ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරග තුනකින් යුතු ටෙස්ට් තරගාවලියේ තරගාවලි ජය ලබා ගන්න එංගලන්ත කණ්ඩායම සමත් වුණා.
කෙසේ වුණත් එය දුක හිතෙන පුවතක් වුණත් මේ කියන්න යන පුවත නම් ශ්‍රී ලාංකීය ක්‍රීඩාලෝලීන්ට සුබ පුවතක් වේවී.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් හී 8 වැනි ස්ථානය දක්වා ස්ථාන 8කින් ඉදිරියට පැමිණීමට අසිත ප්‍රනාන්දු සමත්ව තිබෙනවා.
ඔහු ලෝර්ඩ්ස් හී දී පැවති දෙවනි ටෙස්ට් තරගයේදී එංගලන්තයට එරෙහිව කඩුළු පහක් ලබා ගැනීමට සමත් වුණා.
මීට පෙර එවැනි දස්කමක් දක්වා තිබුණේ රුමේෂ් රත්නායකයි.
ඒ සමගම අසිතට ලෝර්ඩ්ස් හී ගෞරවනීයන්ගේ නාම පුවරුවට තමන්ගේ නම එකතු කර ගැනීමට හැකියාව ලැබුණා.