ආදිවාසීන් ජීවත්වන රක්ෂිත වනාන්තරවලට ඇතුළු වීම සඳහා එම ආදිවාසීන්ට හැඳුනුම්පතක් නිකුත් කිරීමට වන සංරක්ෂණ සහ වනජීවී දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
ඒ රක්ෂිත වනාන්තර වෙත ඇතුළු වන විට වනසංරක්ෂණ සහ වනජීවී නිලධාරීන්ගේ විවිධ හිරිහැරවලට පත්වන බවට රතුගල ආදිවාසී නායක දානිගල මහබණ්ඩලාගේ සුදාවන්නිලා හෙවත් ඩී.එම්. සුදුබණ්ඩා විසින් මානව හිමිකම් කොමිසමට සිදුකළ පැමිණිල්ලක් හේතුවෙන්.
ඒ අනුව, එම පැමිණිල්ල විභාග කළ මානව හිමිකම් කොමිසම විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ඉල්ලීමක් මත ආදිවාසීන්ට වනයට ඇතුළුවීම සඳහා නීත්‍යනුකූල හැඳුනුම්පතක් ලබාදීමට වන සංරක්ෂණ සහ වනජීවී දෙපාර්තමේන්තුව එකඟතාව පළකර තිබෙනවා.
මෙම වැඩසටහනේ පළමු අදියර යටතේ රතුගල සහ දඹාන ආදිවාසීන්ට හැඳුනුම්පත් නිකුත් කිරීම සිදුකරන බවත්, හැඳුනුම්පත් නිකුත් කරන්නේ ආදිවාසී නායකයන් ලබාදෙන නාම ලේඛනයට අනුව පමණක් බවත් වනජීවී සහ වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළා.