ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජා භාරතීය ජනතා පක්ෂයේ සමාජිකත්වය ලබාගෙන ඇතැයි ඔහුගේ බිරිඳ වන රිවාබා ජඩේජාගේ ප්‍රකාශයක් උපුටා දක්වමිනුයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඇය ගුජරාට් ප්‍රාන්ත භාරතීය ජනතා පක්ෂයේ මන්ත්‍රීවරියක් වන අතර ඇය 2019 වසරේදී පක්ෂ සාමාජිකත්වය ලබා ගත්තා.
2022 වසරේදී පැවැති ප්‍රාන්ත මැතිවරණයට ඉදිරිපත්වී ඡන්ද 50,000කට වැඩි ප්‍රමාණයක් ලබාගැනීමට ඇය සමත් වූ අතර එම මැතිවරණය සඳහා රවින්ද්‍ර ජඩේජා ප්‍රචාරණ කටයුතුවල නිරතවී ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.
එම කාලයේදී ජඩේජාගේ පිය සහ සහෝදරිය කොංග්රස් පක්ෂය වෙනුවෙන් මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නිරතවීමත් විශේෂත්වයක්.
ඉන්දීය කණ්ඩායම මේ වසරේ විස්සයි විස්ස ලෝක කුසලානය ජයගැනීමෙන් අනතුරුව රවීන්ද්‍ර ජඩේජා ජාත්‍යන්තර විස්සයි විස්ස තරගවලින් සමුගත්තා.