රත්නපුර කහවත්ත ප්රදේශය.. කාලයකට කලින් ගොඩක් කතාබහට ලක්වුණේ ඒ ප්රදේශය ආශ්රිතව සිදුවුණු ඝාතන රැල්ල නිසා නේ..
ඒ අඳුරු කාලයෙන් පස්සේ ආයෙත් කහවත්ත ගැන කතාබහක් ඇතිවෙලා.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන කතාවයි..
කහවත්ත පොලිස් බල ප්රදේශයේ වැල්ලදුර සහ ඇල්ලගේවත්ත ප්රදේශයේ නිවාස කිපයකට පසුගිය දිනවලදි නිරුවතින් නිවැස්වලට සොරෙක් ඇතුළු වූ පුවතක් වාර්තා වෙනවා.. මේ නිසා ගම්වාසීන් භීතියට පත් වී සිටින බවයි වාර්තා වෙන්නේ..
මෙලෙස නිරුවතින් පැමිණ නිවාස කිහිපයක් බිඳ භාණ්ඩ ද සොරකම් කර මෙම පුද්ගලයා පලා ගොස් තිබෙනවා..
මෙලෙස පැමිණි එක් නිවෙසක ආරක්ෂක කැමරාවේ සිද්ධියට අදාළ දර්ශන පටිගත වී තිබෙනවා..
අළුයම කාලයේ නිවෙසක මුළුතැන් ගෙට ඇතුළු වු මෙම පුද්ගලයා එහි සිටි තරුණ කාන්තාවක් බියවද්දා තිබුණා.. ඒ අවස්ථාව දි ඇයගේ දරුවෙකු පැමිණි සොරාට පහර දෙන විට නිවෙස් හිමියාද පැමිණි විට නිරුවතින් සිටි සොරා පළා ගොස් ඇතැයි පොලිසියට පැමිණිලි කර තිබෙනවා..
සතියක කාලයක සිට සිදුවෙන මෙම සිදුවිම් ගැන කහවත්ත පොලිසිය විසින් මේ වන විට පරික්ෂණ ආරම්භ කර තිබෙනවා..
දිනමිණ ඇසුරෙන්..