Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
07
"සුරේකාත් කාර් එකේ දාගෙන රත්රන් බඩු ගන්න කියලා එක්කගෙන ගියා" - පිටකොටුවම සලිත කළ බිහිසුණු ඝාතනයක, සුල මුල... ලක්ෂ 35ක් ගන්න මිතුරා මරලා අවුරුදු 12කට පස්සේ ගස් ගිය හැටි...

- "සුරේකාත් කාර් එකේ දාගෙන රත්රන් බඩු ගන්න කියලා එක්කගෙන ගියා" - පිටකොටුවම සලිත කළ බිහිසුණු ඝාතනයක, සුල මුල... ලක්ෂ 35ක් ගන්න මිතුරා මරලා අවුරුදු 12කට පස්සේ ගස් ගිය හැටි...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5 Views
අප දිවි ගෙවන්නේ මිනිස්කම වල් වැදී ඇති කාලයකය. ගුණදම් ශීඝ්‍රයෙන් වැනසී යන අබුද්දස්ස යුගයකය. රුපියල් සතවලට මිනිසුන් මරා දමන වකවානුවකය.


මිනිස්කම මුදලට යට වී නොපනත්කම් ඉස්මතු වී ඇති මෙවන් යුගයක පහත් රුචිකත්වයෙන් යුක්ත මිනිස් සිත් සතන් මේ ජන සමාජය පුරා බහුලව ඇත. මේ සියල්ලටම හේතුකාරකය වී ඇත්තේ පවත්නා අධි තරගකාරී වාණිජවාදී අර්ථ ක්‍රමයයි. තරගකාරී අර්ථ රටාව තුළ ගුණ, නැණ-දම් රැකීම තුට්ටුවකට තරම්වත් වටින්නේ නැති බවත් සියල්ල තීරණය වන්නේ මුදල් මත බවත් පැහැදිලිව දැකිය හැකිය.

මෙයද ඒ හා සමාන කතාවකි. වාර්තාවන්නේ පිටකොටුව පොලිස් බල ප්‍රදේශයෙනි. ඒ, මීට වසර 12කට පෙර සිදු වූ ඇඟ ලොමුඩැහැගැන්වූ සිදුවීමකි. මෙම සිදුවීම වසර 12ක කාලයක් තිස්සේ පොලිස් පොත්වල සටහන් වන්නේ මෙලෙසය.

යූසුප් පස්වින්, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි, දෙදරු පියෙකි. රන් බඩු වෙළෙදාම යූසුප්ගේ රැකියාව විය. ඒ නිසා ඔහු ගැන හෙට්ටිවීදියේ නොදන්නා කෙනෙක් නැති තරම්ය. හෙට්ටිවීදියේ රන්බඩු හලක ඔහු සේවය කළේය. උකස් කළ රන්බඩු බේරා වැඩි මිලට ගැනීමද ඔහු අතින් සිදුවිය.

සුරේකා රාජාද රන්බඩු වෙළෙදාමේ නිරත වූවෙකි. බැංකුවලට සින්න වන ස්වර්ණාභරණ මිලදී ගෙන එම රන්බඩු බේරා ඒවා මකවා හෙට්ටිවීදියේ වෙළෙඳසල්වලට සැපයීම ඔහු කලක් තිස්සේ කරගෙන ගියේය. යූසුප්, සුරේකා රාජාට මුණගැසෙන්නේ එම බිස්නස්වලදීය. කල්යත්ම දෙදෙනා හොඳ මිතුරෝ වූහ. දෙදෙනාගේ සමීප ඇසුර හෙට්ටිවීදියේ සෙසු රන්බඩු අලෙවි කිරීමේ නිරත වූවන්ටද රහසක් නොවීය. යූසුප්ට මිල මුදලින් පවා උදවු කළේ සුරේකා රාජාය. නැති බැරි අවස්ථාවලදී සුරේකා රාජා යූසුප්ට පිහිට විය. දෙදෙනා අතර තිබූ සමීප මිතුදම ඊට ඉවහල් විය.

