ගෙදර ආර්ථිකයට ශක්තියක් වෙන්නේ හිතපු පබසරා, විශ්ව විද්යාල හීනය පෙනි පෙනෙද්දීම ඇඟලුම් කම්හලක සේවයට එකතු වෙන්නේ ඇයට පුළුවන් විදිහට ගෙදර ආර්ථිකයට ශක්තියක් වෙන්න..
ඒත් ඒ හිතපු හැම හීනයක්ම ඇයට ඉටුකරගන්න පුළුවන් වුණාද..? මේ කියන්න යන්නේ අන්න ඒ ගැන කතාවක්.. පබසරා.. දක්ෂ කාර්යශූර තරුණියක්.. ඒ විතරක් නෙවෙයි, ඒ නිසාම එයා යන එන බොහෝ තැන්වල කැපී පෙනෙන චරිතයක් බවට පත්වෙලා..
ඉතින් ඇයට මේ ඇඟලුම් කම්මහලේ කරන්න තිබුණු රාජකාරී ඒ තරම් අපහසු දෙයක් වුණේ නැහැ.. දක්ෂ විදිහට හැම වැඩක්ම හසුරවා ගන්න පුළුවන් වෙච්ච මේ තරුණ යුවතියට දවසක් හිටපු නැති විදිහක ඇරයුමක් ලැබෙනවා.. ඒ තමන් වැඩ කරන ආයතනයේ ඉහළ කළමනාකාරීත්වයේ සිටින පුද්ගලයෙකුගෙන්.. හරියටම බැලුවොත් මේ පුද්ගලයා ඇගේ පියාගේ වයසට කිට්ටුයි..
ඔහු ඇය කෙරෙහි දැක්වූ උනන්දුව , අසීමාන්තිකව දැක්වූ අනුකම්පාව පබසරාට කරදරයක් වෙන්නේ අන්න ඒ අතරතුරේදීයි.. කොහොම වුණත් ඇය පුළුවන් හැම වෙලාවකම මේ පුද්ගලයා මඟ හරින්න පබසරා කටයුතු කළත් ඒක හිතපු තරම් ලේසි දෙයක් වුණේ නැහැ..
එන්න එන්නම ඔහුගේ කරදරය වැඩි වෙන්න ගත්තා.. නිතරදෙවේලේ ඔහුගේ කුටියට කැඳවූ ඇයට ආදර යෝජනාවක් ඔහුගෙන් ඉදිරිපත් වෙන්නේ කිසිම හිරිකිතයක් නැතුව කිව්වොත් හරි..
ඉතින් තවත් කොහොමද මෙහෙම තැනක වැඩ කරන්නේ..? ඇගේ හිත පුන පුනා ඇයට ඒ දේම කිව්වත්, ඒ හැම වෙලාවකම ඇයට මතක් වුනේ තමන්ගේ ගෙදර ඉන්න අනිත් පිරිස ගැන..
තමගේ අම්මා , තාත්තා වගේම නංගිලා දෙන්නාටත් ඇය මේ උපයා දෙන මුදල මහමෙරක් වුණා.. අන්න ඒ නිසයි විශ්ව විද්යාල ආරම්භක දිනය එනතුර ඇය කෙසේ හෝ මේ නාකි මනුස්සයාගෙන් බේරී රැකියාව කරන්න හිත හදාගන්නේ..
තමන්ගෙන් පවුලට ලැබුණ ශක්තිය පටන්ගත්ත ගමන්ම නවත්තන්න ඇගෙ හිතට හයියක් නොතිබුණ නිසා කිව්වොත් හරි.. කොහොම වුණත් තමන්ට දරාගන්න බැරි පීඩාවක් එක්කම කාලයක් රැකියාව කළ ඇය අවසානයේ සරසවි බිමට පය තබන විට මොන වගේ අභියෝගවලට මුහුණදේවිද..?