තරුණියකගේ සුන්දරත්වය තව තවත් සුන්දර කරවන දවසක් විධියට ඇය මනාලියක් වන දවස දක්වන්න පුළුවන්.
මනාලියක් ලෙස හැඩගැන්වීම හැම යුවතියකගේම සිහිනයක්. ඉතින් ඔබ බොහෝ විවාහ මංගල උත්සවවලට සහභාගී වී ඇති. නමුත් ඔබ මනාලියන්ගේ වෙළෙඳපොළකට ගොස් තිබේද? ඒ පුදුම කතාව ඇසෙන්නේ බල්ගේරියාවෙන්.
දුප්පත් රටවල තරුණියන් සමෘද්ධිමත් රටවල ධනවතුන්ට පිරිනමනු ලබන හෝ ලිංගික වහලුන්, ගෘහ සේවක, ගෘහ සේවිකාවන් ලෙස හෝ විකුණා මිලදී ගන්නා මාර්ගගත ‘මනමාල වෙළෙඳපොළ’ සමඟ බල්ගේරියාවේ ‘මනාලි වෙළෙඳපොළ’ සම්බන්ධයක් නැහැ.
‘මනාලි වෙළෙඳපොළ’ යනු රොමානි ජනයාගේ ඉතා කුඩා, තදින් බැඳී ඇති කණ්ඩායමක වාර්ෂික උත්සවයක් (පොළක්) සඳහා ජනප්‍රිය වූ තරමක් නින්දා සහගත නමකි. ඔවුන්ගේ මුතුන් මිත්තන්ගේ සාම්ප්‍රදායික රැකියාවට ගරු කරමින් ඔවුන් තමන්ව හ¾දුන්වන්නේ ටින්කරින්වරු ලෙසයි. මෙය බල්ගේරියානු සම්ප්රදායක් නොවන ටින්කර්-රෝමානි දැඩි ලෙස පීතෘ මූලික සමාජ වෙනවා. තරුණ ගැහැනු ළමයින් නිවෙසින් පිටව යන්නේ කලාතුරකින්. ඔවුන් විවාහ වන්නේ තම කණ්ඩායම තුළ පමණක් වන බැවින්, එම වාර්ෂික පොළ යනු රට පුරා සිටින ඔවුන්ගේ තරුණ තරුණියන්ට උත්සව වාතාවරණයක් තුළ එකිනෙකා හමුවීමට හා දැන හ¾දුනා ගැනීමට හැකි එකම ස්ථානයයි. ඔවුන්ගේ විවාහයන් පවුල් අතර
සකසනු ලබන අතර, අනාගත මනාලයා අනාගත මනාලියගේ පවුලට යම් මුදලක් ගෙවනවා. ඉතින් බල්ගේරියාවේ ස්ටාර් සගෝරා හි සෑම වසන්තයකම මේ ආකාරයෙන් මනාලියන් අලෙවි කරන වෙළෙඳපොළක් සංවිධානය කරන බවටයි තොරතුරු දැක් වෙන්නේ. එහිදී නවයොවුන් වියේ ගැහැනු ළමයි ඔවුන්ගේ අනාගත ස්වාමිපුරුෂයන්ට අලෙවි වෙනවා. මේ චාරිත්‍රය යුග ගණනාවක් පැරැණි සම්ප්‍රදායෙන් පැවත එන්නක්.
“ළාබාල දියණියන් ලංසු තබන්නට ගැනුම්කරුවන් ඉදිරියට පෙළපාළියේ යවනවා. එදිනට මවුවරුන්ට කළ හැක්කේ සම්ප්‍රදායන්ට අනුකූලව කටයුතු කරන දියණියක් හදා වඩා ගැනීම පිළිබඳ සතුටු වීම පමණි.
ඉතින් මේ මනාලියන්ගේ මිල ගණන් ලෙහෙසි පහසු නැහැ. සංකීර්ණ ගනුදෙනුවකින් එදිනට බොහෝ ළාබාල තරුණියන් තම අනාගත ස්වාමිපුරුෂයාට අලෙවි වෙනවා. වඩා වැඩි මුදලක් ගෙවන ගැනුම්කරු ජයගන්නා බවට තොරතුරු ගෙන එනවා. අලෙවි වන ගැහැනු ළමයාට නම් ඇයට ලැබෙන ගැනුම්කරුවා හෝ අනාගත ස්වාමිපුරුෂයා සම්බන්ධයෙන් කිසිවක් පැවැසීමට ඉඩකඩක් නැහැ. අලෙවි වන තරුණිය රූමත් කන්‍යාවක් නම් ඉහළ ලංසුවකට අලෙවි වනවා. සාමාන්‍ය මිල යූරෝ 4000- 5000 ක් වැනි අගයක් ගන්නවා.
මේ සමාජ කණ්ඩායම රෝමානි ජිප්සි ප්‍රජාවගේ උප කුලකයක්. සමාජ අපකීර්තිය හා සමාන ලෙස සැලකීම හේතුවෙන් පීඩිත බවට පත්වූ සමාජ කොට්ඨාසයක්. මෙම පිරිසගෙන් බොහෝ දෙනකුට පාසල් යෑමට වරප්‍රසාද ලැබී නැහැ. තමා කැමැති අයකු හා විවාහ වීම කාගේත් අයිතිවාසිකමක්. කෙසේ වුවත් බල්ගේරියා මනාලි වෙළෙඳපොළ සමාජයට ප්‍රශ්නාර්ථයක්.
( මව්බිම )