දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව සහ ඉමදූව අතර 95 කිලෝමීටර කණුව ආසන්නයේදී අද උදෑසන විශාල අනතුරක් සිදුව තිබුණා..
ලොරි රථයක ටයරයක් පුපුරායෑමත් සමග මාර්ගය අවහිරවන ලෙස පෙරළීයාමෙන් සිදුවූ අනතුරකින් වාහන තදබදයක් හටගෙන ඇති බවටයි වාර්තා වුණේ..
මේ හේතුවෙන් කොළඹ සිට මාතර දෙසට ධාවනය වන බර වාහන පිටවීමේදී පින්නදූව අන්තර් හුවමාරුව භාවිත කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම්දීමක් කර තිබූ අතර, හැකි ඉක්මනින් මාර්ගයේ ධාවන කටයුතු යථා තත්වයට පත් කිරීමට ඔවුන් පියවර ගනිමින් සිටිනවා..