ඒ කාලේ තිබුණේ බාබර් සාප්පුය. එකක් ඇත්තේ කිලෝමීටර් ගණනකට එකකි. සමහර පැතිවල ටවුමටම තිබුණේ එක ගැහැනුන් යන එන සැලොන් එකකි.
අප මේ කතා කරන්නේ ගැහැනුන් යන එන ඒ සැලුන් ගැනය. අද වන විට රටේ ඕනෙම පළාතක හන්දියක් හන්දියක් ගාණේ අඩියෙන් අඩිය සැලුන් පිහිටා ඇත.
පිරිමින්ටත් තියා ගැහැනුන්ටත්රස්සා නැති මෙරට රජයේ රස්සාවක් හෝ පෞද්ගලික අංශයේ රස්සාවක් සොයා ගැනීමට නොහැකි එසේත් නැතිනම් මීට සුදුසුකම් නොමැති බොහෝ තරුණියන් සැලුන් පාඨමාලා පස්සෙන් දුවන සෙයක් පෙනේ.
නමුත් මේ රස්සාවට ආදරේ කරන අය වැඩ කරන මේ සම්බන්ධයෙන් පිළිගත් ආයතනයකින් සහතික පතක් ගෙන රූපලාවණ්‍ය ශිල්පය හසුරුවන ශිල්පිනියෝ සිටිති.
අදටත් බොහෝ සැලුන්වල ඉදිරියේම හොඳට පේන ස්ථානයක සැලුන් සහතිකය එල්ලන්නේ සිය පළපුරුද්ද සහ හැකියාව සිය සේවාව ලබා ගැනීමට පැමිණෙන නැතිනම් ලස්සන වීමට පැමිණෙන පිරිසට ඒත්තු ගන්වමිනි.
එසේ සිය කොණ්ඩය ලස්සනට හදා ගැනීමට මිනුවන්ගොඩ පිහිටි රූපලාවණ්‍ය ආයතනයකට ගිය ලසස්න කේශ කලාපයක් හිමිව තිබූ තරුණ මවක පසුගියදා මුහුණ දුන් බියකරු අත්දැකීමෙන් මේ වනවිට රටේම කාන්තාවන් සිය කේශ කල්‍යාණය හැඩ කිරීමට මතු නොව වත්සුනු තවරා රූපාලංකරණයට සැලොන් එකකට යන්‍ෙදා් නොයන්‍ෙදා් කියල හිතෙන තරමට භීතියක් නිර්මානය කළේය.
තමන් ආස විදිහට කොණ්ඩය ලස්සන කර ගැනීමට ගිය ඇය අද මුහුණදී සිටින්නේ කොණ්ඩය වෙනුවට තට්ටය පෑදීමේ අවදානමක්ද සමගිනි.
අප කතා නායකාව ලියුම්කරුට සිය අවාසනාවන්ත පැය කිහිපය ගෙවුණු හැටි මෙලෙස විස්තර කළාය.
අප ඇයගේ නම් ගම් හෙළි නොකරන්නේ දැඩි මානසික තැවුලකින් මේ වනවිටත් පසුවන ඇය සිය අනන්‍යතාවය පැවැසීමට අකමැති වූ නිසාය.
නමුත් ඇය මේ කතාව අපට පවසන්නේ ඇයට සිදුවූ මෙවැනි ඉරණමක් කිසිදු කාන්තාවකට යළි සිදු නොවීමේ අදහසිනි.
