Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
04
"උඹ" කී නිසා සදහටම වසා දැමූ රක්වාන මහ පන්නිල මිනිරන් පතල...

- "උඹ" කී නිසා සදහටම වසා දැමූ රක්වාන මහ පන්නිල මිනිරන් පතල...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

38 Views
ශ්‍රී ලංකාවේ මිනිරන් පතල් කර්මාන්තය ගැන කතා කරද්දී ඒ ඒ පතල් ආශ්‍රිතව ද රසවත් කතා බොහෝමයකි.

ලංකාවේ කළු රත්තරන් නමින් ද හඳුන්වන මිනිරන්, වර්ග දෙකකි. කාර්මික අමු ද්‍රව්‍යයන් වශයෙන් ප්‍රයෝජනයට ගන්නා මෙම ඛනිජ ද්‍රව්‍ය, ධමණි මිනිරන් (Graphite) සහ තලාතු මිනිරන් (Mica) වශයෙන් වර්ග දෙක කි.

ශ්‍රී ලංකාවේ මිනිරන් පතල් කර්මාන්තය ගැන ලිඛිත තොරතුරු ඉතාමත් අල්ප ය. යම් යම් ලේඛනවල මේ ගැන සටහන්කර ඇතත්, ඒ ඉතාමත් සුළු වශයෙන් ය. වැඩිමනත් තොරතුරු ලැබෙන්නේ ජනශ්‍රැතිය ආශ්‍රයෙනි. ජනශ්‍රැති තොරතුරු ද ඉවත දැමිය නොහැක. ලක්දිව මැණික් පතල් කර්මාන්තයට දීර්ඝ ඉතිහාසයක් ඇතත්, මිනිරන් කර්මාන්තයට ඇත්තේ, සියවස් දෙකක (ක්‍රි:ව:1820-2024) පමණ ඉතිහාසය කි.

ශ්‍රී ලංකාවේ මිනිරන් පතල් කර්මාන්තය ගැන කතා කරන විට, පළමුවෙන්ම 18 වන සියවසේ දී පස්දුන් කෝරළයෙන් සුළු පරිමානයෙන් ඇරඹුණු මිනිරන් කැණීම, 19 වන සියවසේ මැද භාගයේ දී සබරගමුව, වයඹ සහ මධ්‍යම යන පළාත්වලට ද ව්‍යාප්ත වූ බව මෙම කර්මාන්තයට අදාළ තොරතුරුවලින් වාර්තා වේ. මිනිරන් පතල් කර්මාන්තය, ප්‍රධාන පෙළේ වාණිජ කර්මාන්තයක් වශයෙන් ආරම්භ කර තිබෙන්නේ ක්‍රි:ව: 1840 වසරේ දී ය.

එහෙත් මහා පරිමාන කර්මාන්තයක් ලෙස ආරම්භ කර ඇත්තේ 19 වන සියවස අග භාගයේ දී හෙවත් 1870 දී පමණ ය. 1899 වසර වනවිට ලංකාවෙන් විදේශයන්වලට අපනයනය කරන ලද මිනිරන්වල සමස්ත අදායම, රටේ මුළු ආදායමෙන් 20%කි. මහා බ්‍රිතාන්‍යය, ජර්මනිය, රුසියාව සහ තවත් රටවල් කිහිපයක්, එකල මෙරට ප්‍රධාන පෙළේ, මිනිරන් ගැනුම්කරුවන් විය.

ශ්‍රී ලංකාවේ මිනිරන් අපනයනයේ ස්වර්ණමය කාල පරිච්ඡේදයන් දෙකකි. වර්ෂ 1899-1918 අතර කාල සීමාව තුළ පැවති පළවැනි ලෝක යුද්ධය සහ 02 වැනි ලෝක යුද්ධය පැවති 1938-1945 කාලයන් තුළ ය. මෙම යුද්ධයන් පැවති අවස්ථා දෙකෙහිදීම යුද උපකරණ සෑදීමට මිනිරන් අවශ්‍ය වූ අතර, බ්‍රිතාන්‍ය රාජ්‍යය තමන්ගේ යටත්විජිත කොළනියක් වූ ලංකාවේ මිනිරන් ලබාගැනීම නිසා, එකල අපේ මිනිරන්වලට හොඳ මිලක් පැවති බව පැරණි වාර්තාවල සඳහන් වේ.

