Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
07
බඩ අඩු කරගන්න නියම බෙහෙත කස කසා...

- බඩ අඩු කරගන්න නියම බෙහෙත කස කසා...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

17 Views
කතාවක් තියෙනවානේ පුංචි උනත් හරිම සැරයි ගම්මිරිස් ඇටේ කියලා. අන්න ඒ වගේ පුංචි උනාට ඉතා වැදගත් කාර්යන් කිහිපයක් ඉටු කරන දෙයක් තමයි මේ කස කසා ඇටේ..

ඕනීම වෙළෙඳ සැලකින් ඔයාලට මේක ඉතා අඩු මුදලකට ලබා ගන්න පුලුවන්. සාමාන්‍යයෙන් අපේ රටේ කස කසා ගොඩක්ම පාවිච්චි කරන්නේ ෆලුඩා,සරුවත් වගේ දේවල් හදන්න.

ඔයාලා දන්නවානේ කස කසා ඇට ටිකක් වෙල වතුරේ දාලා තිබ්බම කස කසා ඇටේ වටා සුදු පාට ජෙලි ආවරණයක් හැදෙනවා ඒක තමා මෙහි තියෙන විශේෂම දේ..

එහෙනම් අපි යමු බලන්න අපිට ලැබෙන වාසි මොනවද කියලා.

ශරීරයේ බර අඩු කර ගැනීමට
බර අඩු කරගන්න හිතාගෙන කෑම පාලනය කරන හැමෝටම අත් විදින්න වෙන ගැටලුවක් තමයි. සමහර ආහාර දැක්කම තද බල ආශාවක් ඇති වෙනවා.මෙහෙම එක පාරට කැලරි අධික ආහාරයක් කන්න ආශාවක් ඇති වී මෙහිදී සිදු වෙනවා. ඉතිං මේකෙන් බේරෙන්න ගොඩක් අමාරුයි.එයට යටත් වෙලා කැලරි අධික ආහාර කෑවොත් දවස් ගනනාවක් ආහාර පාලන කර ගත්තු මහන්සිය නිකන්ම වතුරේ යනවා.මේ ආශාව ඇති වීම පාලනය කරන්න පුලුවන් සාර්ථකම විසදුමක් තමයි කස කසා ඇට. හැමදාම රෑට නින්දට යන්න පෙර කස කසා ඇට මේස හැන්දක් වතුරට දමා උදේ නැගිට ගමන් මෙය පානය කරන්න.

මේ සරල වැඩේ දිනපතා කිරීමට පුරුද්දක් කර ගන්න මෙමගින් හදිසියේම ආහාරයකට ඇති වෙන රුචිය සම්පුර්ණයෙන්ම පාලනය කරනවා. ඉතිං කිසිම ගැටලුවක් නැතුව බර අඩු කර ගන්නත් පුලුවන්.

ගැස්ට්‍රයිටිස් සුව කිරීම
ගැස්ට්‍රයිටිස් වලට ප්‍රධානතම හේතුව තමයි නිසි අයුරින් ආහාර නොගන්නා අය සහා බඩගින්නේ සිට පිටි අධික තෙල් අධික අහාර ගැනීමයි. මේ නිසා උදේට ශෝටිස් වගේ දේවල් අහාරයට ගන්න අය ගැස්ට්‍රයිටිස් වලට මුහුණ දෙනවා මුල් අවදියේ පහසුවෙන් මෙය පාලනය කිරිමට හැකි වුවත් ගැස්ට්‍රයිටිස් උත්සන්න වුනොත් එය දීර්ඝකාලීන ගැටලුවක් වෙන්න පුලුවන්.එය යට ගිහින් තිබුනත් ආම්ලික දෙයක් කාපු ගමන් මතු වෙනවා ඕනෑම තත්වයක් යටතේ ගැස්ට්‍රයිටිස් පාලනය කිරීමට කස කසා වලට හැකියාවක් ඇත.
කස ඇට වල ඇති ජෙලි වගේ සිවිය අපේ ආමාශයේ ආම්ලිකතාවය පහසුවෙන් පාලනය කරනවා. ඉතිං හදිසියේම ගැස්ට්‍රයිටිස් තත්වයක් ඇති වුනාම කස කසා ටිකක් වතුරට දාලා ටිකක් වෙලා තියලා බීමට ගන්න එක පහාසු වගේම ඉකමන් සහනයක් ලැබෙන විසදුමක්.
ඒ වගේම කලින් කිවුවා වගේම හැමදාම උදේට කස කසා ඇට විදුරුවක් බෝනවානම් ඔබට කවදාවත් ගැස්ට්‍රයිටිස් ඇති වෙන්නේ නෑ.

