කවදාවත් මෙහෙම අනතුරක් නිසා තමන්ගේ හොඳම මිතුරිය දුලාෂි අහිමි වෙයි කියලා මේ වෙනකොටත් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන රන්සරණී හීනෙකින්වත් හිතන්නේ නැතුව ඇති..
ඒත් අද දුලාෂි කවුරුත් හිතන්නේ නැති දුරකට ගිහිල්ලා..
පසුගිය 27වැනිදා බිබිල මොනරාගල මාර්ගයේ සිදුවූ බිහිසුණු අනතුරින් තුවාල ලබා රෝගල් ගත කළ සිසුවියන් දෙදෙනාගෙන් එක් අයෙක් ජීවිතක්ෂයට පත්වි තිබෙනවා... මෙලෙස මියගොස් ඇත්තේ මැදගම, නන්නපුරාව, ගාලබැඳිකැටිය පදිංචි බිබිල නන්නපුරාව මහා විද්‍යාලයේ දහවන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ආර්.එම්. දුලාෂි කේෂලා රත්නායක නමැති ශිෂ්‍යාවක් බවයි හිරු වාර්තාකරු සඳහන්කර සිටියේ...
මෙම සිසුවියන් දෙදෙනා උපකාරක පංතියකට සහභාගී වී සවස පහට පමණ බිබිල මොනරාගල මාර්ගයේ විදුහල ඉදිරිපිට රෙදිපිළි අලෙවි සලක් ඉදිරිපිට පාර අයිනේ තාර ගැට්ට අසල රැඳී සිට තිබෙනවා...
එම අවස්ථාවේ පැමිණි මෝටර් රථයේ රියැදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකි වී රථය මෙම සිසුවියන් දෙදෙනාගේ ඇගේ වැදී තිබෙනවා.. සිද්ධියට සම්බන්ධ මෝටර් රථයේ රියදුරු ලෙස කටයුතු කළ සංචාරක මඟ පෙන්වන්නකු වන 18 හැවිරිදි 07 කණුව, පුස්සැල්ලාව, තල්දෙන, බදුල්ල යන ලිපිනයේ පදිංචි අය අත්අඩංගුවට ගෙන ඇති අතර බිබිල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා...
මෙම සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ එම විදුහලේම දහවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන නන්නපුරාව, දිවියාපොළ, කෝන්ගොල්ල පදිංචි එච්.එම්. රන්සරණී අභිමානී නමැති සිසුවිය දැනට බිබිල මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිනවා..