අපිට ලොවපුරා සිදුවන ඛේදවාචක සම්බන්ධයෙන් නිරන්තරයෙන් අහන්න දකින්න ලැබෙනවා.
මේ කියන්න යන්නේ ඉන්දියාවේ ලක්නව් නුවර ට්‍රාන්ස්පෝර්ට් නගර් ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් කඩා වැටීම නිසා සිදුවුණ අනතුරක් ගැන.
මෙම සිදුවීමෙන් මේ වන විට එක් අයකු මිය ගොස් ඇති අතර 13 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
එම මාධ්‍ය වාර්තාවන්ට අනුව තවත් දස දෙනෙකු පමණ සුන්බුන් අතර සිර වී ඇති බවට සැක කරන බවට මුදාගැනීමේ කණ්ඩායම් සඳහන් කර ඇති බවටයි වාර්තා වෙන්නේ.
හර්මිලප් ගොඩනැඟිල්ල ලෙස හැඳින්වෙන මෙම ගොඩනැඟිල්ල ඖෂධ ව්‍යාපාර සඳහා ගබඩාවක් ලෙස භාවිත කර තිබෙනවා. සිද්ධිය වී ඇත්තේ සවස 5ට පමණයි.