මේ දිනවල සිනමා ක්ෂේත්රයේ නිලියන්ට නලුවන්ගෙන් , නිෂ්පාදකවරුන්ගෙන් සහ අධ්යක්ෂවරුන්ගේ අතින් සිදුවුණ අසාධාරණයන් සහ බලපෑම් , හිංසනයන් හෙළි කරන හේමා කමිටුව නිසා මේ දිනවල මලයාලම් සිනමාව සම්බන්ධව දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.
මෙමගින් මලයාලම් සිනමාවේ ජනප්රිය නිලියන් තමන්ට සිදුවූ අඳුරු සිදුවීම් සම්බන්ධව හෙළි කරන්නට ඉදිරියට පැමිණ තිබෙනවා.
මලයාලම් සිනමාවේ 90 දශකයේ රංගනයේ යෙදුන සෞම්යා ද තමන්ට සිදුවුණ අකටයුතුකම් සම්බන්ධව හෙළි කර තිබෙනවා.
ඇය ප්රකාශ කර තිබෙන්නේ තමන් 18 හැවිරිදි වියේදී සිනමාවට හඳුන්වා දීමට පැමිණි අධ්යක්ෂවරයා සිය බිරිඳ සමග ඇයව දියණියක මෙන් බලාගන්නා බවට පවසා රැගෙන ගියත් බිරිඳ නැති අවස්ථාවන් හී තමන්ට ලිංගික අතවර කළ බවට චෝදනා කර තිබෙනවා.
එන්ඩීටීවී වෙත සම්මුඛ සාකච්ඡාවකදී සෞම්යා චෝදනා කර තිබුණේ අධ්යක්ෂකවරයා ඇයව වයස අවුරුදු 18 දී “ඔහුගේ ලිංගික වහලියක් ලෙස ඇයව හැඩගස්වා ගත්” බවටයි.
එක්තරා නිෂ්පාදකවරයකු ඇය සමග දරුවක් සෑදීමට පවා කැමති බවට ප්රකාශ කර තිබුණ බවට ඇය පවසා තිබෙනවා.