Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
04
මොන කෙ ලි යක් වුණත් රති කෙ ලි ය නම් නවත්තන්න එපා.එහෙම වුණොත් වෙන්නේ මෙන්න මේක

- මොන කෙ ලි යක් වුණත් රති කෙ ලි ය නම් නවත්තන්න එපා.එහෙම වුණොත් වෙන්නේ මෙන්න මේකHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7 Views
මේ කථා කරන්න යන්නේ ලිංගික ක්‍රියාවලිය සහ ඒ ගැන වැඩිය ඇස නොගැටෙන පැත්තක් ගැන. 

රැකියාව, ගමන් බිමන් සහ මේ වගේ තවත් ගොඩක් හේතු නිසා ඔබගේ ලිංගික ක්‍රියාවලිය ඇනහිටීමට පුළුවන්. ඒ නිසාම මේ අඩු ක්‍රියාකාරීත්වය සෞඛ්‍යයට හොද විදියට වගේම නරක විදියටත් බලපානවා. අපි මේ ගැන වැඩිදුර විස්තර පහලින් බලමු.

මේ තියෙන්නේ ඔබේ ආදර හැගීම් ඔබට අහිමි වුනොත් බලපෑ හැකි දේවල් 7 ක්

කාන්සාව – උනන්දු නැති මලානික බව
ලිංගිකත්වය මිනිසුන්ට වර්ගයා බෝ කිරීමට වගේම තවත් ගොඩක් දේවල් වලට උදව් වෙනවා. තවදුරටත් කිව්වොත් හැගීම් වලට සහ ඒවායේ නැවුම් බව ඇති කිරීමටත් මේ දේ බලපානවා. ස්කොට්ලන්තයේ පර්යේෂකයින් පරිසක් කළ පරික්ෂණයකින් හෙලි වී තියෙන ආකාරයට, යම් කෙනෙක් ලිංගිකත්වයෙන් වැලකී සිටිනවා නම් ඔහු හෝ ඇය මිනිසුන් සමග කථා බහ කිරීමේ දී යම් යම් ගැටලු සහගත තත්වයන් ඇතිකර ගන්නවා. ඒ වගේම වැඩි කථා බහක් කිරීමට කැමැත්තක් දක්වන්නෙත් නැහැ. ඒ ව‍ගේම ඔවුන් ලිංගික ක්‍රියාවලියේ යෙදෙන්නේ සති දෙකෙන් දෙකට වගේ කාල පරාසයකින්. මේ මේ විදිහට ලිංගික ක්‍රියාවලිය අඩු මට්ටමකින් පවත්වාගෙන යාම අපි කලින් කියු ගැටලු වලට බලපාල තියෙන්නෙ. ලිංගික ක්‍රියාවලියේදී ගොඩක් දුරට මොළයෙන් හැගීම් නිදහස් වීමක් වෙනවා. එයට බලපාන්නේ මොළයේ තියෙන එන්ඩ්‍රොපින්ස්, ඔක්සිටොසීන් වගේ රසායනික ද්‍රව්‍ය. මේ රසායනන ද්‍රව්‍ය හැගීම් පාලනය කිරීම පහසු කරවනවා.

පුරස්ථ ග්‍රන්තයේ ඇතිවන පිලිකා
මෙය පිරිමින්ට විශේෂයි. පිරිමින් ලිංගිකත්වයෙන් වැලකී සිටීම නිසා පුරස්ථි ග්‍රන්ථයේ පිළිකා අවධානමක් ඇතිවිය හැකියි. මේ ගැන වැඩිදුර අධ්‍යනය කළ ඇමරිකාවේ මෞත්‍ර ලිංගික සංවිධානයට අනූව, පිරිමින් ලිංගිකත්වය හරියාකාරව සිදුකරනවානම් ප්‍රරස්ථි ග්‍රන්ථියේ පිළිකා අවධානම 20% කින් පමණ අඩු වෙන බව පෙන්වල තියෙනවා.

ලෙඩ නැති ශරීරයක්
ලිංගිකත්වය නිසා ලෙඩ රෝග අඩුවෙනවා කිව්වොත් ඔබ අසයි එහෙම වෙන්නේ කොහොමද කියලා. හොදයි එය වෙන්නේ මෙහෙමයි. ඔබගේ ප්‍රතිශක්තීකරනය වැඩිකිරීමක් මෙහිදී සිදුවෙනවා. ප්‍රතිශක්තීකරණය කියන්නේ ශරීරයට පැමිනෙන විශබීජ හා වෛරස් වෙනුවෙන් ශරීරය විසින්ම ප්‍රතික්‍රියා කිරීම. මේ ගැන වැඩිදුර අධ්‍යනය කරන පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයේ විල්කස් බාරි කියන විදිහට යම් පුද්ගලයෙක් සතියකට එක් වතාවක් හෝ දෙවතාවක් ලිංගිකව හැසිරෙනවා නම් ඔහුගේ ප්‍රතිශක්තීකරණය 30% කින් පමණ වැඩිවෙනවා. මෙය ඉදහිට ලිංගිකව හැසිරෙන අයත් සමග සංසන්ධනය කලොත් ඔවුන්ගේ ප්‍රතිශක්තීකරණය එලෙස වැඩිවීමක් සිදුවන්නේ නැතිබවක් තමයි පෙනී ගියේ.