ලෝක යුද්ධ පැවති අවස්ථා දෙකෙහි දී ලංකාවේ මිනිරන් නිෂ්පාදනය වසරකට ටොන් 35,000ක් බව, Michael Gregson විසින් Lankaweb අඩවියට සපයන ලද,Sri Lanka’s Black Gold නම් ලිපියේ සඳහන් වේ. එම ලිපියේ තවදුරටත් සඳහන් වන්නේ, මේ වනවිට හෙවත් වර්තමානයේ අපේ රටේ මිනිරන් නිෂ්පාදනය 90%කින් පහළ වැටී ඇති බවයි. ලෝකයේ ඇති හොඳම සහ ඉතාමත් පිරිසිදු මිනිරන් තිබෙන්නේ ශ්‍රී ලංකාවේ බව පිළිගත්ත ද, අද එය ලෝක නිෂ්පාදනයෙන් 1%ටත් වඩා අඩු දශම ගණන කි.

දෙවැනි ලෝක යුද්ධය නිමවීමෙන් පසු මිනිරන් කර්මාන්තය බර වූයේ, ඍණාත්මක පැත්තට ය. විදෙස් රටවල් මිනිරන් මිලට ගැනීම අඩු කළහ. එම මිල බලාපොරොත්තු වූවාටත් වඩා පහළ වැටුනේය. ඒ වනවිට ලංකාව පුරා ලියාපදිංචි කළ, ලොකු කුඩා මිනිරන් පතල් 4000ක් පමණ හෝ එයටත් වැඩි ප්‍රමාණයක් තිබෙන්නට ඇතැයි විශ්වාස කරති. එයට හොඳම නිදසුන නම්, බෝගල පතලේ ලියාපදිංචි අංකය යි. එය Mines–No:S.A.B.3851 ය. මිනිරන් පතල් වර්ග තුන කි. යාන්ත්‍රික පතල් (මෝල් පතල්), දබරේ පතල් සහ වළ (පතස්) පතල් වශයෙන් ය.

සබරගමු පළාතේ මිනිරන් සෙවීමේ කටයුතු ආරම්භ කළේ, වර්ෂ 1820 දී පමණ ය. කෙසේ වුවද රත්නපුර දිස්ත්‍රික්කයේ මිනිරන් පතල් පවත්වා ගෙන ගොස් ඇත්තේ, දළ වශයෙන් වසර 130ක් වැනි කෙටි කාලයක් ය. සමස්තයක් වශයෙන් ගත් කළ, රත්නපුර දිස්ත්‍රික්කයේ කෝරළ 07 තුළම වර්ග දෙකටම අයත් මිනිරන් පතල් තිබූ බවට සාධක ඇත. මෙම දිස්ත්‍රික්කයේ විශාලතම මිනිරන් පතල් වශයෙන් සලකන්නේ, මිනිපුර දුම්බර පතළ, රක්වාන මහ පන්නිල රම්මලකඩ පතල සහ කොළඹගේආර, කෝමාරික, දෙහිගහලන්ද යන මිනිරන් පතල් 03 ය. කෝමාරික මිනිරන් පතල ගැන කිසිදු ලිඛිත තොරතුරක් සොයා ගැනීමට නොමැති අතර, තිබෙන්නේ, එහි නටඹුන් සහ ජනප්‍රවාදයන් පමණි.

