ජනාධිපති අපේක්ෂකයෙකුගේ ප්රධානත්වයෙන් වැලිමඩ නගරයේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක් සහිතව පැමිණි තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම රැස්වීමේ ආරක්ෂාව සදහා අවට පොලිස් ස්ථාන වලින්ද නිළධාරින්ද කැදවා තිබු බව සදහන්.
එම රැස්වීම පැවැත්වෙන අතරතුරදී ඌව පරණගම ප්රදේශයේ පදිංචි පාසැල් සිසුවකු හා විශ්ව විද්යාල සිසුවකු රැස්විම් ශාලාවට ඇතුළු වීමට උත්සහා දැරීමේදි එහි සිටි අඹ ගස්දාව පොලිසිය හා බණ්ඩාරවෙල විශේෂ අපරාධ අංශයේ පොලිස් නිළධාරින් විසින් පරීක්ෂාවට ලක්කර තිබෙනවා.
එහිදී එම තරුණයන් සන්තකයේ ප්ලාස්ටික් පිස්තෝලයක් තිබී හමුවීමෙන් පසු ඔවුන් අත් අඩංගුවට ගෙන මෙසේ වැලිමඩ පොලිසියට භාරදුන් බව අඹ ගස්දාව පොලිසිය සදහන් කළා.
ඔහුන් තම දෙමාපියන් එම රැස්විම් ශාලාවේ සිටීම නිසා ආපසු නිවෙස් බලා යන බවට දැනුම්දීමට මෙසේ රැස්විම් ශලාවට පැමිණි බවට පැවසු බවත් වැලිමඩ පොලිසිය සදහන් කරනවා.