ඒ 2012 වසරේ ඔක්තෝබර් 31 වැනිදාය. අදින් වසර 12කට පෙර දිනකි. සුරේකා රාජා සිය මිතුරා වූ යූසුප්ට කතාකොට කුමක් හෝ බිස්නස් එකක් නැත්දැයි විමසුවේය. බඩු වගයක් තියෙනවා ලක්‍ෂ 35ක් ඕන. යුසුප් කීවේය.

“හරී මම ලක්ෂ 35ක් අරගෙන එන්නම්…” සුරේඛා රාජා යූසුප්ට කීවේය. යූසුප් ඊට කැමැත්ත පළ කළද කිසිදු බිස්නස් එකක් යූසුප් සතුවූයේ නැත. උකස් කළ රන්බඩු වගයක් බේරා ඒවා වැඩි මිලකට විකුණා වැඩිපුර මුදලක් අතට ගැනීම සුරේකා රාජාගේ අරමුණ විය. මීට පෙරද යූසුප් සහ සුරේකා රාජා අතර එවන් ගනුදෙනු සිදුව තිබිණි. ඒ නිසා කිසිදු බයක් – සැකයක් නැතිව සුරේකා රාජා සිය මිතුරා වූ යූසුප් හමුවීමට ගියේය. ඒ රුපියල් ලක්ෂ 35ක් ද අතැතිවය. ඔහු එම මුදල ඉල්ලා ගත්තේ සාප්පු හිමියකුගෙන්ය.

“උඹ වරාය ළඟ පාරට වරෙන්….” යූසුප් දුරකතනයෙන් සුරේකා රාජාට කීවේය. ඔහු බොරු බේගලයක්ද දෙසාබාමින් සුරේකා රාජාට එසේ කීවේ යටි සිතේ වූ කිසියම් අරමුණක් ඇතිවය.

මෙලෙස යූසුප් හමුවීට ගිය සුරේකා රාජා නැවත නිවෙසට ගියේ නැත. සුරේකා රාජාගේ බිරිය සෙල්වරාණි සිය සැමියා ගැන තොරතුරක් සොයා ගන්නට වෙහෙසුණාය. යූසුප්ට දුරකතන ඇමතුමක් දෙමින් සැමියා ගැන ඔහුගෙන් විමසුවාය.

“හම්බවෙන්න එනවා කිව්වා. ඒත් ආවේ නැහැනේ” යූසුප් කීවේය. සෙල්වරාණි හෙට්ටිවීදියේ මිතුරන්ගෙන් ද සැමියා ගැන විමසුවාය. සමහරෙක් කීවේ සුරේකා රාජා යූසුප් සමඟ ගිය බවය. ඒත් යූසුප් පවසන්නේ සුරේකා රාජා ඔහුට මුණනොගැසුණු බවය. මෙය සෙල්වරාණිට මහත් ගැටලුවක් විය. මිතුරන්ද යූසුප්ට කතාකොට සුරේකා රාජා ගැන විමසුවද යූසුප් මිතුරන්ට කීවේද ඔහු තමා මුණගැසෙන්නට නොපැමිණි බවය. අවසානයේ සෙල්වරාණි සිය සැමියා සොයා දෙන ලෙස ඉල්ලමින් පිටකොටුව පොලිසියට පැමිණිල්ලක් කළාය. ඒ 2012 නොවැම්බර් මස 01 වැනිදාය.

පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන අරඹන ලද්දේ අපරාධ විමර්ශන අංශය විසිනි. නිලධාරීහු සී.සී.ටී.වී කැමරා ඔස්සේද විමර්ශන සිදු කළහ. දින තුනක් ගත විය.