පූජ්‍ය කෑලිගම විජිතවංශ හිමියන් සඳහන් කරන පරිදි, 1912 වසරේ දී මෙම දිස්ත්‍රික්කයේ ලියාපදිංචි පතල් සංඛ්‍යාව 57ක් වූ අතර, 1916 වනවිට එම සංඛ්‍යාව 642 දක්වා ඉහළ ගොස් ඇත. ඒ කුරුවිට කෝරළේ 217ක් ද, කුකුළු කෝරළේ 182ක් ද, කොළොන්න කෝරළේ 143ක් ද, අටකලන් කෝරළේ 59ක් ද නවදුන් කෝරළේ 28ක් ද කඩවත කෝරළේ 10ක් ද මැද කෝරළේ 03ක් ද වශයෙනි. ලියාපදිංචි නොවූ පතල් සංඛ්‍යාව මෙයට වැඩියයි විශ්වාස කරති.

වර්තමානයේ රත්නපුර දිස්ත්‍රික්කයේ කිසිදු ක්‍රියාකාරි මිනිරන් පතලක් නැත.ශ්‍රී ලංකාවේ ආරම්භ කළ, ඛනිජ සම්පත් ගවේෂණ කාර්යාංශයේ ප්‍රථම අධ්‍යක්‍ෂවරයා සහ ප්‍රධාන ඛනිජ විද්‍යාඥයා ලෙස කටයුතු කළේ, ආනන්ද කුමාරස්වාමි මහතා ය. ඒ මහතා ප්‍රමුඛ එම කාර්යාංශය විසින් සිදු කළ, මෙරට ඛනිජ නිධි සම්බන්ධයෙන් කළ ගවේෂණ තුළින්, ශ්‍රී ලංකාව තුළ මිනිරන් ඛනිජය විශාල ලෙස ව්‍යාප්තව තිබෙන බව සොයා ගැනුණි. එම පර්යේෂණයන්ට අනුව, මාතර සිට ත්‍රිකුණාමලය දක්වාත්, ගාල්ල දිස්ත්‍රික්කයේ සිට කොළඹ දිස්ත්‍රික්කය පුරා තැන තැන ද, රත්නපුර, කුරුණෑගල, ගලේවෙල ප්‍රදේශවල සිට කන්ද උඩරට දක්වා මිනිරන් නිධි පවතින බව සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල ඉහත වර්ග දෙකටම අයත් මිනිරන් නිධි ව්‍යාප්තව ඇත. මෙරට ධමණි මිනිරන්වල කාබන් ප්‍රමාණය ඉතාමත් ඉහළ මට්ටමකින් පවතී. මෙම ගුණාත්ත්මකභාවය නිසාවෙන් ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි මෙරට මිනිරන්වලට විශාල ඉල්ලුමක් ඇතත්, ඉල්ලුමට සරිලන අන්දමින් සැපයීමට නොහැක.

දෙවැනි ලෝක යුද්ධයෙන් පසු 1960 දශකයේ දී මෙරට පෞද්ගලික වතු, රජය සතු හෙවත් ජනතාකරණය කිරීම නිසා මේ සියලුම මිනිරන් පතල් රජය සතු විය. රජය සතුවීමත් සමග මෙරට මිනිරන් පතල් රාශියක් වැසී ගිය හෙයින් ගියේය. අවසානයේ මෙරට ඉතිරි වුණේ, බෝගල, කහටගහ සහ රාගෙදර යන පතල් කිහිපය පමණි.