“මේ සැලුන් එකට මං කලින් ගිහිල්ලා තිබ්බේ නෑ. ඒක තියෙන්නෙ මිනුවන්ගොඩ බස් නැවතුම් ඉස්සරහ”
“මගේ කොණ්ඩ ස්ට්‍රේට්. අපිට ළඟදී පාටියක් තියෙනවා යන්න මගේ යාළුවෙක්ගේ. ඉතින් ඒකට පොඩි වෙනසක් කරන්න ඕනේ කියලා මම හිතුවා. ඒ නිසා මම මේ සැලුන් එකේ අංකයට කතා කළා. 30 වැනිද රෑ. සැලුන් එක අයිතිකාර මිස්මයි කතා කළේ. හෙට උදේම කොණ්ඩේ හදාගන්න එන්න කිව්වා. මම ඒ මිස්ට කිව්වා මගේ කොණ්ඩේ කර්ල් කරගන්න ඕනේ කියලා”
“මිස් කිව්වා උදේ නමයට කලින් සැලුන් එකට එන්න කියලා. මං කිව්වා මගේ ළමයිව ඉස්කෝලේ දාලා තමයි එන්න වෙන්නේ කියලා. ඒත් එයා බල කළා කොහොමහරි මට නමයට කලින් එන්න කියලා. සල්ලිත් අරන් එන්න කියලා කිව්වා”ඇයව ලස්සන කිරිම සඳහා සැලුන් නෝනාට තිබුණේ කලබලයකි.
සැලුන් මිස් කී උපදෙස් ලැබූ අප කතා නායිකාව ඉකුත් 31 වෙනිදා මිනුවන්ගොඩ බස් නැවතුම ඉදිරිපිට පිහිටි මෙම සැලුන් ආයතනය වෙත පිටත්ව ගියාය.
“මම කොහොම හරි නමය වගේ වෙනකොට සැලොන් එකට ගියා. මං ඒ මිස්ට කිව්වා මගේ කොණ්ඩේ ඔයා දැක්කේ නැහැනේ කියලා. මේක හදන්න පුළුවන්ද කියලා මම ඇහුවා. පස්සේ එයා මට කිව්වා ඔය වගේ කොණ්ඩද අපි හැදුවේ කියලා”සැලුන් නෝනා එලෙස සිය කොණ්ඩා සැකසීම ගැන උදම් ඇනුවාය.
“ඒ වෙලාවේ සැලොන් එකේ ළමයි එයාලගෙම ඇහි බැම හදමින් හිටියේ. ඒ වැඩෙත් ඉවර වෙනකල් මම හිටියා. සැලුන් මිස්ට මම රුපියල් 9000ක් දුන්නා. ඒ සල්ලි මදි කිව්ව හින්ද මම බැංකුවෙන් තව සල්ලි අරන් ඇවිත් සේරම රුපියල් 12,500ක් ඒ වෙලාවෙම හදලා දුන්නා. පස්සේ මිස් එළියට ගිහිං එන්නම් කිව්වා. මම ඇහුවා කොහෙද යන්නේ කියලා. ඊට පස්සේ කිව්වා වාහන අනතුරකට අදාළ නඩුවකට යන්න වෙනවා කියලා මිනුවන්ගොඩ උසාවියට.”
“ඉතින් මාත් බැලුවා ඒ මිස් ගියාට පස්සේ කවුද කොණ්ඩේ හදන්නේ කියලා. ඒකෙ වැඩ කරන ළමයි දෙන්නට එයා පණිවුඩය දීලා ගියා”සැලුන් නෝනා මුදල් ගරා ගත්තේ එසේය.
දහසක් බලාපොරොත්තු මැද තව දින කිහිපයකින් සිය මිතුරාගේ සාදයට පවුල පිටින් සහභාගී වීමේ අමතමින් ඇය කිහිප වතාවක් ඇයගේ කොණ්ඩය දෙස බලා සතුටු සිතින් සැලුන් පුටුවෙහි අසුන් ගත්තාය.
