යාපනයේ තවත් ධීවරයකු විෂ මත්ස්‍යයකුගේ ප්‍රහාරයකට ලක්ව පෙරේදා මියගොස් තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ යාපනය පුංගුඩුතීව් කේරතීව් ප්‍රදේශයේ පදිංචි එස්. රජීවන් නමැති 27 හැවිරිදි ධීවරයෙකි.
ඔහු සුපුරුදු පරිදි තවත් දෙදෙනකු සමග මුහුදු ගොස් ඇති අතර ස්වල්ප වේලාවකදී කෑ ගසන්නට පටන් ගෙන තිබේ.
ඒ අවස්ථාවේදී අනෙක් ධීවරයින් දෙදෙනා දැක ඇත්තේ විෂ සහිත මොරල්ලකු ධීවරයාට ප්‍රහාරයක් එල්ල කොට මුහුදේ පීනා ගිය ආකාරයයි.
මත්ස්‍යයාගේ ප්‍රහාරයට ගොදුරු වූ ධීවරයා වහාම ගොඩබිම වෙත රැගෙනවිත් පුංගුඩුතීව් රෝහලට ඇතුළත් කර ඇතත් ඒ වන විටත් ඔහු මිය ගොස් සිටි බව වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබේ.
මෙම ධීවරයාගේ මරණයට හේතුව විෂ සහිත මත්ස්‍යයකුගේ ප්‍රහාරයක් බවට වෛද්‍යවරුන් නිගමනය කර තිබේ.
මේ වසරේ ගත වූ කාලය ඇතුළත යාපනයේදී විෂ සහිත මත්ස්‍යයින්ගේ ප්‍රහාරවලට ලක්ව මියගිය තුන්වන ධීවරයා මොහුයි.
මුහුදේ ජෙලි ෆිෂ් නමැති මසුන් හැරුණු විට විෂ සහිත මොරල්ලන්ගේ ප්‍රහාරවලට ලක්වීමෙන් ද ධීවරයෝ මිය යති.