මේ කියන්න යන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන්ට ඉතාමත් සතුටු හිතෙන ආරංචියක් ගැන.
ඒ තමයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පිරිනමන ICC Player of the Month සම්මානය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ දුනිත් වෙල්ලාලගේ නිර්දේශ වී තිබෙනවා.
ඔහු සමගින් දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන ක්‍රීඩක කේෂව් මහරාජ්, බටහිර ඉන්දීය කොදෙව් වේගපන්දු යවන ක්‍රීඩක ජේඩන් සීල්ස් නිර්දේශ වී තිබෙන අතර වෙල්ලාලගේ ඉන්දීය සංචාරයේදී දක්වපු දස්කම් මෙයට හේතු වී තිබෙනවා.
කාන්තා අංශයෙන් ICC Player of the Month සම්මානය සඳහා හර්ෂිතා සමරවික්‍රම නිර්දේශ වී තිබෙනවා.ඒ අයර්ලන්ත සංචාරයේදී දක්වපු දක්ෂතා හේතුවෙන්.
වමතින් පන්දුවට පහර දෙන හර්ෂිතා ඩබ්ලින්හි පැවති විස්සයි20 තරග දෙකේදී ලකුණු 151ක් රැස් කළේ 169.66 ක පිතිකරණ සාමාන්‍යයක් සහ බෙල්ෆාස්ට් හි ක්‍රීඩා කළ එක්දින තරග තුනකදී 172 82.69 පිතිකරණ සාමාන්‍යයක් තබාගෙනයි.
පළමු විස්සයි20 තරගයේදී පන්දු 45කදී නොදැවී ලකුණු 86ක් රැස්කළ ඇය දෙවැනි එක්දින තරගයේදී ලකුණු 105ක් රැස්කරමින් එක්දින ශතකයක් වාර්තා කළ තෙවැනි ශ්‍රී ලංකා ක්‍රීඩිකාව බවට පත් වුණා.