“උදේ නිසා මම ඒ වැඩ කරන නංගිලාට යෝගට්, බනිස් අරගෙන ගියේ” මේ කොණ්ඩය සාදා ගැනීමේ අල්ලසක් නොව ඇයගේ හිතවත්කමය”
“මගේ කොණ්ඩේ දැකලාවත් නැතුව එයා කොහොමද කොණ්ඩේ හදන බඩු ගෙනාවේ කියලා මට දැන් හිතෙනවා”
“ඒ මිස් උසාවි ගියාට පස්සේ සැලුන් එකේ ගැහැනු ළමයින් දෙන්නා මගේ කොණ්ඩේ හෝදලා තෙත මාත්තු කළා”
“පස්සේ මං ඒ නංගිලාගෙන් ඇහුවා මගේ කොණ්ඩේට දාන්නේ මොකක්ද කියලා. එයාලා ප්‍රධාන පෙළේ වෙළෙඳ නාමයක් සහිත ආලෝපනයක් ඒ වෙලාවේ කිව්වා. ඒත් මට බෝතලේ පෙන්නුවේ නැහැ”සිය සේවාව වෙනුවෙන් තමන් මුදල් වියදම් කරවනවා නම් සේවාව ලබාදෙන ආකාරය සහ ඊට යොදාගන්නා දෑ පිළිබඳ පාරිභෝගිකයා දැනුවත් විය යුතුය. සේවා සපයන්නා විසින් සිය පාරිභෝගිකයා නොමඟ නොයවා සත්‍ය කරුණු ලබා දිය යුතුවේ. විශේෂයෙන් මෙවැනි කටයුත්තකදී සිය සේවා දායකයා විමසන තොරතුරු ලබාදීමට අදාළ පාර්ශ්වය කටයුතු කළ යුතුමය.
තමාගේ ශරීරයේ ගල්වන ආලේප මොනවද කියාවත් ඇයට හරි හැටි දැන ගන්නට ලැබුණේ නැත.
“අඩුම ගානේ මට ගාන බෝතලේවත් පෙන්නුවේ නැහැ. මං කීප පාරක්ම ඇහුවා. අක්කේ දැන් බෝතලේ ගන්න විදිහක් නෑ අපේ අතේ මේ ආලේපන ගෑවිලා කියලා ඔවුන් කිව්වා”
“මට කතාවෙන් තේරුණා ගෙනාපු එක බෝතලයක්ම දාලා තවත් බෝතලයක් මගේ කොන්ඩේට දැම්මා කියලා”කැරලි කොණ්ඩයක් බවට සිහින දකින අප කතා නායිකාවගේ කොණ්ඩයේ ඉරණම වෙනස් වෙන්නට පටන් ගන්නේ මෙතැන් සිටය. කිසිදු අනන්‍යතාවයක් හෙළි නොකළ කුප්පියකින් තවත් රසායන ද්‍රව්‍යයන් ඇතුළත් ද්‍රාවණය දමමින් ඇයගේ කොණ්ඩය කැරලි කොණ්ඩයක් බවට පත් කිරීමේ මෙහෙයුමේ මෙම සූත්‍රකාරියක් දෙදෙනා නිරත වූවාය.
“කෝ බං තාම කර්ල් වෙලා නෑනේ” එක් සැලුන් සේවිකාවක් අනෙක් සැලොන් සේවිකාවට සැළ කළාය.
“අනේ නංගි මගේ ඔලුව රිදෙනවා” අප කතා නායිකාවගේ ඉරණම වෙනස් වෙමිනි.
“අක්කේ පොඩ්ඩක් ඉවසලා ඉන්න. දැම්ම මේක හෝදන්න බැහැ විනාඩි 45ක් ඉන්න ඕනේ. අනික මේක අපේ වැඩක් නෙමෙයිනෙ ඔයාගේ වැඩක් නෑ ඒ හින්දා ඉවසල ඉන්න” මැරුණත් කම් නැති ගානට සේවිකාවන්ගේ කතාව එලෙසය
“ඉතින් මං විනාඩි 45ක කාලයක් බලාගෙන හිටියා. සැරින් සැරේ මගෙ ඔළුව රිදෙන්න පටන් ගත්තා. ඒ විතරක් නෙමෙයි මෙයාලා මේ වැඩේ කරනකොට එයාලගේ කෝල්වලට විනාඩි ගණන් කතා කරනවා. ඒ අස්සෙ එක එක කොල්ලෝ කතා කරනවා. මං කියන කිසි එකක් කනකට ගන්නෙ නැතුව එයාලා එයාලගේ වැඩ කරගෙන හිටියේ”
“එයාලා අඩුම තරමේ සැලොන් එකේ ෙදාරවත් වැහුවෙ නෑ. පාරට පේනවා මම එතැන ඉන්නවා. ඒ නිසා මං කිව්ව අනේ නංගි ලැජ්ජයිනේ ෙදාර වහන්න කියලා. මේ අක්කෙ මේ බෙහෙත්වල සැරයන්නයි ෙදාර ඇරියේ කියලා එයාලා කිව්වා”සිය වෘත්තිය මෙම සැලොන් ආයතනයේ නොමැති බව ඇය දැනගත්තේ ඊට පැය කිහිපයකට පසුවය.
“ඒ මාර වැඩේනෙ බං තාම කර්ල් වෙලා නෑනේ”ඒ අතර ඔවුන් සැලුන් නෝනාට දුරකථන ඇමතුමක් ලබාගෙන මේ බව පැවසුවාය.
“අක්කේ අපි තව විනාඩි 45ක් ඉඳලා බලමු”අප කතා නායිකාවගේ කොණ්ඩයට රසායනික ද්‍රව්‍ය දැමූ ද්‍රාවණයන් දමා පැය දෙකකට ආසන්න කාලයක් මෙලෙස ඔවුන් කිසිදු ගාණකට නොමැතිව ඔවුන්ගේ වැඩවල නිරත විය.
“එදා උදේ නවයට සැලුන් එකට ගිය මම හවස පහයි මගේ කොණ්ඩෙට වෙලා තියෙන දේ දැනගන්නකොට. එක එක බොරුකේ කිය මට මගේ කොණ්ඩෙවත් බලන්න දුන්නේ නැහැ. අඩුම මගේ කොණ්ඩෙ අල්ලන්නවත් දුන්නේ නැහැ”
“ඒත් හවස් වෙද්දී මට තේරුණා මෙයාලා කලබල වෙලා කියලා. එක්කෙනා එක්කෙනා එළියට ගිහිල්ලා සැලොන් එකේ අයිතිකාර මිස්ට කතා කරනවා මට ඇහුණා”
මේ අතර අපේ අක්කත් කෝල් කළා, මං අක්කාට කිව්වා සැලුන් එකට එන්න කියලා. අක්කා සැලොන් එකට එනවා කියලා දැනගත්තට පස්සේ මෙයාලා ඉක්මනට මගේ කොණ්ඩේ හෝදන්න පටන් ගත්තා. පස්සේ මට තේරුණා මගේ කොණ්ඩේ හැලෙනවා කියලා”
“නංගි මගේ කොණ්ඩෙට මොකක් හරි ප්‍රශ්නයක් වෙලාද ඇය විමසුවත් කිසිදු ප්‍රතිචාරයක් ඔවුන් දැක්වුවේ නැහැ”කිසිදු ප්‍රතිචාරයක් යනු මේ වෙලා තිබෙන අවනඩුව පිළිබඳ කිසිදු හෝඩුවාවක් ඔවුන් ලබා දුන්නේ නැත.
“කිසි ප්‍රශ්නයක් නෑ ඔයාගේ කොණ්ඩේ හොඳට කර්ල් වෙලා තියෙනවා” කපටි පිළිතුරු දෙමින් සේවිකවන් සෑම තත්ත්පරයකම මෙලෙස බේරුණේය.
