මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දූ පුතුන්ට විභාගයෙන් ජය ගනිමින් තම ජයග්‍රහණය විජයග්රහණයක් බවට පත්කර ගැනීම සඳහා නිවෙසින් පිටත්වීමට බලවත් මුහුර්ත කිහිපයක් පහත දැක්වෙනවා.
අතීතයේ සිටම බලවත් මුහුර්ත සකස් කිරීම සඳහා යොදාගත් ඉපැරැණි ජේයාතිෂ විධි භාවිත කර මෙම මුහුර්ත සකස් කර ඇත.
තම තමන්ට හිමි ඉෂ්ට දේවතාවුන් අනුස්මරණය කරමින් මෙම මුහුර්ත භාවිත කරන ලෙස ජේයාතිෂයේ දක්වා ඇත.
මෙම වේලාවන් කොළඹ නගරය ඉලක්ක කර සකස්කර ඇත.
මාතර, නිවිතිගල, වටවල, පේරාදෙණිය, අනුරාධපුර, ගල්නෑව, එප්පාවල ප්‍රදේශවල විනාඩි තුනක් අඩුකරද, හම්බන්තොට, හපුතලේ,බදුල්ල, මහියංගණය, පොළොන්නරුව, හොරොව්පොතාන ප්‍රදේශවලදී විනාඩි හතරක් අඩුකරද තිස්සමහාරාමය, සියඹලාණ්ඩුව, අම්පාර ආදී ප්‍රදේශ ආශි‍්‍රතව විනාඩි හයක් අඩුකරද මෙම මුහුර්ත භාවිත කරන්න.
ඉහත දක්වා ඇති කුමන වේලාවක් තුළ දරුවා නිවෙසින් පිටත්වුවද මෙහි පහත දක්වා ඇති ‘ජයෝ මුනින්දස්ස’ ගාථාව නිවෙසේදී ශබ්ද නඟා හත් වරක් ගායනා කර නිවෙසින් දරුවා පිටත් කරන්න. දරුවා ලවා මෙම ගාථා පාඨය සජ්¿ධායනය කරවන්න.
මවුපියන් ආශීර්වාද පූජා ආදිය තබන විට ජය පිරිත සජ්¿ධායනය කිරීම ඉතාමත් සුබදායක වේ.
විභාගයට නිවෙසින් පිටත් වීමට පෙර සිදු කරන ආගමික වතාවත් නිවෙසේදී සිදු කිරීම සඳහා මුහුර්තය පහත පරිදිය.
සැප්තැම්බර් මස 15 වැනි දිනයට එළිවන පාන්දර 5.13ට දකුණු දිශාව බලා සිදු කිරීම ඉතාමත් ප්‍රතිඵලදායක වේ. ඉපැරැණි පොත පතෙහි දක්වා ඇති ආගමික කටයුතුවලටම වෙන් කළ මුහුර්තයකි.
විභාගය සඳහා නිවෙසින් පිටත්වීමට මුහුර්තය.
සැප්තැම්බර් මස 15 වැනි දින පෙරවරු 6.15, පෙරවරු 6.58, පෙරවරු 07.07, පෙරවරු 07.40. මෙම වේලාවන් මධ්‍යස්ථානයට ඇති දුර ප්‍රමාණය මත යොදා ගත හැකිය.
කැමැති නම් සහ ඒ සඳහා ඉඩකඩ ඇතිනම් මෙදින පෙරවරු 8.03ට දකුණු දිශාව බලා විභාග මධ්‍යස්ථානයට ඇතුළුවීම ඉතාමත් සුබ දායකයි.
උපුටා ගනීම - මව්බිම