බැක්ටීරියා අවදානම
මුත්‍රා මාර්ගය තුල සෑම පැය 24 කට වරක්ම 80% ක් පමණ බැක්ටීරියා ප්‍රමාණයක් නිපදනවා. මේවා සාමාන්‍යයෙන් ඉවත්වෙන්න විදිහක් නෑ. ලිංගික ක්‍රියාවලිය අතරතුර මේ බැක්ටීරියා මුත්‍රා මාර්ගය (මුත්‍රා වාහිනී) වෙතට තල්ලු වීමක් සිදුවෙනවා. ඒ කියන්නේ බැක්ටීරියා නැවත මුත්‍රා සමග පිටවීමක් තමයි එතනදි සිදුවෙන්නෙ. විශේෂයෙන්ම කාන්තාවන්ට මේ අවධානම වැඩියි. මේ නිසා සමහර විට මුත්‍රා මාර්ගය ඇතුලෙන් යම් යම් වේදනාවන් පවා ඇති වීමට පුළුවන්.

ඔබේ විවාහ ජීවිතය කඩා වැටීම
ලිංගික ක්‍රියාවලිය ඇනහිටීම සතුටට, සමීප බවට වගේම විවාහ ජීවිතයටත් ඛෙහෙවින්ම බලපානවා. විශේසඥයන් කියන විදිහට ලිංගිකත්වයක් නැතිව විවාහ ජීවිතයක් පවත්වාගෙන යාම ඔබ ඔබටම සිදුකරන අසාධාරණයක් වෙනවා, මේ නිසා වැරදි හැගිම් පවා ඇතිවෙන්න පුළුවන්.

ඔක්සිටොසීන් වගේ හෝර්මෝන වලත් අඩුබවක් ඇතිවෙනවා. ලීස් පැරොට් කියන භෞතිකවේදියා කියන විදිහට විවාහ වීමට පෙර ඔබේ විවාහ ජීවිතය සම්පූර්ණ කරගන්න. එසේ නැති වූනොත් ඔබ අනිත් අය දෙස ඔබ ඔබගේ විවාහ ජීවිතය හරහා බැලිම නිසා යම් යම් වේදනාකාරී තත්වයන්ද ඇතිවීමට පුළුවන්. ඒ ව‍ගේම ලිංගිකත්වය විවාහ වූ දෙදෙනෙකු අතර ඇතිවන දැඩි සම්බන්ධතාවයට ප්‍රධාන හේතුවක් වෙනවා. තවදුරටත් මේ ගැන පැහැදිලි කලොත් සිපගැනීම, අතින් අල්ලාගෙන යෑම සහ අපේක්ෂිත නොවූ ආකාරයේ ලිංගික යෝජනා වගේ දේවල් වලින් එකිනෙකාගේ හැගීම් උත්දීපනය කිරීමට හේතු වෙනවා.

ලිංගික අප්‍රාණිකත්වය
ඇමරිකානු වෛද්‍ය අධ්‍යන සගරාවකට අනූව ලිංගික ක්‍රියාවලිය සීමාකිරීම මුත්‍රා පද්ධතිය හා ඒ ආශ්‍රිතව ඇති පේශී වල ක්‍රියාකාරීත්වය ඇනහිටීමට හේතුවක්. ඒ වගේම එම පේශී වලට ව්‍යායාමයක් ලෙස ලිංගික ක්‍රියාවලිය පෙන්වල දෙන්න පුළුවන්. කාන්සාවක් දැනීම සහ ඒයට හරිහැටි හේතුවක් සොයාගැනීමට නොහැකි බව. මෙහිදී ඔබගේ ඇති පාළු ගතිය ඒ කියන්නේ කාන්සා සහිත බවක් එබට දැනෙනවා. ඒත් ඒ ගැන හරියටම ඔබට හේතුවක් සොයාගැනීමට බැරිවේවි. මේ ගැන තවදුරටත් හිතල බැලුවොත් මේ දේවල් සිදුවෙන්නේ ලිංගික ක්‍රියාවලිය නිසා සහ එය ඇනහිටීම නිසා. ගැඹුරු අධ්‍යනයන්ට අනූව විශේෂයෙන්ම කාන්තාවන්ගේ මේ තත්වය වැඩියෙන් පෙන්වනවා. ඒ කියන්නේ හැගීම් පහතට වැටීමක් තමයි මෙහිදි සිදු වෙන්නෙ. ඒ වගේම ශ්‍රක්‍රාණු වල ඇති මෙලටොනින්, සිරෝටොනින් සහ ඔක්සිටොසීන් වගේ දේවල් කාන්තාවන්ගේ හැගීම් නැංවීමට උපකාරී වෙනවා කියල තමයි විශේෂඥයන් වැඩිදුරටත් කියන්නේ.
( උපුටා ගැනීමක් )

Great sexpectations: How to have a good sex life in long-term relationships  | The Independent | The Independent
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top