සමේ තෙතමනය වැඩි කර ගැනීම
කෙනෙකුගේ සමේ නීරෝගී බවට තෙතමනය තරම් වැදගත් වෙන දෙයක් නෑ. සමේ තෙතමනය පවත්වා ගැනීමට බැරි වුනොත් ඉහල ස්ථර ඝන වෙලා යටින් තියෙන ස්ථර ආරක්ෂා කර ගන්න පෙලබෙනවා.සම ගෝරෝසු වෙලා මාලානික තත්වයක් ඇති වෙන්නේ එහි ප්‍රතිඵලයක් විදිහටයි.එය හරියට වතුර නොලැබුනාම ගස් කොලන් වේලීලා යනවා වගේමයි.කස ඇට වල අපේ සමේ තෙතමනයට අවශ්‍ය විටමින්,මේද අම්ල,ඛනිජලවණ බෙහෙවින් අඩංගු වේ. ඉතිං කස කසා මගින් සමේ තෙතමනය වැඩි කර ගන්න පුලුවන්.

රුධිර ගත සිනී පාලනයට
අපේ රටේ අවුරුදු 60ක් ඉක්මවු 30%කට ආසාන්න ප්‍රමාණයක් දියවැඩියාවෙන් පීඩා විදින බව ඔබ දන්නවාද? ආහාර හා ජිවන රටාවේ ගැටලු වගේම මානසික ආතතියන් වැනි ගැටලු රෝගය උත්සන්න වීමට බලපාලා තියෙනවා. මේ නිසා තරුණ වයස කියලා නිකන් ඉන්නේ නැතුව දියවැඩියා උවදුර පාලනය කිරීමට අපි කවුරුත් එකතු වීම හරිම වැදගත්. දියවැඩියාව පාලනය කරනවා වගේම අනාගතයේ දියවැඩියාව ඇතිවීමේ ඉඩ කඩ අවම කර ගන්නත් කස කසා ඇට උදව් වෙනවා.
මේ හිදි දිනපතා කස කසා ඇට ආහාරයට ගැනීම මගින් අපේ ශරීරයට ග්ලුකෝස් වැනි සරල සීනි වර්ග සහ අධික ආහාර වර්ග ගන්න තියෙන වුවමනාව පලනය කරනවා.

ශරීරයේ උෂ්ණත්වය පාලනය කිරීම
ඔබ නිතරම දහඩිය දාන නිසා ෆෑන් හරි ඒ.සී. හරි දාගෙන ඉන්න අවශ්‍ය කෙනෙක්ද? එහෙම නම් ගොඩක් වෙලාවට ඔබේ සිරුරේ උෂ්ණත්වය ඉහල මට්ටමක තියෙනවා වෙන්න පුලුවන්.මෙයට හේතුව වන්නේ අපේ සිරුරේ සෛල අවශ්‍ය කරන ප්රමාණයට වඩා ක්‍රියා කරන එකයි.මෙය කදිම විසදුමක් තමයි කස කසා ඇට බීමට ගන්න එක.
ඇත්තටම කස ඇට දාපු සරුවන් එකක් බිවුවාම උෂ්ණත්වය නැති වෙන්න ප්‍රධානතම හේතුව මෙයය.නමුත් සරුවත් වගේ වර්ණක දාපු සීනී අධික ආහාරයක් වෙනුවට ඊට වඩා සිරුරට හිතකර බීම වර්ගයක් ඔබටම හදාගන්න පුලුවන්.

“නම් මන්ග්ලස්” කියලා හදුන්වන බීම වර්ගයක් තායිලන්තයේ ඉතා ජනප්‍රියයි.
අවශ්‍ය වෙන්නේ
කස කසා මේස හැදි එකක්
මී පැණි මේස හැදි එකක්
උකු පොල් කිරී හැන්දක්
වතුර වීදුරුවකට දාලා තමයි මෙය හදන්නේ කැමති නම් සීනී ටිකක් හා අයිස් කැට ටිකක් එයට එකතු කරන්න පුලුවන්.මෙය පානය කිරීමෙන් සිරුරට ඉක්මන් සිසිලසක් ලැබෙනවා ඔබටම දැනේවී. එය නිතර බොනකොට ඔබට නිතරම උණුසුම දැනෙන ගතියත් නැති වෙලා යනවා.

බඩ පිපුමට සමුදෙන්න
ආහාරයකක් අරගෙන ටික වෙලාවකට පස්සේ බඩ අසාමාන්‍ය විදිහට පිම්බිලා හරිම අපහසු තාවයක් දැනීම මෙහි ලක්ෂණයයි.අමාශයේ ආහාර ජීරණය වෙන කොට හැදෙන වායු වර්ග පිට වෙලා යන්නේ නැතුව පෙන වගේ තත්ත්වයකට පත් වෙලා එක් රැස් වීම මෙයට හේතු වෙනවා. නිතරම මේ වගේ වෙන එක ඔබේ පෙනුමට වගේම සෞඛ්‍යයට හොද නැහැ. බඩ පිපිලා තියෙන වෙලාවට එය ඉක්මනින් ඉවත් කර ගන්න කස කසා ඇට සාර්ථක විසදුමක්.