රක්වාන මහ පන්නිල කළු රත්තරන් පතල

අතීතයේ පටන් ස්වභාවික සම්පත්වලින් අනූන මහපන්නිල ගම පිහිටා තිබෙන්නේ, රක්වාන ආශ්‍රිතව ය. පන්නිලට මායිම් වූ නාහිටි රක්ෂිත වනාන්තරයේ එක් පසෙක පිහිටි, හුනුගල් ගුහා සහිත ප්‍රදේශය මෑතකදී ප්‍රසිද්ධියට පත් වූයේ, හිටිහැටියේ මතු වූ වටිනා මැණික් නිධියක් නිසා ය. එහෙත් වර්ෂ 1895 දී පමණ සුදු ජාතිකයන් අතර පන්නිල ප්‍රසිද්ධියට පත් වූයේ, කළු රත්තරන් ලෙසින් හැදින්වෙන මිනිරන් ඉල්ලමක් තිබූ නිසා ය. නාහිටිය වන පියසට යාබද, රම්මලකඩ නමින් හඳුන්වන ප්‍රදේශයේ බඹ ගණනක් පොළොව යටින් හමු වූ මිනිරන් ඉල්ලමට සුදු ජාතිකයන් වහවැටී සිටි බව රම්මලකඩ මිනිරන් පතල් පිළිබඳ ඉතිහාසගත තොරතුරුවල සඳහන් වන බව ප්‍රවීණ මාධ්‍යවේදී රක්වානේ බුද්ධික කෝණාර මහතා සඳහන් කරයි. දිවයිනේ නන් දෙසින් පැමිණි විවිධ ජාතීන් රම්මලකඩ මිනිරන් පතලේ සේවය කළ බව කියැවේ. පන්නිල, ඇන්දාන අවට ගම්වල විසූ ගැමියන් බොහෝ දෙනකුද, එවකට මේ මිනි

රන් පතල්වල රැකියාව කර තිබේ. පිටස්තර පළාත්වලින් පැමිණි පුද්ගලයන් නවාතැන් ගෙන ඇත්තේ, පතල් හිමිකරුවන් විසින් සපයා දුන් වාඩිවල ය. පතල්වල වැඩ කළ බොහෝ දෙනකු ඉතාමත් දඩබ්බර පුද්ගලයන් ය. රටේ විවිධ අපරාධවලට සම්බන්ධ වරෙන්තුකරුවන් ද නීතියෙන් බේරී සිටීමට සැඟව සිටියේ මිනිරන් පතල් වාඩිවල ය.

මිනිරන් පතල් භාෂාවට අනුව, රම්මලකඩ මිනිරන් පතලයේ පැවතියේ ගස් ඉල්ලම කි. ගස් ඉල්ලමක් යනු, උඩ සිට පහළට මිනිරන් විහිදෙන ඉල්ලම කි.
ඇන්දානෙහි පිහිටි ස්ටෝරුව (මිනිරන් ගබඩාව) දක්වා සේවකයන්ගේ කරමතින් රැගෙන එන මිනිරන් ගෝනි, එතැන් සිට කරත්තවලින් රත්නපුර බටුගෙදර කළුගඟේ පාරු තොටුපළ දක්වාත්, එතැන් සිට කළුතර දක්වාත් ප්‍රවාහනය කර අනතුරුව නැවතත් කරත්ත මඟින් කොළඹ මිනිරන් ගබඩාවලට ප්‍රවාහනය කර තිබේ. පසුකාලීනව ලොරි ප්‍රවාහනය ආරම්භ වීමෙන් පසු ලොරිවලින් ප්‍රවාහනය කළ බව පවතින ප්‍රවාද තොරතුරුවල සඳහන් වේ.

පතල් සේවකයන්ගේ සේවා මුරය සටහන් කිරීම හෙවත් පෙරෙට්ටුව තබා ඇත්තේ, ඇන්දානේ පිහිටි ස්ටෝරුව තුළ ය. නම් ලකුණු කිරීමට සේවකයන් කියන්නේ, “නම දානවා” කියා ය. පසුව එම ස්ථානය නම්දාන වී, උච්චාරයේ දී පසුකාලිනව ඇන්දාන වූ බව කියති.

