මේ දිනවල ඉන්දියාවේ වඩාත්ම කතාබහට ලක්වෙන වාර්තාව හේමා කමිටු වාර්තාවයි.
හැමෝම ආදරය කරන මලයාලම් සිනමාවේ අඳුරු කතාවන් හෙළි කරන මෙම වාර්තාවට නොබියව තමන්ට සිදුවුණ අතවර , හිංසා පීඩා සහ අනවශ්‍ය යෝජනා සම්බන්ධව නිලියන් විසින් කමිටුව හමුවේ හෙළි කරනු ලබනවා.
මෙම සිදුවීම් හමුවේ මලයාලම් සිනමාවේ ජනප්‍රිය නළුවන් , අධ්යක්ෂවරුන් සහ නිෂ්පාදකයන්ගේද නිරුවත එළිපිටම හෙළි වුණේ සිනමාලෝලීන් තිගස්සමින්.
2017 වසරේ මලයාලම් සිනමාවේ ජනප්‍රිය නිලියක වන භාවනා පැහැරගෙන ගොස් ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් දැඩි කතාබහක් ඇති වුණ අතරම එයට ප්‍රධාන සැකකරු වූයේ ද මලයාලි සිනමාවේ ජනප්‍රිය නළුවකු හා නිෂ්පාදකයකු වූ දිලීප් නැමැත්තායි.
මෙම සිදුවීමට ඔහු අත්අඩංගුවට පත්ව මාස 3ක කාලයක් බන්ධනාගාරගත වී සිට ඇප පිට නිදහස ලැබු අතරම භාවනා අවුරුදු 5ක් කාලයක් සිනමාවෙන් ඈත් වුණ බවට සඳහන්.
ඒ සමගම එකට ඒකාරාශී වූ අගතියට පත් වූ මලයාලම් නිලියන් එකට එක්ව සංවිධානයක් ඇති කරගත් අතරම මලයාලම් සිනමාවේ සිදුවන ලිංගික හිංසනයන් සම්බන්ධව සෙවීමට හේමා කමිටුව පත්වුණේ ඉන් අනතුරුවයි.
මේ සමගම හිංසනයන්ට ලක් වුණ නිලියන් එක දිගට මාධ්‍ය හමුවේ ජනප්‍රිය නලුවන්ගේ නිරුවත හෙළි කළා.ඒ සමගම දැන් එය රැල්ලක් බවට පත් වී හමාරයි.