ඔහු ඉතිරි කළ ගීත අදටත් ලාංකික හිත් රසවත් කරනවා..
ඒ විතරක් නෙවෙයි, ඒ හඬට අදටත් ආදරය කරන විශාල පිරිසක් ඉන්නවා.. ජිප්සීස් නායක සුනිල් පෙරේරා...
එහෙම කිව්වාම ඔහුව නොදන්නේ කවුද..? මේ ආදරණීය කලාතරුව මීට වසර තුනකට ඉහතදී අපෙන් නික්ම යනවා.. ඒ කොවිඩ් වසංගතයේ තවත් එක් ගොදුරක් විදිහට.. ඉතින් මේ ආදරණීය සුනිල් පෙරේරා ගැන බොහෝ දෙනෙක් අදටත් ස්මරණය කරනවා..
2021 වසරේ අගෝස්තු 5 වන දින සුනිල් පෙරේරා සහ ඔහුගේ බිරිඳ කොරෝනා වයිරසය ආසාධනය වීමෙන් පසු කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ අතර පසුව ඔවුන් සුවය ලබා නිවසට පැමිණ තිබුණා..
ඒත් ඉන් දින කිහිපයක් නිවසේ විවේක ගනිමින් සිටි සුනිල් පෙරේරා සැප්තැම්බර් 03 වැනිදා සවස යළිත් රෝහලට ඇතුළත් කළේ පෙනහළුවල ඇති වූ අසාත්මිකතාවක් හේතුවෙන්.. බරපතල සංකූලතා හේතුවෙන් ඔහු රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ ඔහු පසුව මියගොස් තිබුණා.. පසුව වෛද්‍යවරුන් පවසා තිබුණේ නියුමෝනියාව උග්රවීම හේතුවෙන් ඔහුගේ මරණය සිදුවූ බවයි..
මෙරට සංගීත ක්ෂේත්රයට කිසිදා පිරවිය නොහැකි බරපතළ හිඩැසක් තබමින් ඔහු නික්ම ගිය පුවත සුවහසක් රසිකයින්ට දරා ගන්න බැරි පුවතක් වුණා.. ඒ විතරක් නෙවෙයි, මේ ප්‍රවීණ ගායකයාගේ නික්මයාම ගැන ඇගේ ස්ස්දරණීය දියණිය මනීෂා ඇගේ සමාජමාධ්‍ය පිටු අතර සටහක් එක්කරන්නත් අමතක කරලා තිබුණේ නැහැ..