නානුඔය පොලිසියට ලැබුණු නිර්නාමික දුරකතන ඇමැතුමකි. ඒ නානුඔය ප්‍රදේශයේ ලඳු කැලෑවක පුද්ගල මළ සිරුරක් ඇති බව කියමිනි. නිලධාරීහු මළ සිරුර සම්බන්ධයෙන් සෙසු පොලිස් ස්ථානද දැනුවත් කරන්නට වූහ. පිටකොටුව පොලිසියට ලැබුණු එම පණිවුඩයට අනුව සෙල්වරාණිද නානුඔයට ගියාය. ඒ හමු වූ මළ සිරුර සිය සැමියාගේද යන්න දැනගැනීමටය. උත්සාහය සාර්ථක විය. මියගොස් ඇත්තේ තම සැමියා වූ සුරේකා රාජා බව සෙල්වරාණි හඳුනාගත්තාය.

පශ්චාත් මරණ පරීක්ෂණයේදී සුරේකා රාජාගේ මරණය ඝාතනයක් බවට තීන්දු විය.කෙසේ වෙතත් සුරේකා රාජා සන්තකයේ තිබූ රන් ආභරණද අතුරුදන්ව තිබූ අතර පොලිස් ඇස එල්ල වූයේ යූසුප් වෙතය. එම සැකය මත නිලධාරීන් සී.සී.ටී.වී. කැමරා දිගින් දිගටම නිරීක්ෂණය කරද්දී යූසුප් සිය මෝටර් රථයෙන් උඩුපුස්සැල්ලාව නගරයේ ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන ලබාගන්නා අයුරුද දක්නට ලැබිණි. ඒ අනුව යූසුප් සම්බන්ධයෙන් තිබූ සැකයද තහවුරු විය. ඊට අමතරව යූසුප්ගේ ජංගම දුරකතන අංකයට අදාළ විශ්ලේෂණ වාර්තාවක් ලබාගැනීමටද නිලධාරීහු කටයුතු කළහ. යූසුප්ගේ ගමන් බිමන් ගැනද නිරීක්ෂණය කළහ.

“සර් ඔය කියන දවසේ එයා ගෙදර නිදාගෙන හිටියේ…” යූසුප්ගේ බිරිය නිලධාරීන්ට කීවාය. එහෙත් දුරකතන කුලුනු ඔස්සේ කළ විමර්ශනයේදී අනාවරණය වන්නේ සිද්ධිය වූ දා යූසුප් අඹේපුස්ස, වරකාපොළ, උඩුපුස්සැල්ලාව හරහා ගමන් කර ඇති බවය. ඒ අනුව යූසුප්ගේ බිරිය පවසන්නේ බොරුවක් බව නිලධාරීන්ට ඒත්තු ගියේය. අවසානයේ යූසුප්ව පිටකොටුව පොලිසිය වෙත කැඳවනු ලැබීය. ප්‍රශ්න කිරීම ඇරඹුණේ ඉන් පසුවය. මුලින් _ මුලින් බොරු බේගල් ඇද බෑවද තාක්ෂණයට බොරු කිරීමට ඔහුට හැකියාවක් නොවීය. දුරකතන විශ්ලේෂණ කුලුනු වාර්තා, සී.සී.ටී.වී. දර්ශන පෙන්වමින් නිලධාරීන් යූසුප්ගෙන් දීර්ඝ ප්‍රශ්න කිරීමෙන් අනතුරුව සුරේකා රාජා ඝාතනයේ සුලමුල එකින් එක හෙළිවන්නට විය.