“ඒත් එයාලගෙ හැසිරීමෙන් මට තේරුණා මොකක් හරි ප්‍රශ්නයක් මෙතන වෙලා තියෙනවා කියලා”
“කොණ්ඩෙ හෝදනකොට මට තේරුණු දේ හරි කියල මට තේරුණේ අක්කා ආවට පස්සේ”
අනේ නංගි, කෝණ්ඩෙට මොකද වුණේ”
“ඊට පස්සේ මං බලෙන්ම ගිහිල්ල කණ්ණාඩියෙන් මුහුණ බැලුවා. මට දරාගන්න බැරි වුණා මම කෑගහලා ඇඬුවා. මීට වඩා මම මැරුණා නම් හොඳයි කියලා මට දැනුණා. මගේ කොණ්ඩේ බලාගෙන ඉන්නකොට කඩාගෙන වැටෙනවා. මම විලාප තියලා අඬන්න පටන් ගත්තා. මේ වෙද්දී සැලොන් එක නංගි කෙනෙක් පැනල ගියා”නොතේරුම්කමට නැතිනම් තියෙන කපටි කමට පැය ගණන් කොණ්ඩේ වෙනස්කම් බලමින් සිටී සැලුන් සේවිකාවන් අවසානයේ පලා ගියේ කර කියා ගන්නට දෙයක් නොමැතිවය.
නමුත් පළමු වෙනසෙන්ම කොණ්ඩා සැකසුම් ක්‍රියාවලිය නවතා ඇයව රෝහල් ගත කළේ නම් ඇයගේ කොණ්ඩය බේරා ගැනීමට හැකියාවක් තිබූ බව වෛද්‍යවරුන් පවසයි.
තමන් අතින් සිදුවූ වරදවත් පිළිගැනීමට නොහැකි තරම් උද්දච්චකමත් මාන්නයක් ඇති මෙම සේවිකාවන් සැලුන් එකෙන් පලා ගිය පිම්මට මේ වන විට ප්‍රදේශයෙන්ම පලා ගොස් ඇත. සැලුන් සේවිකාවන් දෙදෙනා සහ සැලුන් හිමිකාරිය සිය පවුල් පිටින් මෙලෙස පලා ගොස් ඇත.
තමන්ගේ කොණ්ඩය ලස්සන කර ගැනීමට සැලුන් ආයතනයට පැමිණි අප කතා නායිකාව අවසානයේ විලාප දෙමින් මිනුවන්ගොඩ පොලිසියට ගොස් පැමිණිල්ලක් දමා පසුව රෝහල් ගත වූවාය.
මිනුවන්ගොඩ රෝහලෙන් සහ ගම්පහ රෝහලෙන් නේවාසික ප්‍රතිකාර ලබා ගද්දී හෙද නිලධාරිනියන්ද පොලිසියේ පොලිස් නිලධාරිනියක්ද මෙම විනාශය දැක හීල්ලුවේ ඔවුන්ද කාන්තාවන් නිසා විය යුතුය.
දෙදරු මවක වන ඇය මේ වන විට අපේක්ෂා භංගත්වයක් විරූපී හිසත් සහ හිතේ වේදනාවට සමාන හිසේ කැක්කුමක්ද දරාගෙන ජීවිතය විඳවමින් සිටි.
ඒ අතරේ පලා ගිය මිනුවන්ගොඩ කලනි සැලුන් හිමිකාරිය සොයා මිනුවන්ගොඩ පොලිසියද සැකකරුවන් පසුපස ලුහුබඳිමින් සිටි.
රූපලාවණ්‍ය කටයුතුවලට යොදාගන්නා ද්‍රව්‍ය විස වී මරණ පවා වාර්තා වූ අවස්ථා අප අසා ඇත. එසේ නම් මේ පිළිබඳ නෛතික බලයක් හිමි ආයතන රට පුරා පිහිටි රූපලාවණ්‍ය අලෙවි භාණ්ඩ වැඩ ප්‍රමිතිය මීට වඩා සැලකිලිමත් විය යුතු නොවේද.
එසේම සැලුන් ආයතනවලට නිසි නියාමනයක් අවශ්‍ය බව මෙම කතාවෙන් අපට පෙනී යයි. මෙම ප්‍රශ්නවලට විස¾දුම් ඉතා කඩිනමින් ලැබිය යුතුය. අප කතා නායිකාව වැනි තවත් බොහෝ දෙනකු මේ රට තුළ නොමැරී ජීවත් වීමට ඉඩකඩ පවතී.
උපුටා ගැනීම - මව්බිම