපෑමක් නොකරන බව කියනවා. එය පෙනුමේ වෙනසක් පමණයි ඇති කරන්නේ.
07. ලුණු කෑමට ඇති වෙන ආශාව
සාමාන්යෙන් ලුණු රසට අපි ගොඩක් දෙනා කැමතියි. නමුත් ඔබට කන්න හිතෙන්නේම ලුණු නම්, ලුණු කෑම පාලනය කරගන්න බැරි නම් මෙය යකඩ ඌණතාවය, ඇනෙමියා, විජලනය, පූර්ව ඔසප් සින්ඩ්‍රෝමය ආදී තත්වයන්ගේ බලපෑමෙන් ඇති වෙන්න පුලුවන්.
08. තෙහෙට්ටුව, අමතක වීම සහ ලිංගික ආශාව අඩු වීම
සමහරු මෙය විශාදයේ ලක්ෂණ ලෙස ගන්නවා. ඔබට කිසිම දෙයක් කරන්න ආශාවක් නෑ වගේම කිසිම දෙයක් මතක තියාගන්න ශක්තියක් නෑ වගේ දැනෙනවා. වෛද්‍යවරු කියනවා මේ රෝග ලක්ෂණ මග හැරීම නුසුදුසුයි කියලා, මොකද මේක තයරොයිඩ් හෝමෝනයේ අසමබරතාවයන් නිසා ඇතිවෙන තත්වයක් වෙන්න පුලුවන්. මේ තත්වය තිබෙන විට බර වැඩි වීම සහ වැඩිපුර සීතල දැනීමත් සිදුවෙනවා.
09. නිරන්තරයෙන් ඇති වෙන තිබහ
සාමාන්යෙන් තිබහ ඔබේ කාලගුණය හෝ ඔබ ගන්නා ආහාර මතද වෙනස් විය හැකියි. නමුත් වෛද්‍යවරුන් කියන්නේ අසාමාන්‍ය ලෙස වැඩි තිබහ දියවැඩියාව හෝ ගර්භණීබාවය නිසා ඇති වෙනවා කියලා.
10. අයිස් සැපීමට වෙන ආශාව
අයිස් සැපීමට ආශා කරන්නේ සාමාන්යෙන් පොඩි ළමයි. නමුත් ඔබට මේකට ආශාවක් ඇති වෙනවා නම් ඒක යකඩ ඌණතාවයේ හෝ ඇනෙමියා තත්වය නිසා ඇති වෙන්න පුලුවන්. ඔබට හැඟෙනවා නම් මේ ආශාව සාමාන්‍ය එකක් නෙවෙයි කියලා, තත්වය දැනගන්න රුධිර පරීක්ෂාවක් කළ යුතුයි.
( උපුටා ගැනීමක් )