“එදා එයා මාව හම්බ වෙන්න වරාය පාරට ආවා. මට කිව්වා ලක්ෂ 35ක් තියෙනවා කියලා. මම කාර් එකෙන් ගියේ. එයා ගෙනාපු ලක්ෂ 35 කාර් එකේ සීට් එක අස්සේ හංගලා තිබ්බා. සුරේකාත් කාර් එකේ දාගෙන රත්රන් බඩු ගන්න කියලා එක්කගෙන ගියා.ටික දුරක් යද්දි කාර් එක නතර කරලා මම කලිසමට දාගෙන හිටිය බෙල්ට් එක ගලවලා අරගෙන ඒක සුරේකා රාජාගේ බෙල්ලට දැම්මා…”
“උඹ මොකද විහිළු කරනවාද…”සුරේකා රාජා මගෙන් ඇහැව්වා. එයා අත්දෙකෙන් බෙල්ට් එක ගලවගන්න උත්සාහ කරද්දී මම බෙල්ට් එක දෙපැත්තට ඇද්දා. ටික වෙලාවකින් එයා සද්දයක් නැති වුණා. මම නහයට අත තියලා බැලුවා හුස්ම වැටෙනවද කියලා. හුස්ම වැටුණේ නැහැ. මම දැනගත්තා සුරේකා රාජා මැරිලා කියලා.පස්සේ එයගේ අතේ තිබුණු රත්තරන් මුදු හතරක් ගලවගත්තා. නවරත්න මුද්දකුත් ඒ අතර තිබුණා. අතේ තිබුණු කළුපාට ලේස් පටි පුච්චලා දැම්මා. සාක්කුවේ තිබුණ කරාබු ජෝඩුවකුයි පැන්ඩන්ට් එකකුයි ඒකත් මම ගත්තා.පස්සේ මම කොටිකාවත්තට ගියා. සුරේකා රාජා ගෙනාපු සල්ලිවලින් ලක්ෂ 33ක් දුන්නා යාළුවකුට. අරන් තියන්න කියලා. පස්සේ සුරේකා රාජාවත් දාගෙන නුවර පාර දිගේ කෑගල්ලට ගියා.
 
ඒ වෙලාවේ මට යාළුවෝ දෙතුන් දෙනෙක් කෝල් කරලා ඇහැව්වා සුරේකා රාජා කෝ කියලා. මම කිව්වා එයා මට හම්බ වුණේ නැහැ කියලා. එතකොටත් එයාගේ මිනිය මගේ කාර් එකේ තිබුණේ.පස්සේ පේරාදෙණිය හරහා ගම්පොළ පුස්සැල්ලාව පසු කරගෙන පාළු තැනක් සොයාගෙන ගියා. මඟදී කඩේකින් තේ එකක් බීලා කල්පනා කළා මොකද කරන්නේ කියලා…ඔහොම නානුඔය පාර දිගේ යනකොට පල්ලමක් දැකලා වාහනේ නතර කළා. මට හිතුණා සුරේකා රාජාගේ මිනිය එතැනින් පල්ලෙහාට දානවා කියලා. පල්ලම ළඟ පාළුයි. මම කාර් එක නතර කරලා සුරේකා රාජාගේ කිහිලි දෙක අස්සට අත් දාලා මිනිය එළියට අරගෙන ගිහින් පල්ලමට දැම්මා.ඒ වෙලාවේ මම දාගෙන හිටිය ලෙදර් සෙරෙප්පුවක් ගැලවුණා. මම දැන ගත්තා ඒක දාලා ගියොත් මාව අහුවෙන්න පුළුවන් කියලා. ඒ නිසා මම සෙරෙප්පුව හැමතැනම හෙව්වා. ඒත් හම්බවුණේ නැහැ. පස්සේ අනිත් සෙරෙප්පුවත් අරන් පල්ලමට විසිකරලා දැම්මා…” යූසුප් පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ එසේ කීවේය.

සුරේකා රාජාගේ මළ සිරුර එලෙස නානුඔය පල්ලමකට විසිකළ යූසුප් යළි කොළඹ බලා ඒමට පිටත් විය. පුස්සැල්ලාව ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලකින් වාහනයට අවශ්‍ය ඉන්ධනද පුරවා ගත් ඔහු පසුදා අලුයම පහ පමණ වෙද්දී සිය නිවෙසට සේන්දු විය. ඇඟපත සෝදාගත් ඔහු දහවල් වනතුරු තද නින්දකට වැටුණේය.

