ගෙදර උයන පිහන වැඩවලට අත්‍යවශ්‍ය දෙයක්නේ පොල් කියන්නේ.
ඒ නිසාම ගෙදර වත්තේ පොල් නැති අයෙහෙමත් නැත්නම් කඩෙන් පොල් ගන්න අය පොල් මිල ගැන අවධානයෙන් ඉන්නේ.
එහෙම අවධානයෙන් ඉන්න අයටයි මේ පුවත.
වෙළදපොලේ ඉහළ ගොස් ඇති පොල් මිල මේ වසර අවසන් වන තෙක් පැවතිය හැකි බව පොල් සංවර්ධන මණ්ඩලය පවසනවා.
අද වන විට පොල් ගෙඩියක මිල රුපියල් 120 දක්වා ඉහළ ගොස් ඇත්තේ පොල් අපනයනය කිරීමේ ඉල්ලුම ඉහළ යාම හේතුවෙන්