බදු ගෙවීම සම්බන්ධව පසුගිය කාලයේ වැඩි වශයෙන් කතාබහට ලක්වුණේ අපේ රටේ.
මේ කියන්න යන්නේ නම් අල්ලපු රටේ වැඩිම බදු ගෙවන වගකීමක් සහිත පුද්ගලයා ගැන කියන්න.
ඉන්දියාව කියන්නෙ කොහොමත් විශාල වශයෙන් ධනවතුන් සිටින රටක්නේ.
හැබැයි මේ සියල්ලන් අතරින් 2024 වසරේ බදු ගෙවන්නන්න් අතරෙන් වැඩිම බදු ගෙවපු පුද්ගලයා ගැන.
ඔහු තමයි මුළු ලොවක්ම ආදරය කරන ශාරුක් ඛාන්.ෂාරුක් රුපියල් කෝටි 92ක බද්දක් ගෙවූ අතර, ඉන් පසුව දමිළ සුපිරි නළු විජේ කෝටි 80ක් බදු ලෙස ගෙවා තිබෙනවා.
කෝටි 75ක් ගෙවා සල්මන් ඛාන් ද එම ලැයිස්තුවට ඇතුළත් වී තිබෙනවා.
අමිතාබ් බච්චන් (රුපියල් කෝටි 71), අජේ දේව්ගන් (කෝටි 42), රන්බීර් කපූර් (රුපියල් කෝටි 36), රිතික් රෝෂන් (කෝටි 28), කපිල් ෂර්මා (රුපියල් කෝටි 26), කරීනා කපූර් (රුපියල් කෝටි 26) වැනි නම් ද එම ලැයිස්තුවට ඇතුළත් වූ අතර ෂාහිඩ් කපූර් (රුපියල් කෝටි 14) ක් ලෙසද බඩු ගෙවා තිබෙනවා.
කීර්තිමත් බදු ගෙවන්නන්ගේ ලැයිස්තුවේ ෂාරුක් ඛාන් ඉහළින්ම සිටින අතර දෙමළ සුපිරි තරුව Thalapathy Vijay දෙවැනි තැනට පත්ව ඇත්තේ සල්මන් ඛාන්, අමිතාබ් බච්චන් සහ විරාත් කෝලි පසු කරමින්.
මෝහන් ලාල් සහ අල්ලු අර්ජුන් දෙදෙනාම රුපියල් කෝටි 14 බැගින් සහ කියාරා අද්වානි (රුපියල් කෝටි 12) අත්තිකාරම් බද් උගෙවා තිබෙනවා.