ඇය ලොවක් හඳුනන ධාවන ශුරියක්.. ඇය ඉකුත් දා පැවැති පැරිස් ඔලිම්පික් තරගාවලියට ද සහභාගී වී තිබුණා..
දින කිහිපයකට පෙර සිය හිටපු පෙම්වතා විසින් පෙට්රල් දමා ගිනි තැබීම හේතුවෙන් දරුණු ලෙස පිළිස්සුම් තුවාල ලැබ රෝහල්ගත කර සිටි උගන්ඩා ජාතික ඔලිම්පික් මැරතන් ධාවන ශුරියක වන රෙබෙකා චෙප්ටේගී ඊයේ මියගොස් තිබෙනවා..
මියගිය 33 හැවිරිදි රෙබෙකා කෙන්යාවේ වාසය කරමින් මලල ක්රීඩා පුහුණුවීම්වල යෙදී සිටි අතර, ඉකුත් ඉරිදා ඇය සිය හිටපු පෙම්වතාගේ පෙට්රල් ප්රහාරයට ලක්ව තිබුණා.. ඒ සිය දියණියන් දෙදෙනා සමග පල්ලියට ගොස් පැමිණීමෙන් අනතුරුවයි..
කෙසේ හිටපු පෙම්වතා විසින් පෙට්රල් දමා ගිනි තැබීම හේතුවෙන් දරුණු ලෙස පිළිස්සුම් තුවාල ලැබ රෝහල්ගත කර සිටි රෙබෙකා ඊයේ මියගොස් තිබෙනවා.. ඇය හා ඇයගේ හිටපු පෙම්වතා අතර ඉඩමක් සඳහා පැවැති දබරයක් එම ප්රහාරයට හේතු වී ඇති බව කෙන්යානු බලධාරීහු පවසනවා..