මේ කියන්න යන්නේ පවුලක් ගිනියම් කළ එක් සිදුවීමක් ගැන කතාවක්.. මේ කතාව වාර්තා වෙන්නේ යාපනයෙන්..
යාපනයේ රාසවින්තෝට්ටම් ප්රදේශයේ අඹු සැමි යුවලක් අතර ඇති වූ රණ්ඩුවක් හේතුවෙන් සැමියා බිරිදට ගිණි තබා ඔහුද ගිණි තබා ගැනීම නිසා සැමියා 5 දා මියගොස් තිබෙනවා..
ගිණි ඇවිලුණු බිරිදද පිලිස්සුම් තුවාල සහිතව යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, මෙම නිවසේ ස්වාමියා හා බිරිද අතර නිතර නිතර ආරවුල් ඇති වන බව අසල්වාසීන් පොලීසියට ප්රකාශ කර තිබෙනවා..
සිද්ධිය වූ දිනයේදී නිවස දෙසින් කෑ කෝ ගසන ශබ්දයක් ඇසී ඇති අතර පසුව එම නිවා දෙසින් මහා ගිණි ජාලාවක් හට ගත් නිසා අසල්වාසීන් එම නිවසට ගොස් බලන විට ස්වමියා හා බිරිද යන දෙදෙනාම ගිණි ගෙන සිටිණු දැක තිබෙනවා..
වහාම ඔවුන් දෙදෙනාව යාපනය ශීක්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසුව තිස්පස් හැවිරිදි ශ්රී කාන්තන් නැමති ස්වාමියා මියගොස් තිබුණා...
බිරිද පොලීසියට පවසා ඇත්තේ ස්වාමියා තමන්ට පහර දී සිරුරට ගිණි තබා ඔහුද ගිණි තබා ගත් බවයි..
යාපනය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා..