ජංගම දුරකථන භාවිතා කරද්දි කරන වැරදි වැඩ ගැන අපි ඊයෙත් කිවුවනේ.
මේ කියන්න යන්නෙ ඔබ කරන තවත් වැරැද්දක් ගැන.බොහෝ දෙනෙක් සිදු කරන දෙයක් තමයි දුරකථනය චාර්ජ් වෙඉන් පවතින අතරතුර භාවිතා කරන එක.
ඒ වැඩේ නම් හැමෝම පුරුදු වෙලා ඉන්න වැඩක්නේ.
හැබැයි එයින් ඔබේ දුරකථනයේ බැටරියට සිදුවන හානිය ගැන ඔබ හිතුවද ? ලේසියි වගේ පෙනුනට ඒ මගින් බැටරියේ ආයු කාලය අඩු වෙන්න පුළුවන්.
charge වන අතරතුර එය භාවිතා කිරීම
කිසිම වෙලාවක phone එක charge වෙමින් පවතින අතරතුර එය භාවිතා කරන්න එපා.
එමඟින් battery එකට එකම අවස්ථාවේදී විදුලිය ලබා දීමත් එයින් ඉවත් කිරීමත් සිදුවෙනවා.
එකවර ක්‍රියාවන් දෙකක නිරත වීමට සිදුවීම නිසා එය battery හානි කරනවා වගේම ඔයාට අනතුරුදායක තත්වයන් ඇති කරන්න පුළුවන්.
ඔයාට හදිසි call එකක් ගන්න අවශ්‍ය නම් ඒ මොහොතට phone එක charger එකෙන් ගලවා, call එක අවසන් වූ පසු charge කරගන්න.
මෙන්න මේ කරුණු ඔබ හොඳින්ම මතක තබා ගත යුතුයි.