මිනිරන් තැලීම හා තේරීම කාන්තාවන් විසින් සිදුකළ අතර ඔවුන්ට වැටුප් ගෙවා ඇත්තේ සත වලිනි. පිරිමි පතල් කම්කරුවන්ට වැටුපට කම්බි (අමුඩ) ලේන්සු දෙකක් සහ සබන් කෑල්ලක් නොමිලේ ලබාදුන් බව කියැවේ. එක් ලේන්සුවක් අමුඩය ගැසීමටත්, අනෙක් ලේන්සුව හිස බැඳ ගැනීමටත් ය. කම්බි ලේන්සුව කොතරම් ජනප්‍රිය ද යත්, “අමුඩ ලේන්සුවටත් ඉඩම් ලියලා දුන්නා” යනුවෙන් ගමේ ගොඩේ කතාවක් ඇත.

නමගිය වරෙන්තු අපරාධකාරයෙකු අත් අඩංගුවට ගනී

නමගිය වරෙන්තුකරුවන් මෙම පතල් වාඩිවල සැඟව සිටින බව පෙර සඳහන් කළ අතර, එයට හොඳම නිදසුනක් මෙම පතලයෙන්ම හමුවේ. එක්තරා දිනෙක දවසේ වැඩ නිමවීමෙන් පසු, කම්කරුවන් පිරිසක් දිය නෑමට ගියේ අසළ පීල්ලකට ය. දිය නාන අතරේ සිදුවුණේ අපූරු සිදුවීම කි. දිය නාමින් සිටි එක් හයිරන්කාර කම්කරුවකුට ඒ හා සමාන තවත් කම්කරුවකු පහර දුන්නේ අනෙකා බිම ඇද වැටෙන්නට ය. දිය නාමින් සිටි අනෙක් අයට මෙය පුදුමයක් වූයේ, මේ දෙදෙනා ඉතාමත් සමීප මිතුරන් වූ නිසා ය. අනතුරුව තමන්ගේ ඉණතුරේ සඟවා ගෙන සිටි මාංචු කුට්ටමක් ගත් හැඩිදැඩි කම්කරුවා, අනෙකාගේ දෑතට විලංගු දමා රැගෙන ආවේ මිනිරන් මඩුවට ය. මිනිරන් මඩුවේ සිටි බොහෝ දෙනකු මේ සිද්ධිය දැක බලා ගැනීමට මඩුව අසළට රැස් වූහ.

ඔහු රැස්ව සිටි පිරිස අමතමින් කියා සිටියේ, “….. මූ අවිස්සාවේල්ලේදී මිනී දෙකක් මරලා මෙහෙට පැනලා ඇවිල්ලා ඉන්නේ… මේකා වරෙන්තුකාරයෙක්… මූ අල්ලගන්න තමයි මම සති ගාණක් මූත් එක්කම වැඩ කළේ… මේකා කවදාවත්ම කාටවත් පේන්න කමිසෙ ගලවන්නේ නැහැ. අද නාන කොට මට මේකගෙ හොරේ අහුවුණා… මේකගෙ පිටේ කඩු පාරක කැළලක් තියනවා… මේ තියෙන්නේ ඒක… රැස්ව සිටි පිරිසට ඔහු වරෙන්තුකරුවාගේ පිටේ තිබූ කැළලක් පෙන්වීය. අවසානයේ පිරිසට දැනගත හැකි වූයේ, වරෙන්තුකරුවා අත්අඩංගුවට ගැනීමට සති ගණනාවක් මිනිරන් පතලයේ වැඩ කළේ අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියකු බවය.

පතල් කළමනාකරුට “උඹ” කීම

මිනිරන් වාඩියේ නතර වී සිටි සේවකයන් සඳහා ආහාර පිළියෙල කිරීම එහිදීම සිදු වූ අතර ඒ සඳහා අවශ්‍ය බඩු බාහිරාදිය රැගෙන ආවේ, රක්වාන නගරයෙන් ය. රක්වාන සිට ගංගොඩ හරහා නාහිටි වනය මැදින් රම්මලකඩ පතල්පොළ දක්වා අඩි පාරක් තිබී ඇත. අද ද එහි සලකුණු දැකිය හැක. මෙහි දැක්වෙන ලිපිය රම්මලකඩ මිනිරන් පතල බාරව සිටි සැපයුම්කරුවකු වූ වීරප්පන් චෙට්ටියාර් නැමැත්තකු විසින් 1899.11.9 දිනැතිව රක්වානේ බඩු ගබඩාවකට යැවූ එකකි. මේ රම්මලකඩ මිනිරන් පතලේ එදා තත්ත්වය කියාපාන දැනට ශේෂව ඇති කදිම සාක්ෂියකි.

