ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තරග තුනකින් යුතු ටෙස්ට් තරගාවලියේ අවසන් ටෙස්ට් තරගාවලිය මේ දිනවල පැවැත්වෙනවා.
මේ අතරම මෙම තරගාවලියේ සාර්ථක වුණ ජෝ රූට් ක්‍රීඩාලෝලීන්ගේ කතාබහට ලක් වුණා.
ටෙස්ට් ලකුණු 12000 සීමාව පසු කර ඇති සීමිත් ටෙස්ට් ක්‍රීඩකයින් අතර සිටි ශ්‍රී ලාංකීය සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාරගේ ටෙස්ට් ලකුණු පසු කර ඉහලට යාමටත් ජෝ රූට්ට මෙම තරගාවලියේදී හැකියාව ලැබුණා.
ඔහුට එංගලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු ලබාගෙන සිටින හිටපු එංගලන්ත නායක ඇලෙස්ටයාර් කුක් පසු කිරීමටත් අවශ්‍යව තිබෙන්නේ තවත් ලකුණු කිහිපයක් පමණයි.
ජෝ රූ මේ වන විට ටෙස්ට් ලකුණු 12402ක් ලබාගෙන සිටිනවා.
මේ අතරම එංගලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් ශතකවලට හිමි ක්‍රීඩකයා බවට පත්වීමේ හැකියාවත් රූට්ට හැකියාව ලැබුණා.
ඒ හිටපු එංගලන්ත ටෙස්ට් නායක ඇලෙස්ටයාර් කුක් ලබාගෙන සිටි ටෙස්ට් ශතක 33 පසු කරමින්.ජෝ රූට් මේ වන විට ටෙස්ට් ශතක 34ක් ලබාගෙන සිටිනවා.