ඒ සදහා වතුර වීදුරු භාගයක් විතර අරගෙන එයට කස කසා ඇට තේ හැන්ද එකතු කරන්න. යාන්තම් ජෙලි ගතියක් ඇති වෙනවාත් එක්කම එය ඉක්මනට බීමට ගන්න.
කසා කසා ඇට වටා හට ගන්නා ජෙලි ආවරණය අමාශයේ ඇති පෙන බුබුළු බිද දමා එය ගුඩුස් එකක් විදිහට ඉක්මනින් පිට කර හරිනවා.බඩ පිපිලා පිම්බිලා තියෙන ගතියත් එයින් ඉක්මනට අඩු වෙනවා.

කොලැජන් නිෂ්පාදනය උත්තේජනය කිරීම
අපේ සමේ ඇදෙන සුළු බව රැක ගන්න වගේම තරුණ පෙනුම පවත්වා ගන්න කොලැජන් තරම් වැදගත් දෙයක් තවත් නෑ, හන රැළි වැටීම අත් කකුල් ගෝරෝසු වීම යටි පතුල් පැලීම, හිස කෙස් තුනී වීම, වගේ දේවල් ඇතිවීමට මුලික හේතුව වන්නේ කොලැජන් ඌනතාවයයි. මේ නිසාම විවිධ කොලැජන් අතිරේක වන වාණිජ නිශ්පාදන වලට අද ලොකු ඉල්ලුමක් තිබෙනවා. නමුත් අපේ සිරුරට අවශ්‍ය කොලැජන් අපිට තනිවම නිශ්පාදනය කරන්නට පුලුවන්. ඒ සදහා අවශ්‍ය පෝෂක සිරුරට ලබා දීමයි අවශ්‍ය වන්නේ.
කස කසා ඇට වලට කොලැජන් නිශ්පාදනය කිරීමට අවශ්‍ය පෝෂක සිල්ලම බහුලව අඩංගු වේ. දිනපතා කස කසා ඇට ආහාරයට ගැනීමෙන් හා පානය කිරීමෙන් ඔබේ සිරුරට අවශ්‍ය කොලැජන් නිශ්පාදන කර ගැනීමට පුලුවන්.

සරුබාවය වැඩි කර ගන්න
සරුබාවය අඩු වීනට ප්‍රධානතම හේතුවක් වන්නේ ශුක්‍රාණු වල හෝ ඩිම්බ වලට අවශ්‍ය පෝෂක නිසි ලෙස නොලැබීමයි.අතිතයේ සිටම සරුබාවය වැඩි කරන ඖෂධයක් විදිහට කස කසා යොදා ගැනේ. අද වෙද්දි බටහිර විද්යාත්මක පරික්ෂණ වලින් පවා තහවුරු වී හමාරය.

විශේෂයෙන්ම පිරිමි අයගේ ශුක්‍රාණු තරලයේ ගුණාත්මක බව වැඩි කර ගන්න එය ඉක්මන් විසදුමක්. ශුක්‍රාණු වලට හොදින් පවතින්න තරල වට පිටාවක් ලබා දීම මගින් එයින් ශුක්‍රාණු වල ජීවි බව ඉහල දමනවා.සිරුරේ උෂ්න රුධිරගත ග්ලූකෝස් මට්ටම වගේ ශුක්‍රාණු නිශ්පාදනයට අහිත කර දේවල් පාලනය කිරීන හරහා එය වක්‍රාකාරයෙන් ඔබේ සරු බව ඉහල නංවන්නට දායක් වෙනවා.

මළ බද්ධයට ඉක්මන් විසදුමක්
මළ බද්ධය ඇති වීමට ප්‍රධානතම හේතුව වන්නේ අපි ගන්න ආහාර වල ඇති තන්තු ප්‍රමාණය අවම වීමයි. තන්තු ප්‍රමාණය අවම වුන ගමන් අපේ මහා බඩ වැල් මගින් ප්‍රමාණය ඉක්මවා ජලය උරා ගන්නවා. මල පිට කිරීම තරමට අපහසු වන්නේ එහි වියලි වෙන්නේ එහි ප්‍රතිඵලයක් හැටියට,එලවලු පළතුරු ධාන්‍ය වැඩිපුර ආහාරයට ගැනීම තන්තු ලබා ගැනීමට හරීම වැදගත්. නමුත් යම් හේතුවක් නිසා ඒ වගේ ආහාර මග හැරෙනවා නම් ඒ වෙනුවට කස කසා ඇට ආහාරයට ගැනීමෙන් ඉක්මන් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට හැකිය.

කස ඇට මේස හැන්දක ආහාරමය තන්තු 79 අඩංගු වෙනවා. මේ නිසා කිරි විදුරුවකට කස කසා මේ හැදි එකක් දමා පානය කිරීම මගින් එම තත්වය මග හරවා ගන්න පුලුවන්.

ඉතිං මේ තමයි කස කසා වලින් අපිට ලැබෙන වාසී එහෙනම් ඔයාලත් උත්සාහ කර කරලා ප්‍රතිඵල අරගෙන එන්න...
උපුටා ගැනීමක් 

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top