බුද්ධික කෝණාර මහතා සඳහන් කරන පරිදි, රම්මලකඩ මිනිරන් පතල වසා දැමීමට හේතුවද අපූරු කතා පුවත කි. පතල භාරව සිටියේ, සුදු ජාතික කළමනාකාරවරයෙකි. ඔහුට සිංහල භාෂාව යම් තරමක තේරුම් ගැනීමට සහ කතා කිරීමට ද හැකියාවක් තිබූ බව කියති.

සිංහල හින්දු අලුත් අවුරුද්දට මෙම පතලයේ සේවකයන්ට නිවාඩු ලබා දෙන අතර, නිවාඩු ලබා දෙන දින වැටුප් සහ අමතර (බෝනස්) දීමනාවක් ලබාදීම සිරිතක් විය. මේ සඳහා මුදල් ගෙන ඒම සඳහා කළමනාකාරවරයා කොළඹට ගිය අතර, කුමන හේතුවක් නිසා හෝ ඔහුට නිවාඩු ලබා දෙන දිනයේ ආපසු පැමිණීමට නොහැකි වූ අතර, ඔහු යළි පැමිණියේ අලුත් අවුරුද්දෙන් පසුව ය.

මේ පමාව ගැන හිත නොහොඳ නෝක්කාඩුවෙන් පසු වූ පතලයේ ප්‍රධාන බාසුන්නැහේ, “උඹට දැන්ද අපිව මතක් වුනේ….?” යනුවෙන් කළමනාකාරවරයා ගෙන් සිංහලෙන් විමසුවේ තරමක කේන්තියෙනි. මෙහිදී උඹ යනුවෙන් ඇමතීම ගැන දෙදෙනා අතර වචන හුවමාරුවක් ඇති විය. උඹ යන වචනයේ අවසාන ප්‍රතිඵලය වූයේ, අඩ සියවසක පමණ කාලයක් ලංකාවට විශාල ආදායමක් ගෙනදුන්, රම්මලකඩ (මහ පන්නිල) කළු රත්තරන් (මිනිරන්) පතලය එක් දහස් නමසිය හතළිහේ දශකයේ අග භාගයේදී පමණ කටයුතු නතරවීම සිදු වූ බව පැරැන්නෝ පවසති.

පතලය වසා දැමුවේ එකවර නොවේ. පාලකයන් කීවේ, මෙම යන්ත්‍ර සූත්‍ර දැන් යල් පැන ගොස් ඇති නිසා, නව පන්නයේ යන්ත්‍ර සවි කළ යුතු බව ය. සේවකයන් ද ඔවුන්ගේ කීම පිළිගත්හ. පියවර කිහිපයකදී ක්‍රමක්‍රමයෙන් සියලුම යන්ත්‍රෝපකරණ ගලවා ගෙන ගිය අතර පතලය නොදැනුවත්වම වැසී ගියේය. පසුකාලීනව දැනගත හැකි වූයේ, පතලයේ ප්‍රධාන බාස් සහ කළමනාකාරවරයා අතර “උඹ” කීම සම්බන්ධයෙන් ඇති වූ බහින්බස්වීම පතලය වසා දැමීමට හේතු කාරණා වූ බවයි.
උපුටා ගැනීම - දිවයින 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




Paata KUrullo
Paavi Anna Asai
Ralla Weralata Adarei
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top