Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
04
කොතරම් අසාධ්‍ය වුණත් ඇයට දැඩිසත්කාර ඒකකයේ ඉඩක් වෙන්කරගන්න බැරි වෙලා.. තෙල්දෙණිය රෝහලේදී අවසන් සුසුම් හෙළූ දිල්රුක්ෂි ගැන ඇසෙන අනුවේදනීය කතාව මෙන්න..

- කොතරම් අසාධ්‍ය වුණත් ඇයට දැඩිසත්කාර ඒකකයේ ඉඩක් වෙන්කරගන්න බැරි වෙලා.. තෙල්දෙණිය රෝහලේදී අවසන් සුසුම් හෙළූ දිල්රුක්ෂි ගැන ඇසෙන අනුවේදනීය කතාව මෙන්න..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8 Views
සිදුවුණේ කුමක්ද කියන එක ඇයට ආදරය කරන හැමෝටම තවමත් හීනයක් වගේ..

ඇයට වැළඳී තිබුණේ උණ, කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාව පමණයි.. 

කොහොම වුණත් ඇය දැන් සියල්ලන් තුළින් නික්ම ගොසින්.. මේ කියන්නේ ඒ ගැන ඇසෙන අනුවේදනීය කතාවයි... දිල්රුක්ෂි වික්‍රමනායක, කොළඹ වාණිජ මහාධිකරණයේ සංවර්ධන නිලධානියක ලෙස රැකියාවේ නිරත වූ ඇය උපාධිධාරීනියක්..

පසුගිය දිනක ඇයට වැළඳුනු අසනීප තත්වයක් එන්න එන්නම නරක අතර හැරුණු නිසා ඇය කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇය ඇතුළත් කළත් ඉන් පලක් වී නැහැ.. පසුව දිල්රුක්ෂි තෙල්දෙණිය රෝහලට රැගෙන ගොස් එහි දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළත් එහිදී ඇය ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබුණා.. මෙලෙස මියගොස් ඇත්තේ කුරුණෑගල, උහුමිය, කොට්ටයාය හන්දිය ප්‍රදේශයේ පදිංචිව සිටි බුලුවාන වත්තේ ගෙදර දිල්රුක්ෂි වික්‍රමනායක නමැති විසි නව හැවිරිදි තරුණියයි..

ඇය මීට මාස දහයකට පමණ ඉහත දී විවාහ වී තිබෙනවා.. ඇයට ඇතිවූ රෝගී තත්වය මත දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදිය යුතු වුවත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඇඳක් වෙන් කර ගැනීමට නොහැකි වූ නිසා, ඇයව තෙල් ල්දෙණියේ රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාරු කර යවා තිබුණා.. ඒ ගැන ඇගේ පියා පවසා තිබුණේ මේ වගේ කතාවක්..

"මියගොස් ඇත්තේ මගේ වැඩිමල් දියණියයි. දියණියට කැස්ස හෙම්බිරිස්සාව සහ උණ රෝගය වැළඳී තිබුණා. ඒ සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන්නා. දියණිය දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදිය යුතු වුවත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඇඳක් වෙන් කර ගැනීමට නොහැකි වූ නිසා තෙල්දෙණියේ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඇඳක් තිබෙන නිසා දුව සිහි නැති කර තෙල්දෙණිය රෝහලට මාරු කර යැව්වා, මට දැනුම් දුන් ගමන් මමයි බිරිඳයි මගේ බාල දියණි යයි ඥාති පුතකුයි තෙල්දෙණිය රෝහලට පිටත්ව ගියා. එම රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර ලබා දුන්නා. තෙල්දෙණිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ වෛද්‍යවරයකු මට දැනුම් දුන්නා දුව මිය ගිය බව"

රාත්‍රී 10.30 ට පමණ ඇය එම රෝහලට මාරු කර යවා තිබුණත් ඇය රාත්‍රී 11.50 ට පමණ මියගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.. මෙම මරණය සම්බන්ධයෙන් මරණ පරීක්ෂණය පැවැත් වූ තෙල්දෙණිය, උඩුදුම්බර හදිසි මරණ පරීක්ෂක පී.කේ. අබේරත්න විවෘත තීන්දුවක් ලබාදී තිබෙනවා..

මෙම මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වනු ලැබුවේ ඇත්තේ මහනුවර ජාතික රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි කේ.ජී.සී. එස්. චන්ද්‍රදාස පවත්වා ඇති අතර, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ විශේෂඥයන්ට යැවීමට සිරුරේ කොටස් ගත් සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී චන්ද්‍රදාස මහතා එම පරීක්ෂණ වාර්තා ලැබීමෙන් පසු මරණයට හේතු ප්‍රකාශයට පත් කරන බවයි..



 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top