කතරගම දේවාලය මඟින් ඉදිකළ මහරගම අපේක්ෂා රෝහලේ නව ළමා වාට්ටු සංකීර්ණය අද (03) පෙරවරුවේ විවෘත කළා.
වාට්ටු සංකීර්ණය විවෘත කිරීම රෝහලේ ප්‍රතිකාර ලබන දරුවන් අතින් සිදුකෙරුණා.
රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකරගේ සංකල්පයක් මතයි මෙය ආරම්භ කෙරුණේ.
බැතිමතුන්ගේ පඬුරු ආධාර මෙන්ම විවිධ පිරිස්වල පරිත්‍යාග රුපියල් මිලියන 156ක වියදමකින් මෙම වාට්ටු සංකීර්ණය නිමකර තිබෙනවා.
මෙම වාට්ටුවේ ළමුන් 75 දෙනකුට ප්‍රතිකාර ලබා ගත හැකි අතර, දරුවන් සඳහා විවිධ ක්‍රියාකාරකම් කිරීමට හැකි ස්ථාන සහිතවයි මෙය නිමවා ඇත්තේ.
විවෘත කිරීමේ උත්සවය පැය භාගයකට සීමා වූ අතර කිසිදු දේශපාලනඥයෙකු සහභාගී නොවීම විශේෂයක්.
ඒ අනූව අපේක්ෂා රෝහලේ දැරියක් පමණක් උත්සව සභාව අමතනු ලැබුවා.