පසුගියදා පැවති එංගලන්ත - ශ්‍රී ලංකා දෙවන ටෙසට් තරගයෙන්ද අවාසනාවන්ත ලෙස පරාජය වැලඳගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවුණා.
තරග දෙකක පරාජයෙන් පසුව හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න මාධ්‍යට අදහස් දක්වමින් තරගාවලි පරාජයට හේතු සදහන් කර සිටි අතර ඔහු පැවසුවේ මෙය ඔහුගේ එංගලන්තයේ ක්‍රීඩා කරන අවසන් තරගය වනු ඇති බවයි.
ඔහු දැක්වු අදහස් පහතින්.
''මම හිතන්නේ තරග දෙකම අපි ගොඩක් ළඟට ආවා. අපි තර්ජනයක් දෙන තරමට ආවා වුණත් මම හිතන්නෑ දිනන්න ඕනි තත්වෙට ගේන්න පුළුවන් වුණා කියලා. ගොඩක් වෙලාවට මැච් එකේ ගොඩක් හොඳ තැන්වල හිටියා. අපෙ එක සෙෂන් එකක් හෝ දෙකක් හරියට කරන්නේ නැති නිසා තමයි අපිට තරග දෙක පරාජයට පත් වුණේ. මේ තරගය හොඳින් ඉවර කරන්න ආසයි . ලේසි නෑ. මේ හැමදේම චැලේන්ජ් එකක්. චැලේන්ජ් එක භාර අරහෙන හොදින් ක්‍රීඩා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඊළඟ තරගය එංගලන්තයේ ක්‍රීඩා කරන මගේ අවසන් තරගය වෙයි. කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙනියන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක තමයි කරන්න පුළුවන් හොඳම දේ. ''
දෙවන ටෙස්ට් තරගයේ පලමු ඉනිම ක්‍රීඩා කල එංගලන්ත කණ්ඩායම සියල්ලන් දැවී ලකුනු 427ක් බලාගත් අතර ශ්‍රී ලංකාවට පළමු ඉනිමට සියල්ලන් දැවී ලබාගත්තේ ලකුනු 186ක් පමණයි.
දෙවෙනි ඉනිම සඳහා එංගලන්ත කණ්ඩායම ලකුනු 251ක් රැස්කල අතර ලකුණු 483ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට සියල්ලන් දැවී දෙවෙනි ඉනිමට ලබා ගත්තේ ලකුනු 292ක් පමණයි.
ඒ අනුව එංගලන්ත කණ්ඩායම ලකුනු 190 කින් මෙම තරගය ජහගත් අතර තරගාවලිය 2-0(3) ලෙස එක් තරගයක් ඉතිරිව තිබියදී ජය ගැනීමට සමත්වුණා.
ශ්‍රී ලංකා එංගලන්ත තුන්වන ටෙස්ට් තරගය එලඹෙන 6 වෙනිදා පැවැත්වීමට නියමිතයි.