2025 ඉන්දීය ප්‍රිමිය ලීගය සම්බන්ධව දැන් දැන්ම බොහෝ දෙනෙකු කතාබහට ලක් කරනවා.
ඉන්දීය ප්‍රිමිය ලීගයේ මුම්බායි ඉන්දියන්ස් සහ රාජස්ථාන් රෝයල් කණ්ඩායම් දෙක ගැන ශ්‍රී ලාංකීය ක්‍රීඩාලෝලීන්ගේ වැඩි අවධානය දිනාගත්තේ එම කණ්ඩායම් දෙකේ පුහුණු අධ්‍යක්ෂවරුන් ලෙස මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර කටයුතු කළ නිසාවෙන්.
කොහොම නමුත් රාජස්ථාන් රෝයල් කණ්ඩායමේ පුහුනු අධ්‍යක්ෂ දූරයෙන් කුමාර් සංගක්කාර ඉවත් කිරීමෙන් අනතුරුව ඉන්දීය කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ් රාජස්ථාන් රෝයල් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර දූරයට පත්වනු ඇතැයි වාර්තා වෙනවා.
වාර්තා වන අන්දමට 2025 ඉන්දීය ප්‍රිමිය ලීගයේ රාජ්ස්ථාන් රෝයල් කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ රාහුල් ඩ්‍රාවිඩ් විසින් බවටයි ඉන්දීය මාධ්‍ය සඳහන් කරන්නේ.