ඔහුගේ ප්‍රකාශය මත සුරේකා රාජාගෙන් සොරාගත් රන් බඩුද සොයා ගත් පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නට පියවර ගත්තේය. යූසුප් රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

කලක් එලෙස බන්ධනාගාරගතව සිටි යූසුප් පසුව ඇප මත මුදාහැරුණු අතර ඔහුට එරෙහිව අධිකරණයේ නඩු පැවැරීමට පොලිසිය පියවර ගත්තේය. එලෙස ඇරැඹි නඩු විභාගය වසරින් වසර අධිකරණයේ විභාගයට ගැනුණු අතර 2019.08.09 දින සැකකරුට එරෙහිව අධි චෝදනා ගොනු කෙරිණි.

2020.06.11 දින මහාධිකරණයේ විභාග වන නඩුවෙන් විත්තිකරුට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 296 වැනි වගන්තිය යටතේ මිනීමැරුම් හා 380 වගන්තිය යටතේ කොල්ලකෑමේ වරදට නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කර තිබිණි.

වසර කිහිපයක් තිස්සේ දිගහැරුණු දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව පසුගිය 04 වැනිදා කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කළේය
.
ඒ අනුව හෙට්ටිවීදියේ රන් භාණ්ඩ වෙළෙඳසල්වලට රත්රන් සපයන සැපයුම්කරුවකු මරා ඔහු සන්තකයේ තිබූ රුපියල් ලක්ෂ 35ක මුදලක් සහ ස්වර්ණාභරණ රැසක් කොල්ලකෑමේ චෝදනාවට වරදකරු කරමින් මහාධිකරණ විනිසුරුවරයා විසින් යූසුප්ට මරණ දඬුවම නියම කළේය.

නීතිපතිවරයා විසින් චූදිතට විරුද්ධව ගොනුකරන ලද අධි චෝදනා දෙකම සාධාරණ සැකයෙන් තොරව පැමිණිල්ල මඟින් සනාථ කර ඇති බවද විනිසුරුවරයා ප්‍රකාශ කළේය. එමෙන්ම මිනීමැරුම් චෝදනාවට මරණ දඬුවමට අමතරව බරපතළ වැඩ සහිත වසර 6ක සිරදඬුවමක්ද රුපියල් 10,000ක දඩ මුදලක් නියම කළේය.

විත්තිකරු විසින් මියගිය සුරේකා රාජා සන්තකයේ තිබී කොල්ලකන ලද රන්මුදු 4ක්, රත්රන් තැල්ලක්, මාලයක්, කරාබු ජෝඩු හා රන් කැබලි කිහිපයක් නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත් කරනු ලැබීය. ස්වර්ණාභරණ වෙළෙඳසල් හිමියන්ගේ සාක්ෂි හා අධිකරණ වෛද්‍ය සාක්ෂි සැසඳී ඇති බවද අධිකරණය නියම කළේය.

වසර කිහිපයක් පුරා තිබූ මිතුදම අබමල් රේණුවක් තරම්වත් මායිම් නොකර සිය මිතුරා සන්තකයේ තිබූ රුපියල් ලක්ෂ 35 ලබාගැනීමේ අරමුණෙන් ගෙල හිරකර ඔහු මැරූ සාහසික මිතුරා එල්ලුම් ගහට යැවීමට මහෙස්ත්‍රාත්වරයා පියවර ගත්තේ තමන්ගේ දරුවන් තිදෙනාම කුඩා දරුවන් වන බැවින් තමන්ට ලිහිල් දඬුවමක් නියම කරන ලෙස විත්තිකරු විත්ති කූඩුවේ සිට ඉල්ලා සිටියදීය. දඬුවම් නියම වූ යූසුප් බන්ධනාගාරය වෙත රැගෙන ගියේ ඉන් පසුවය.

එවකට පිටකොටුව පොලිස් ස්ථානාධිපති ප්‍රියන්ත මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක විජේරත්න, උප පොලිස් පරීක්ෂක කරුණාතිලක සැරයන් චන්ද්‍රරත්න (30520) යන නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත් වූහ.
කීර්ති මෙන්ඩිස්
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top