ගතින් කුඩා වුවත් හිතින් ශක්තිමත් මිනිස්සු ගැන අපි අහලා තියෙනවා.
මේ කියන්න යන්නේත් අන්න ඒ වගේ පුංචි කෙලි පොඩිත්තක් කරපු හපන්කමක් ගැන.
බ්‍රිතාන්‍යයේ සය හැවිරිදි දැරියක් අඩි 13,600ක් උස කන්දක් තරණය කර තිබෙනවා.
ඒ බිළිඳියක වයසේ සිටියදී තම දිවි බේරාගත් රෝහලට අරමුදල් සොයා දීමටයි.
වේල්සයේ පදිංචි සෙරන් ප්‍රයිස් මොරොක්කෝවේ ඇට්ලස් කඳුකරයේ ටූබ්කාල් කන්ද තරණය කළ ලාබාලතම පුද්ගලයා බවට පත්වුණා.
මේ අතරම ඇය බටහිර යුරෝපයේ උසම කන්ද වන මොන්ට් බ්ලැන්ක් තරණය කිරීමට සැලසුම් කර ඇත්තේ බර්මින්හැම් ළමා රෝහල සඳහා මුදල් එකතු කිරීමේ උත්සාහයක් ලෙසටයි.
සෙරන් නැමැති ඇය පවසා තිබෙන්නේ කුඩා කාලයේ “මගේ බෙල්ලේ ගැටිත්තක්” තිබූ බවත්, ඇගේ රෝගී තත්ත්වයට ප්‍රතිකාර කිරීමට රෝහල උදව් කළ ඇති අතර, ඒ නිසා ඇය ඒ සඳහා මුදල් එකතු කරන බවයි.
ඇගේ පියා පැවසුවේ ඇය කුඩා කාලයේදීම ඇගේ ගෙලෙහි රක්තපාත රෝගයක් සමඟ උපත ලැබූ නිසා ඇගේ හුස්ම ගැනීමට බලපෑ නිසා රෝහල ඇගේ ජීවිතය බේරා ගත් බවටයි.