මේ කියන්න යන්නේ තවත් සංවේදී කතාවක්..
ක්ලබ් වසන්ත ඝාතනයෙන් පස්සේ ඔහුගේ දරුවන් ගැන, වගේම වසන්ත කළ කී දේවල් ගැනත් විවිධ කතා ඇසෙන්න පටන් ගත්තා...
ඒ කතාවලින් ගොඩක් මිනිස්සු දුකට , කම්පනයට පත් වුණා.. ඔහුට ආදරය කරන පිරිස තවත් වැඩිවුණා.. සමාජ මාධ්‍ය අතර ඒ අයගේ පවුලේ විස්තර බෙදා හදාගන්න වසන්ත කොහොමත් දැක්වුවේ වැඩි උනන්දුවක්..
සතුටෙන් විනෝදයෙන් එයාලා කාලය ගෙවන අපූරුව ඒකාලේ නම් හරි සුලබ දසුනක් වුණත් මේ ඔවුන් ගෙවා දමන්නේ අතිශ්‍යය දුක්මුසු කාලයක් කිව්වොත් හරි..
කොහොම වුණත් ක්ලබ් වසන්තගේ දරුවන් තමන්ගේ තාත්තා ගැන විවිධ මතක ඔහුගේ මුහුණුපොතට එකතු කරද්දී රටේ ඉන්න දහසක් දරුවන්ට පියෙක් ලෙස සෙනෙහස පෑව ඒ අදරණීය මිනිසා කළ තවත් ලස්සන වැඩක් ගැන මෙන්න මේ විදිහට ඔහුගේ මුහුණු පොතේ පළ වෙලා තිබුණා..
"අපේ සන්හිල් ආයතනයේ 25 වැනි සංවත්සරයේදී අපේ තාත්තා ශ්‍රී ජිනානන්ද ළමා නිවාසයේ විනෝද උත්සවයක් සංවිධානය කළේය..." ඒ ඡායාරූප පෙළට එක්කළ සටහන තමයි මේ.. ඇත්තටම එදා දවසේ මේ දරුවන් හැම කෙනෙක්ම ගොඩක් සතුටු වෙන්න ඇති..
ඔහුගේ නික්මයාමෙන් පස්සේ වසන්තගේ දරුවන් තමන්ගේ තාත්තා ගැන මෙන්න මෙහෙම කතාවක් කියලා තිබුණා..
"සෑම විටම සහ සදහටම අපේ තාත්තා.." ඒ මතක මොන තරම් හිත පෑරුවත්, වසන්ත කියන්නේ තමගේ දරුවන්ට විතරක් නෙවෙයි අනෙක් දරුවන්ටත් සෙනෙහස ලබාදුන් පියෙක් කියන එකට මේ අවස්තා සාක්ෂි දරනවා..