මේ කියන්නේ ඇය ගැන කතාවක්..
තවමත් ක්‍රීඩාවට ආදරය කරන ඇය මේ ඉන්න තත්වය ගැන වත් නොසිතා මෙවර පැරාලිම්පික් තරගයට සහභාගී වෙලා..
එහිදී ඇය ගැන බොහෝ දෙනෙක් කතා වුණේ ඇය ලද ජයග්‍රහණයත් එක්ක මේක මින් පෙර බිහිකර නැති වාර්තාවක් වූ නිසායි..
ඒ කියන්නේ ඇය ඉතිහාස ගතවනවා. පැරාලිම්පික් පදක්කමක් දිනූ පළමු ගැබිනි පැරා ක්රීඩිකාවවීමට මහා බ්‍රිතාන්‍යයේ දුනුවිදීමේ ක්‍රීඩිකා ජෝඩි ග්‍රින්හැම් සමත්වුණා..
31 හැවිරිදි ජෝඩි ග්‍රින්හැම් සත් මසක දරු ගැබක් කුසේ දරා ගෙන මෙවර පැරාලිම්පික් උළෙලට සහභාගිවන අතර ඇය කාන්තා දුනුවිදීමේ තරගයේදී ලෝකඩ පදක්කම දිනා ගත්තා..
එමෙන්ම ජෝඩි ග්‍රින්හැම් සිය සහෝදර ක්‍රීඩක නේතන් මැක්වීන් සමග එක්ව මිශ්‍ර කණ්ඩායම් දුනුවිදීමේ ඉසව්වේ රන් පදක්කම ද මහා බ්‍රිතාන්‍යයට දිනා දෙන්නටත් සමත් වුණා..