මේ කියන්න යන්නේ විස්සයි විස්ස පිටියෙන් ඇසෙන අමිහිරිතම වාර්තාවක් ගැන.
විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ ආසියානු කලාපයේ A ඛාණ්ඩයේ තරගයක දී කණ්ඩායමක්, විස්සයි විස්ස ජාත්‍යන්තර පිරිමි තරගයක වාර්තා වූ අඩුම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමේ අමිහිරි වාර්තාව තම රට ඉදිරියේ ලියා ගන්නට මොංගෝලියානු කණ්ඩායම සමත් වුණා.
ඒ සිංගප්පූරුවට එරෙහිව සියලු දෙනා ලකුණු 10ක් තුළ දැවී යමින්.
මැලේසියාවේ බන්හිහි පැවැති මෙම තරගයේ දී සිංගප්පූරුව මෙම පහසු ජය වාර්තා කළේ කඩුලු 9ක ජයක් පන්දු 5ක් පමණක් වැය කරමින් සපුරා ගනිමින්.
මෙම අමිහිරි සහගත තරග පරාජයත් සමග අදාළ තරගාවලියේ දී මොන්ගෝලියානු කණ්ඩායම තමන් ක්‍රීඩා කළ තරග 4ම පරාජය වී ඇති අතර ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ රැඳී සිටිනවා.
මෙම තරගයේ සිදු වූ තවත් සුවිශේෂී සිදුවීමක් නම් සිංගප්පූරු කණ්ඩායම වෙනුවෙන් හර්ෂ භාරද්වාජ්ගේ පන්දු යැවීම දැක්විය හැකි අතර ඔහු පන්දුවාර හතරකදී ලකුණු 3කට කඩුලු 6ක් දවා ගැනීමට සමත් වුණා.
ඒ අනුව එය වාර්තා අතරට එක් වුණේ පිරිමි 20-20 අන්තර්ජාතික තරගයක දෙවැනි හොඳම පන්දු යැවීම ලෙසයි.
තවද මෙම තරගයේදී මොංගෝලියානු පිතිකරුවන් පස් දෙනෙකු ලකුණු නොලබා දැවී ගොස් තිබුණා.