මිතුරකුගේ මිතුරෙක්.සමහරවිට මේ කතාව කියවලා ඔබ මොන වගේ තීන්දු තීරණයකට එයිද කියන්න මම දන්නෙ නැහැ.
හැබැයි මේ වගේ සිද්ධි මේ සමාජය තුළ සිද්ධ වෙනවා.
ඔහු ඉගෙන තියෙන්නේ පෞද්ගලික විශ්ව විශ්යාලයක්.හෝව් හෝව් මේ කතාව ඔහුගේ හඬින් අහමු.
" මචං මම ඉගෙන ගත්තේ .... කැම්පස් එකේ. මම එතකොට හෝමාගම බෝඩ් වෙලා හිටියේ.දවසක් මම කැම්පස් එක ගාව රෙස්ටුරන්ට් එකක .... එකක් බිබී හිටියේ. එතනට ඇවිත් සුපිරි බෙන්ස් එකක් නැවැත්තුවා.බැස්සේ සාමාන්‍යයෙන් 59ක විතර පිරිමි කෙනෙක්.පෙනුමෙන් හෙන වැදගත් පාටයි.ඒ මනුස්සයත් .... පත්තු කරගෙන මම ඉන්න දිහාවට ඇවිත් මාත් එක්ක කයියට සෙට් වුනා.මොනවද කරන්නේ? ඉන්නේ කොහෙද? අරවා මේවා හැම ප්‍රස්නයක්ම ඇහුවා.''
මමත් ඉතිං මනුස්සයගේ විස්තර ඇහුවා. ඒක අහපුවාම තමයි මටත් විශ්වාස කරන්න බැරි වුනේ.මචං ඒ .... ලේකම් කෙනෙක්.කොහොම හරි අඳුරගෙන තියාගන්න එක වටින නිසා මමත් නම්බර එක ගත්තා.ඒ මනුස්සයත් අරන් ගියා.දවසක් ඒ මනුස්සයම මට කෝල් එකක් දීලා පොඩි ඩ්‍රින්ක් එකක් දාන්න කතා කලා.මමත් ඉතිං දෙපරක් නොහිතා ගියා.
ඒක අපාර්ට්මන්ට් එකක්.යද්දි හොඳ ඇඟ තියෙන කොල්ලෙක් ඇතුලෙ හිටියා.මමත් එච්චර ගනන් ගත්තේ නැහැ.
ඌත් මාව ගනන් ගත්තේ නැහැ.මමත් අර මනුස්සයා එක්ක කතා කර කර ඩ්‍රින්ක් එකක් දැම්මා.පලතුරු,අරවා මේවා හොඳට තිබුනා බයිට් එකට.ටික වෙලාවකින් මට මාර දෙයක් කිව්වා.අර ඉන්නේ මගේ බෝයි ෆ්‍රෙන්ඩ් කියලා අර කොල්ලව පෙන්නුවා.මට තරු විසික් වුනා.ඊට පස්සේ කිව්වා මට ඔයාට ආස හිතුනා ඒකයි කතා කලේ කියලා.පස්සේ අර කොල්ලා එහෙ මෙහෙ වෙනකන් ඉඳලා මට යෝජනාවක් කලා.
මට දැන් දුවන්න ඕනි.ඒත් කොහොමද මාරු වෙන්නේ කියලා හිතාගන්න බැරුව හිටියා.පස්සේ ඒ මනුස්සයා මට රු 25000ල්ක් අතට දීලා අද නෙවෙයි මම කෝල් එකක් දෙන්නම් කිව්වා.දෙයියෝ මාව බේරුවා වගේ.මම ඉක්මනින් ඒ 25000ත් අරගෙන ආවා.ඇවිල්ලා නම්බර් පවා බ්ලොක් කල.මට ඒ තරම් බයක් දැනුනා.මට ඒ මනුස්සයා සමලිංගික වුන එක අව්ලක් නෑ මචං.හැබැයි අර වගේ යෝජනාවක්.අර බෝයි ෆ්‍රෙන්ඩ් කියන කොල්ලත් ඉද්දි.මට හිතාගන්න බැරි වුනේ ඒකයි."
මේ තමයි ඒ කතාව.සමහරවිට ඔබට සමාජයේදී මේ වගේ අය මුන ගැසේවී නමුත් ඉන් එහාට ගන්න තීරන ඔබගේ අයිතියක්....